Home Sinhala 146 වැනි නිල් මහා සටනේ ජය සාන්ත තෝමස් විද්‍යාලයට!

146 වැනි නිල් මහා සටනේ ජය සාන්ත තෝමස් විද්‍යාලයට!

146th Battle Of The Blues 2025

24
146th Battle

පාසල් ක්‍රිකට් වසන්තයේ තවත් ප්‍රමුඛ පෙළේ තරගයක් වන කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වුණු 146 වැනි නිල් මහා සටන ක්‍රිකට් තරගයෙන් කඩුලු 05ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අද (08) සමත් වුනා.

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පසුගිය 06 වැනි දා ආරම්භ වූ මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ රාජකීය විද්‍යාලය ලකුණු 319ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් පිළිතුරු ලබා දුන් සාන්ත තෝමසුවන් සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 302ක් ලබා ගැනීමට සමත් වුනා.

තරගයේ පළමු දින දෙක තුළ මෙම ඉනිම් ද්විත්වය පමණක් ක්‍රියාත්මක වූ අතර, එම දින දෙක තුළ රාජකීය විද්‍යාලය වෙනුවෙන් රෙහාන් පීරිස් සහ සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් දිනෙත් ගුණවර්ධන ශතක වාර්තා කිරීමට සමත් වුනා.

තරගයේ තෙවැනි දිනය වූ අද දිනයේ දී රාජකීය විද්‍යාලය තෝමසුවන්ට වඩා ලකුණු 17ක් පෙරමුණේ පසු වෙමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර, ඔවුන් පන්දුවාර 51ක් තුළ කඩුලු 08ක් දැවී යමින් ලකුණු 215ක් ලබා ගැනීමට සමත් වුනා.

මෙහි දී නැවතත් පිත්තෙන් සාර්ථක වූ රෙහාන් ලකුණු 53ක් ලබා ගැනීමට සමත් වූ අතර, පන්දුවෙන් කඩුලු 05 දස්කමක් ප්‍රදර්ශනය කළ රමිරු පෙරේරා ද මෙහි දී අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා.

මෙහි දී සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඩේරියන් ඩියෙගෝ කඩුලු 05 දස්කමක් දැක්වීමට සමත් වුනේ ඒ අතරට පිට පිට කඩුලු 3ක් දවා ගැනීමේ අවස්ථාවක් ද එක් කර ගනිමින් වීම විශේෂත්වයක්.

මේ අනුව ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 233ක ඉලක්කයක් හිමි වූ අතර, ඉතිරිව තිබූ සීමිත කාල සීමාව නිසාම බැලූ බැල්මට එය තරමක් අසීරු හඹා යාමක් බව පෙනෙන්නට තිබුණා.

කෙසේ වෙතත් තෝමසුවන් විසින් එය එසේ නොවන බව සනාථ කිරීමේ සටනකට මුල පිරූ අතර, ඒ වෙනුවෙන් ආරම්භක පිතිකරු ජේඩන් අමරවීර ලකුණු 48ක් එක් කළා.

ඉනිමේ අංක පහ පිතිකරු වූ සදෙව් සොයිසා විසින් ඉනිමට අවශ්‍ය ලකුණු  ලබා ගැනීමේ වේගය සකසා දීමට සමත් වුනේ පන්දු 32ක පමණක් වැය කරමින් ලකුණු 52ක් ලබා ගනිමිනුයි. ඒ වෙනුවෙන් ඔහු හතරේ පහර 04ක් මෙන්ම, හයේ පහර 03ක් ද එල්ල කළා.

මීට අමතරව නැවතත් තෝමසුවන්ගේ පිතිකරණ අංශයේ ප්‍රධාන බල කණුව බවට පත් වූ දිනෙත් ගුණවර්ධන නොදැවුණු ලකුණු 50ක් වාර්තා කිරීමට සමත් වුනේ පන්දු 47ක් පමණක් වැය කරමිනුයි.

මේ අතර ඔහුගේ සහයට එක් වූ රෙශෝන් සොලමන්ස් ද පන්දු 47ක් පමණක් වැය කරමින් නොදැවී ලකුණු 50ක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඔවුන් දෙදෙනාගේ සහයෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය පන්දුවාර 40 පන්දු 5ක් පමණක් වැය කරමින් අදාළ ඉලක්කය හඹා යාමට සමත් වුනා. මෙහි දී රාජකීය විද්‍යාලය වෙනුවෙන් නැවතත් පන්දුවෙන් සාර්ථක වූ රමිරු පෙරේරා කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අවසන් වරට නිල් මහා සටන ක්‍රිකට් තරගයක් ජයග්‍රහණය කිරීමට සමත් වී තිබුණේ 2018 වසරේ දී වන අතර, ඒ අනුව ඔවුන් වසර 07කට පසුව නැවතත් කුසලානය තමන් සන්තකයට ගැනීමට සමත් වුනා. එමෙන්ම මෙය තෝමසුවන්ගේ 36 වැනි ජයග්‍රහණය වන අතර, ඒ අනුව පාසල් ද්විත්වය ම මේ වන විට ජයග්‍රහණ 36 බැගින් ලබමින් සම තත්වයේ පසුවනවා.

තරගයේ පළමු දින ද්විත්වය තුළ ම නොතිබූ උණුසුමක් සමඟ ක්‍රියාත්මක වූ තෙවැනි දිනය තුළ දෙපිළම කරට කර සටනක නිරත වූ අතර, එක් ක්‍රීඩකයකු, දෙදෙනෙකු පමණක් නොවී පාසල් ද්විත්වය ම නියෝජනය ක්රන ක්‍රීඩකයින් බොහෝ දෙනෙකු තම උපරිම දක්ෂතා දැක්වීමට සමත් වීම මෙහි දී විශේෂයෙන්ම අගය කළ යුතු කරුණක්.

එමෙන්ම මෙම තරගයේ සජීවී දසුන් ඔබ වෙත සමීප කළ සේම 2025 පාසල් ක්‍රිකට් වසන්තයේ සියලු උණුසුම් තරග දසුන්, තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Royal College
319/7 (78) & 215/8 (51)

S. Thomas’ College
302/10 (103) & 233/5 (40.5)

Batsmen R B 4s 6s SR
Rehan Peris c Reshon Solomons b Darien Marlon Diego 158 220 21 3 71.82
Hirun Liyanarachchi b Kavindu Dias 9 14 1 0 64.29
Isula Geeganage lbw b Kavindu Dias 4 14 0 0 28.57
Vimath Dinsara c Jaden Amaraweera b Aaron De Silva 25 71 3 0 35.21
Ramiru Perera c Yowel Warnakulasuriya b Darien Diego 15 29 2 0 51.72
Thevindu Wewalwala c & b Dineth Gunawardena 48 83 6 0 57.83
Yasindu Dissanayake not out 25 23 4 1 108.70
Sehandu Sooriyaarachchi b Aaron De Silva 1 12 0 0 8.33
Ranuka Malaviarachchi not out 4 8 0 0 50.00


Extras 30 (b 19 , lb 0 , nb 5, w 6, pen 0)
Total 319/7 (78 Overs, RR: 4.09)
Bowling O M R W Econ
Kavindu Dias 20 3 71 2 3.55
Jaden Amaraweera 9 2 30 1 3.33
Ayman Anzary 8 0 31 0 3.88
Aaron De Silva 12 1 65 1 5.42
Dineth Gunawardena 15 0 60 1 4.00
Darien Marlon Diego 14 1 43 2 3.07
Batsmen R B 4s 6s SR
Jaden Amaraweera lbw b Ranuka Malaviarachchi 31 62 6 0 50.00
Avinash Fernando c Vimath Dinsara b Ranuka Malaviarachchi 50 104 7 0 48.08
Sadev Soysa c Sandul Abeywardene b Thevindu Wewalwala 28 82 1 1 34.15
Dineth Goonewardene c & b Ramiru Perera 119 165 17 1 72.12
Mithila Charles c Yasindu Dissanayake b Ranuka Malaviarachchi 7 33 1 0 21.21
Reshon Solomons c Sandul Abeywardene b Ramiru Perera 17 30 3 0 56.67
Sachithra Gunasinghe c Vimath Dinsara b Ramiru Perera 0 17 0 0 0.00
Darien Diego c Vimath Dinsara b Sandul Abeywardene 0 13 0 0 0.00
Kavindu Dias not out 37 100 5 0 37.00
Aaron De Silva b Ramiru Perera 0 10 0 0 0.00
Ayman Anzary lbw b Ramiru Perera 0 3 0 0 0.00


Extras 13 (b 0 , lb 6 , nb 1, w 6, pen 0)
Total 302/10 (103 Overs, RR: 2.93)
Bowling O M R W Econ
Ranuka Malaviarachchi 23 7 72 3 3.13
Kuchila Ranmandala 20 8 46 0 2.30
Sandul Abeywardene 11 1 54 1 4.91
Sehandu Sooriyaarachchi 18 2 45 0 2.50
Ramiru Perera 22 4 58 5 2.64
Hirun Liyanarachchi 2 0 3 0 1.50
Thevindu Wewalwala 3 1 10 1 3.33
Vimath Dinsara 4 0 13 0 3.25
Batsmen R B 4s 6s SR
Rehan Peiris lbw b Darien Diego 53 113 2 1 46.90
Hirun Liyanarachchi run out (Ayman Anzary) 37 68 5 1 54.41
Vimath Dinsara b Dineth Goonewardene 35 21 5 1 166.67
Isula Geeganage c Kavindu Dias b Dineth Goonewardene 0 4 0 0 0.00
Ramiru Perera c Sadev Soysa b Darien Diego 50 53 4 1 94.34
Thevindu Wewalwala c Dineth Goonewardene b Darien Diego 13 23 0 0 56.52
Yasindu Dissanayake not out 17 15 0 1 113.33
Sehandu Sooriyaarachchi lbw b Darien Diego 0 1 0 0 0.00
Ranuka Malaviarachchi b Darien Diego 0 1 0 0 0.00
Sandul Abeywardene not out 1 9 0 0 11.11


Extras 9 (b 5 , lb 0 , nb 2, w 2, pen 0)
Total 215/8 (51 Overs, RR: 4.22)
Bowling O M R W Econ
Kavindu Dias 7 0 37 0 5.29
Aaron De Silva 18 3 73 0 4.06
Ayman Anzary 4 0 14 0 3.50
Dineth Goonewardene 11 0 51 2 4.64
Darien Diego 11 0 40 5 3.64


Batsmen R B 4s 6s SR
Jaden Amaraweera b Ramiru Perera 48 65 8 0 73.85
Avinash Fernando c Vimath Dinsara b Ranuka Malaviarachchi 5 15 1 0 33.33
Mithila Charles lbw b Ramiru Perera 26 38 2 1 68.42
Sadev Soysa c Vimath Dinsara b Ramiru Perera 52 32 4 3 162.50
Dineth Goonewardene not out 50 47 1 0 106.38
Sachithra Gunasinghe lbw b Ranuka Malaviarachchi 0 1 0 0 0.00
Reshon Solomons not out 50 47 5 0 106.38


Extras 2 (b 0 , lb 0 , nb 0, w 2, pen 0)
Total 233/5 (40.5 Overs, RR: 5.71)
Bowling O M R W Econ
Ranuka Malaviarachchi 11 1 63 2 5.73
Kuchila Ranmandala 4 2 17 0 4.25
Sandul Abeywardene 7 1 32 0 4.57
Sehandu Sooriyaarachchi 3 0 14 0 4.67
Ramiru Perera 12.5 0 79 3 6.32
Thevindu Wewalwala 3 0 28 0 9.33