ඕස්ට්‍රේලියාවෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස සැලකිය හැකි Steven Smith එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.
මේ දිනවල ක්‍රියාත්මක වන ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගයක දී ඉන්දියාව හමුවේ ලද පරාජයෙන් පසුව Smith තම සමුගැනීම ප්‍රකාශයට පත් කළ නමුත්, ඔහු ඉදිරියටත් ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ මෙන්ම, ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ දීද දැක ගැනීමට හැකි වනු ඇති.
මේ වන විට 35 හැවිරිදි වියේ පසු වන Smith විසින් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 170ක් ක්‍රීඩා කරමින් ලකුණු 5800ක් ලබා ගැනීමට සමත් වී ඇති අතර, ඒ වෙනුවෙන් ඔහුගේ පිත්තෙන් ශතක 12ක් සහ අර්ධ ශතක 35ක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම ඔහු විසින් එක්දින කඩුලු 28ක් ද දවා ගැනීමට සමත් වී තිබීම විශේෂත්වයක්.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
ඔහු විස්සයි විස්ස පිටියට සමු නොදුන්නත්, ඉදිරියට ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස ක්‍රිකට් සඳහා Smithගේ නම සලකා නොබැලෙණු ඇති. කෙසේ වෙතත් එළඹෙන 2028 ඔලිම්පික් උළෙලේ දී (විස්සයි විස්ස තරග රටාවෙන්) අවශ්‍ය නම් ඕස්ට්‍රේලියාව නියෝජනය කිරීමට සූදානමින් සිටිනා බව ඔහු සඳහන් කර තිබුණා.
Smith 2015 සහ 2023 ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායම් වෙනුවෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වූ අතරම, 2015 වසරේ සිට එක්දින තරග 64ක දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවීමට ද වරම් ලබා ගත්තා.
ඕස්ට්‍රේලියාවෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයින් අතරට මෙන්ම, නායකයින් අතරට ද එක් වීමට සමත් වූ Smith හට සිය නායකත්වය සමඟ ඕස්ට්‍රේලියාවට එක්දින ලෝක ශූරතාවක් ජයග්‍රහණය කර දීමට නොහැකි වීම කනගාටුවට කරුණක්.
කෙසේ වෙතත් Smithගේ මෙම සමුගැනීමෙන් පසුව ඔහු විදෙස් ලීග් ක්‍රිකට් තරගවලිවල දී වැඩි වශයෙන් දැක බලා ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට හිමි වනු ඇති.
දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<