Home Sinhala හර්ෂිතා ගේ උත්සාහය අපතේ යයි, නවසීලන්තය ඉදිරියට

හර්ෂිතා ගේ උත්සාහය අපතේ යයි, නවසීලන්තය ඉදිරියට

Sri Lanka Women tour of New Zealand

20
Sri Lanka women's Tour of New Zealand

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය 1-0ක් ලෙසින් පෙරමුණ ගැනීමට සත්කාරක ක්‍රීඩිකාවෝ අද (7) සමත් වුනා.

දෙරට අතර Napier හී McLean Park ක්‍රීඩාංගණයේ දී පැවැති පළමු තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් වූ අතර Nelson හී Saxton Oval ක්‍රීඩාංගණයේ දී අද නිමා වූ තරගයේ දී නවසීලන්ත ක්‍රීඩිකාවෝ ලකුණු 78ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 7ක් දැවී ලකුණු 245ක් ලබා ගන්නා ලද අතර ඊට පිළිතුරු ඉනිමේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 167ක් පමණයි.

අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සේ ම නවසීලන්ත කණ්ඩායම ද පෙර තරගයට එක් වූ ක්‍රීඩිකාවන් කෙරෙහි ම විශ්වාසය තබා ගනිමින් කිසිදු වෙනස්කමක් සිදු නොකර කැඳවා තිබුණා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, මනුදි නානායක්කාර, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), නිලක්ෂිකා සිල්වා, කවීෂා දිල්හාරි, චේතනා විමුක්ති, සුගන්දිකා කුමාරි, ඉනෝෂි ප්‍රියදර්ශනී, අචිනි කුලසූරිය.

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම

Suzie Bates (c), Georgia Plimmer, Emma McLeod, Brooke Halliday, Maddy Green, Isabella Gaze, Jess Kerr, Polly Inglis (wk), Hannah Rowe, Eden Carson, Bree Illing

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩිකාවන්ගේ ආරම්භ අසාර්ථක කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වීම කැපී පෙණුනා. ඒ අනුව ඔවූන්ගේ පළමු කඩුලු 4 ලකුණු 59ක් තුළ නැවත ක්‍රීඩාගාරයට හරවා යැවුණා.

නමුත් එතැන් සිට තත්ත්වය වෙනස් කිරීමට නවසීලන්ත පිතිකාරිනියෝ සමත් වූවා. එහි පළමු පියවර වූයේ 5 වැනි කඩුල්ලට පන්දු 69ක දී එක් වූ ලකුණු 51 ක සබඳතාවයි.

Maddy Green  සහ  Isabella Gaze ඊට මූලිකත්වය ගත් අතර ඒ අතුරින් Isabella Gaze පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් වීමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටුණා.

අනතුරු ව නැවත වතාවක් ශ්‍රී ලංකා පන්දු යවන්නියන් වෙහෙසට පත් කරමින් 6 වැනි කඩුල්ලේ දී ලකුණු 73ක සබඳතාවක් එක් කිරිමට Maddy Green   සහ Jess Kerr සමත් වුනා. පන්දු 79ක් වැය ව තිබූ එම සබඳතාව බිඳ වැටෙන්නේ Jess Kerr ගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය දැවී යද්දී පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 38ක් ලබා සිටියා.

නවසීලන්ත ඉනිම අවසන් වෙද්දී Maddy Green   සහ Polly Inglis එක් ව 7 වැනි කඩුල්ලට පන්දු 44ක දී ලකුණු 62ක සබඳතාවක් එක් කරනවා. ඉනිම අවසන් වීමට පෙර පන්දුවේ දී තම එක්දින ජාත්‍යන්තර තරග පිටියේ 2 වැනි ශතකය වාර්තා කරන Maddy Green ඉනිමේ අවසන් පන්දුවේ දී  දුවද්දී දැවී යද්දී ඇය ඉදිරියේ ලකුණු 100 සටහන් ව තිබූණා. ඇයගේ එම ඉනිමට පන්දු 109ක් වැය ව තිබූ අතර හතරේ පහර 7ක් ද ඒ අතර රැඳී තිබුණා.

අනෙක් අන්තයෙන් පිටියේ රැඳි සිටි Polly Inglis පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 34ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී චමරි අතපත්තු ලකුණු 42කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව ඉනෝෂි ප්‍රියදර්ශනී, කවිෂා දිල්හාරි සහ අචිනි කුලසූරිය කඩුල්ලක් බැගින් දවා ගත්තා.

ශ්‍රී ලංකා ඉනිම සුපුරුදු ලෙසින් විශ්මි ගුණරත්න සහ චමරි අතපත්තු විසින් ආරම්භ කළ ද ඔවුන්ට තම කණ්ඩායම වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබා දීමට හැකි වෙන්නේ නැහැ. ඔවුන් අතුරින් පළමුවෙන් ම නායිකා චමරි අතපත්තු ලකුණු 11කට ද සහ විශ්මි ගුණරත්න ලකුණු 8කට ද දැවී යනවා. එම අවස්ථාවේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක් වුණේ කඩුලු 2ක් දැවී ලකුණු 31ක් ලෙසයි.

අනතුරු ව 3 වැනි කඩුල්ලේ දී ලකුණු 68ක සබඳතාවක් එක් කිරිමට හර්ෂිතා සමරවික්‍රම සහ කවීෂා දිල්හාරි සමත් වෙනවා. ඔවුන් දෙදෙනා මේ සඳහා පන්දු 81ක් වැය කරනවා. කවීෂා දිල්හාරි පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් වීමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව ද බිඳ වැටෙනවා.

අනතුරු ව පිටියට එක් වූ මනුදි නානායක්කාර ලකුණු නොලබා ම දැවී යද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 4ක් දැවී ලකුණු 101ක් බවට පත් වුනා.

තමන් මුහුණ දුන් 61 වැනි පන්දුවේ දී මෙම තරගාවලියේ පිට පිට ලබා ගත් දෙවැනි අර්ධ ශතකයත් වාර්තා කිරීමට හර්ෂිතා සමරවික්‍රම සමත් වෙනවා. 5 වැනි කඩුල්ල ලෙසින් ඇය පිටියෙන් ඉවත් ව යද්දී පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 59ක් ලබා සිටි අතර එය ඇය ගේ එක්දින ජාත්‍යන්තර තරග පිටියේ 3 වැනි අර්ධ ශතකය බවට පත් වුනා.

ඇයගේ දැවී යෑමෙන් අනතුරු ව නිලක්ෂිකා සිල්වා පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 20කට ද, අනුෂ්කා සංජීවනී පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 13කට ද දැවී ගියා.

අනතුරු ව අචිනි කුලසූරිය (1), ඉනෝෂි ප්‍රියදර්ශනී (0) සහ චේතනා විමුක්ති (3) ද අඩු ලකුණුවලට තම ඉනිම් සීමා කර ගනිද්දී එක් අන්තයක හුදකලා වූ සුගන්දිකා කුමාරි ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙද්දී පන්දු 33කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 11ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී  Hannah Rowe ලකුණු 31කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව  Eden Carson සහ Bree Illing කඩුලු ද්විත්වය බැගින් ද Suzie Bates කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 245 (50.0) Georgia Plimmer 28, Maddy Green 100, Jess Kerr 38, Polly Inglis නොදැවී 34, චමරි අතපත්තු 2/42
  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 167 (46.4) හර්ෂිතා සමරවික්‍රම 59, කවීෂා දිල්හාරි 25, නිලක්ෂිකා සිල්වා 20, Bree Illing 2/45, Hannah Rowe 4/31, Eden Carson 2/30

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 78ක ජයක්.

තරගයේ වීරයා – Maddy Green (නවසීලන්තය)

දෙරට අතර පැවැත්වෙන 3 වැනි සහ අවසන් එක්දින ජාත්‍යන්තර තරගය මාර්තු මස 09 වැනිදා Nelson හී Saxton Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා – නවසීලන්ත කාන්තා තරග සංචාරයේ  උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

Result


New Zealand Women
245/7 (50)

Sri Lanka Women
167/10 (46.4)

Batsmen R B 4s 6s SR
Suzie Bates run out (Kavisha Dilhari) 5 14 0 0 35.71
Georgia Plimmer c Manudi Nanayakkara b Chamari Athapaththu 28 54 4 0 51.85
Emma McLeod c Sugandika Kumari b Achini Kulasuriya 6 9 0 0 66.67
Brooke Halliday c Achini Kulasuriya b Chamari Athapaththu 6 16 0 0 37.50
Maddy Green run out (Nilakshika Silva) 100 109 7 0 91.74
Isabella Gaze c Inoshi Priyadarshani b Kavisha Dilhari 19 33 1 0 57.58
Jess Kerr b Inoshi Priyadarshani 38 44 2 0 86.36
Polly Inglis not out 34 21 5 0 161.90


Extras 9 (b 0 , lb 3 , nb 0, w 6, pen 0)
Total 245/7 (50 Overs, RR: 4.9)
Bowling O M R W Econ
Achini Kulasuriya 9 0 46 1 5.11
Inoshi Priyadarshani 9 0 43 1 4.78
Chethana Vimukthi 5 0 29 0 5.80
Sugandika Kumari 9 1 38 0 4.22
Chamari Athapaththu 10 1 42 2 4.20
Kavisha Dilhari 8 0 44 1 5.50


Batsmen R B 4s 6s SR
Vishmi Gunaratne c Jess Kerr b Hannah Rowe 8 16 1 0 50.00
Chamari Athapaththu c Hannah Rowe b Bree Illing 11 16 2 0 68.75
Harshitha Samarawickrama c Brooke Halliday b Hannah Rowe 59 77 4 0 76.62
Kavisha Dilhari c Polly Inglis b Eden Carson 25 42 1 0 59.52
Manudi Nanayakkara c Polly Inglis b Bree Illing 0 8 0 0 0.00
Nilakshika Silva lbw b Suzie Bates 20 44 1 0 45.45
Anushka Sanjeewani run out (Jess Kerr) 13 19 1 0 68.42
Sugandika Kumari not out 11 33 0 0 33.33
Achini Kulasuriya c Emma McLeod b Hannah Rowe 1 3 0 0 33.33
Inoshi Priyadarshani c Polly Inglis b Hannah Rowe 0 8 0 0 0.00
Chethana Vimukthi c Suzie Bates b Eden Carson 3 14 0 0 21.43


Extras 16 (b 1 , lb 1 , nb 0, w 14, pen 0)
Total 167/10 (46.4 Overs, RR: 3.58)
Bowling O M R W Econ
Bree Illing 10 0 45 2 4.50
Jess Kerr 10 1 23 0 2.30
Hannah Rowe 10 1 31 4 3.10
Eden Carson 8.4 0 30 2 3.57
Brooke Halliday 3 0 21 0 7.00
Suzie Bates 5 0 15 1 3.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<