ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ සීමිත පන්දුවාර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග ඊයේ (03) සහ අද (04) දිනයේ ක්‍රියාත්මක වුනා.
මෙම දින දෙක තුළ තරග හතරක් ක්‍රියාත්මක වූ අතර, එම තරගවල දී ජයග්‍රහණය ලබා ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය, කැලණිය ගුරුකුල විද්‍යාලය, කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ කඳාන ද මැසනඩ් විද්‍යාලය සමත් වුනා.
මේ අතර අතුරින් කැලණිය ගුරුකුල විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර පැවැත්වුණු තරගයේ දී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය ලකුණු 39කට දැවී යාම විශේෂ අවධානයකට ලක් වුනා.
මේ අතර පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය වෙනුවෙන් චනුල් දිනෝත් කඩුලු 4ක් බිඳ හෙළීම, කැලණිය ගුරුකුල විද්‍යාලය වෙනුවෙන් තරුෂ කොඩිකාර කඩුලු 06ක් බිඳ හෙළීම, කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් ඩේමියන් ද සිල්වා කඩුලු 4ක් බිඳ හෙළීම සහ කඳාන ද මැසනඩ් විද්‍යාලය වෙනුවෙන් ඩිනෝශ් ජෙලෝන් පන්දුවෙන් කඩුලු 4ක් බිඳ හෙළමින්, පිත්තෙන් ලකුණු 51ක් ලබා ගැනීම මෙම තරගවල කැපී පෙනන දක්ෂතා ලෙස හැඳින්විය හැකි.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
කොළඹ ඉසිපතන විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය
(BRC ක්‍රීඩාංගණයේ දී)
- ඉසිපතන විද්‍යාලය – 126/10 (44.3) නවිඳු හෙට්ටිආරච්චිගේ 25, සදෙව් හෙට්ටිආරච්චි 3/21, මෙවිඳු කුමාරසිරි 3/14, බිහඟ සිල්වා 3/32
- පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය– 114/10 (28.4) අකිල වෙදමුල්ල 30, චනුල් දිනෝත් 4/24
DLS න්‍යාය අනුව කොළඹ ඉසිපතන විද්‍යාලයට ලකුණු 12ක ජයක්.
කැලණිය ගුරුකුල විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය
(මත්තේගොඩ Sapper ක්‍රීඩාංගණයේ දී)
- ගුරුකුල විද්‍යාලය– 198/10 (46.1) තත්සර එශාන් 82, දෙනුර දිමන්සිත් 39, මලිත් ද සිල්වා 3/39
- ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය– 39/10 (21.3) හෙලිත් එදිරිසිංහ 08, තරුෂ කොඩිකාර 6/5, පූර්ණ කල්හාර 3/7
කැලණිය ගුරුකුල විද්‍යාලයට ලකුණු 159ක ජයක්.
මාතර සාන්ත සර්වේසශ් විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝශප් විද්‍යාලය
(කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ දී)
- සාන්ත සර්වේශස් විද්‍යාලය– 179/10 (49.3) විරාන් චමුදිත 61, ඩේමියන් ද සිල්වා 4/25
- සාන්ත ජෝසප් විද්‍යාලය– 181/5 (49) යෙනුල දෙව්තුස 51*, රිශ්ම අමරසිංහ 58
සාන්ත ජෝසප් විද්‍යාලයට කඩුලු 5ක ජයක්.
කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ කඳාන ද මැසනඩ් විද්‍යාලය
(සාන්ත ආනා විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)
- සාන්ත ආනා විද්‍යාලය – 162/8 (50) යශ්මිත් ජයසුන්දර 80, ඩිනෝශ් ජෙලෝන් 4/30
- ද මැසනඩ් විද්‍යාලය – 163/3 (45.2) ඩිනෝශ් ජෙලෝන් 51, ශරිත් සුදීන 43
කඳාන ද මැසනඩ් විද්‍යාලයට කඩුලු 07ක ජයක්.
පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<