ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ 3 වැනි දිනය (7) නිමාවෙද්දී 2 වැනි ඉනිමට ක්‍රීඩා කරන Bloomfield කණ්ඩායම කිසිවෙක් නොදැවී ලකුණු 2ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන් මේ වන විට ප්‍රතිවාදී NCC කණ්ඩායමට වඩා ලකුණු 198ක් ඉදිරියෙන් පසුවෙමින් තරගයේ සියලු ගෞරව ලබා ගන්නවා.
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Bloomfield කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 508ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් අද NCC කණ්ඩායමට තම පළමු ඉනිමට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 312ක් පමණයි.
ඒ අනුව ලකුණු 196ක් ඉදිරියෙන් සිටි Bloomfield කණ්ඩායම අද දිනයේ අවසන් පන්දුවාරයට ක්‍රීඩා කිරිමට පිටියට පිවිසියා.
දින 2ක් තිස්සේ පන්දු රැකි NCC ක්‍රීඩකයෝ අද උදෑසන ම තම පිතිහරඹය සඳහා පිටියට පිවිසිය ද ඔවුන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ අවාසනාවන්ත ආරම්භයක්. ඉනිමේ 2 වැනි පන්දුවාරයේ දී ලකුණු පුවරුව 7ක් වෙද්දී නිරෝෂන් දික්වැල්ල ලකුණු 2කට දැවී යනවා.
අනතුරු ව පිටියට එක් වෙන්නේ පැතුම් නිස්සංක. පැතුම් සහ අනෙක් ආරම්භක පිතිකරු ලහිරු උදාර සියලු වස්දොස් දුරලමින් 2 වැනි කඩුල්ලට පන්දු 115ක දී ලකුණු 91ක් එක් කරනවා. පැතුම් නිස්සංක පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 29ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා.
එතැන් සිට නැවතත් දීර්ඝ ලකුණු සබඳතාවක් ගොඩ නැගීමට ලහිරු උදාර සහ කමිල් මිෂාර සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට ලකුණු 111ක සබඳතාවක් ගොඩ නගන්නේ පන්දු 177කට මුහුණ දෙමිනුයි.
කමිල් මිෂාර පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 40ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟන් එම කඩුල්ලේ සබඳතාව ද බිඳී යනවා. ඉන් අනතුරු ව ලකුණු පුවරුවට ලකුණු 6ක් එක් වෙද්දී නායක සහන් ආරච්චිගේ ලකුණු 4කට දැවී යනවා.
- Bloomfield 508/10
- රොන් ලකුණු 5000 සමාජයට
- කොළඹ 7 Major Club ගැටුම
- තරිඳු රත්නායක ඉනිමක කඩුලු 9ක් දවා ගනී
- Bloomfield 8 වැනි කඩුල්ලේ දී ගොඩ යයි
තමන් මුහුණ දුන් 104 වැනි පන්දුවේ දී පළමු පෙළ තරග දිවියේ 15 වැනි ශතකය වාර්තා කළ ලහිරු උදාර ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙසින් දැවී යන විට පන්දු 191කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 145ක් ලබා සිටියා. ඔහුගේ ඉනිම NCC කණ්ඩායමට අහිමි වෙද්දී ලකුණු පුවරුව දැක් වුණේ කඩුලු 5කට ලකුණු 254ක් ලෙසයි.
අනතුරු ව කවින් බණ්ඩාර පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 36ක් ලබා ගනිමින් 6 වැනි කඩුල්ලට පිටියෙන් ඉවත් වන අතර ඊට පසුව පිටියට පිවිසි චාමික කරුණාරත්න (17), අසේල් සිගේරා (8), චාමික ගුණසේකර (0) සහ ලහිරු කුමාර (0) තම කඩුලු අහිමි කර ගන්නවා. NCC ඉනිම අවසන් වෙද්දී අශේන් ඩැනියෙල් පන්දු 39කට මුහුණ දෙමින් ලකුණු 16ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 64කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර රවිඳු ප්‍රනාන්දු ද ලකුණු 84කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතර ව ඉසිත විජේසුන්දර, දුලාජ් සමුදිත සහ සහන් නානායක්කාර කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Bloomfield – පළමු ඉනිම සියලුම දෙනා දැවී 508 (174.0) හසිත බෝයගොඩ 52, රොන් චන්ද්‍රගුප්ත 237, අසිත වන්නිනායක 96, නිපුන් කරුණානායක 37, ලහිරු මදුශංක 55, ලහිරු කුමාර 6/87, අශේන් ඩැනියෙල් 2/93
- NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 312 (85.5) ලහිරු උදාර 145, පැතුම් නිස්සංක 29, කමිල් මිෂාර 40, කවින් බණ්ඩාර 36, ජෙෆ්රි වැන්ඩර්සේ 4/64, රවිඳු ප්‍රනාන්දු 3/84
- Bloomfield – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 2 (1.0)
මෙම තරගය හෙට (08) සිව් වැනි සහ අවසන් දිනයට ආරම්භ වීමට නියමිතයි.
SLC Major Club ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<