ඕස්ට්‍රේලියාවේ Perth හිදි පැවැත්වුණු World Athletics Continental Tour Bronze මලල ක්‍රීඩා තරගාවලියේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් විශිෂ්ට දක්ෂතාවක් දැක්වීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක රුමේෂ් තරංග සමත් වුනා.
අද (01) පැවැත්වුණු මෙම තරගාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගී වූ රුමේෂ් තරංග විසින් මීටර් 85.41ක දක්ෂතාවක් දැක්වීමට සමත් වූ අතර, එය මෙතෙක් මෙම වසරේ ක්‍රීඩකයකු විසින් දැක්වූ හොඳම දක්ෂතාව ලෙස ද සටහන් වුනා.
ඉසව්වේ රුමේෂ්ට හිමි වූ පළමු අවස්ථාවේ දී ඔහු විසින් මීටර් 80.60ක දක්ෂතාවක් දැක්වීමට සමත් වූ අතර, ඉන් පසුව සිය සිව්වැනි අවස්ථාවේ දීයි ඔහු පෙර සඳහන් කළ දක්ෂතාව ප්‍රදර්ශනය කිරීමට සමත් වුනේ.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්‍රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
මෙය නව තරග වාර්තාවක් ලෙස මෙන්ම, මෙම වසරේ රුමේෂ්ගේ පෞද්ගලික හොදම හෙල්ල විසි කිරීමේ දක්ෂතාව ලෙස ද සටහන් වුනා.
මීට අමතරව ඔහු විසින් පසුගිය පෙබරවාරි 26 වැනි දා Perth හිදී ම මීටර් 82.66ක දක්ෂතාවක් දැක්වීමට සමත් වූ අතර, මේ වන විට එය මෙම වසර සඳහා මෙතෙක් ලොව හොඳම හෙල්ල විසි කිරීමේ දක්ෂතාවන් අතර තෙවැනි ස්ථානයේ සටහන් වී තිබීමත් විශේෂත්වයක්.
කෙසේ වෙතත් ඔහුට මෙම වසරේ දී පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ පරිසාදන මට්ටම වූ මීටර් 85.50 ඉක්මවා යාමට මෙහි දී නොහැකි වීම අවාසනාවන්ත සිදුවීමක්.
දිනෙන් දින උණුසුම් වන දේශීය මලල ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<