පාසල් ක්‍රිකට් වසන්තයේ තවත් තීරණාත්මක තරග ද්විත්වයක් ඊයේ (28) දිනයේ දී ආරම්භ වුනා.
මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර 75 වැනි මොරටු රන් මහා සටන සහ කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලය අතර 95 වැනි සුලෝහිත සංග්‍රාමය මෙසේ ඊයේ දිනයෙන් ආරම්භ වුනත්, වර්ෂාව මෙම තරග ද්විත්වයටම බාධා රැගෙන ආවා.
රන් මහා සටනේ කාසියේ වාසිය සෙබස්තියන් නායක රයන් දිසානායක සතු වූ අතර, ඔහුගේ ආරාධනයෙන් වේලස් කුමරුවන් තරගයේ පළමු ඉනිම ආරම්භ කළා.
කෙසේ වෙතත් ඊයේ දිනය පුරාවට මෙම තරගය සඳහා ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණේ පන්දුවාර 44ක් පමණයි.
එහි දී වේල්ස් කුමරුවන් කඩුලු 4ක් දැවී ලකුණු 111ක් ලබා ගැනීමට සමත් වූ අතර, මේ වෙනුවෙන් රිවිත් ජයසූරියගේ පිත්තෙන් ලකුණු 50ක් එක් වුනා.
එමෙන්ම සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් අදේශ් අල්මේදා කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.
මොරටු රන් මහා සටන
- වේල්ස් කුමර විද්‍යාලය – 111/4 (44) රිවිත් ජයසූරිය 50, ගනේෂ ප්‍රනාන්දු 23*, අදේශ් අල්මේදා 2/36
පළමු දිනයට තරගය නතර කළා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
මේ අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමය ආරම්භ වූ අතර, මෙහි දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ නාලන්දා නායක සදෙව් සමරසිංහ ආනන්ද විද්‍යාලයට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළා.
මෙම තරගය සඳහා ද ඊයේ දිනය තුළ ක්‍රියාත්මක වුනේ පන්දුවාර 47ක් පමණයි. එහි දී ආනන්ද විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 154ක් ලබා ගැනීමට සමත් වූ අතර, මේ වෙනුවෙන් දිනද අතලගේ නොදැවී ලකුණු 52ක් එක් කිරීමට සමත් වුනා. එමෙන්ම නෙතුල එදිරිමාන්න ලකුණු 49ක් ලබා ගැනීමට සමත් වුනා.
සුලෝහිත සංග්‍රාමය
- ආනන්ද විද්‍යාලය – 154/3 (47) දිනද අතලගේ 52*, නෙතුල එදිරිමාන්න 49, කිත්ම විදානපතිරණ 32
පළමු දිනය සඳහා තරගය නතර කළා.
පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<