Badureliya 87කට දැවී යයි

SLC Major Club 3 Day Tournament

36
SLC Major Club 3 Day Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තරග 4ක් අද (28) ආරම්භ වූවා. එම තරග සියල්ලට ම වර්ෂාවෙන් බාධා එල්ල වෙද්දී Bloomfield කණ්ඩායම හමුවේ Badureliya කණ්ඩායමේ සියලුම දෙනා ලකුණු 87කට දැවී යෑම සුවිශේෂී වූවා.

එම දැවී යෑමේ දී දකුණතින් මඳ වේග පන්දු යවන ලහිරු මදුශංක ලකුණු 38කට කඩුලු 4ක් දවා ගනිමින් වැඩිම කඩුලුලාභියා වෙද්දී ඉසිත විජේසුන්දර සහ රවිඳු ප්‍රනාන්දු කඩුලු 3ක් බැගින් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

දිනයේ එක ම අර්ධ ශතකලාභියා බවට පත් වීමට Panadura කණ්ඩායමේ රමින්ද විජේසූරිය සමත් වීම කැපී පෙණුනා. ඔහු  Ace Capital කණ්ඩායමට එරෙහි ව පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 57ක් ලබා ගත්තා.

මේ අතර Ragama කණ්ඩායම නියෝජනය කරන කවීෂ දුලාංජන අද පළමු පෙළ තරග වරම් දිනා ගැනීමට සමත් වුනා.

තරගවල කෙටි ලකුණු පුවරුව

Ace Capital CC සහ Panadura SC අතර තරගය කොළඹ පොලිස් උද්‍යාන ක්‍රීඩාංගණයේ දී.

  • Panadura – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 182 (45.0) ඔෂද ප්‍රනාන්දු 42, ඉරෝෂ් සමරසූරිය 37, රමින්ද විජේසූරිය නෙදැවී 57, රුමේෂ් බුද්ධික 31, වනුජ සහන් 2/69, රොෂාන් ජයතිස්ස 2/53

Colts CC සහ Chilaw Marians CC අතර තරගය කොළඹ, Colts ක්‍රීඩාංගණයේ දී.

  • Colts– පළමු ඉනිම කඩුලු 4ක් දැවී 123 (43.0) විශ්ව චතුරංග 34, කසුන් විදුර 49, අකිල දනංජය 2/41, දුනිත් වෙල්ලාලගේ 2/24

Bloomfield C & AC සහ Badureliya SC අතර තරගය කොළඹ, Bloomfield ක්‍රීඩාංගණයේ දී.

  • Badureliya  – පළමු ඉනිම සියලුම දෙනා දැවී 87 (19.5)චානක රුවන්සිරි 21, ලහිරු මදුශංක 4/38, ඉසිත විජේසුන්දර 3/08, රවිඳු ප්‍රනාන්දු 3/31
  • Bloomfield –   පළමු ඉනිම කඩුල්ලක් දැවී 58 (13.0)රොන් චන්ද්‍රගුප්ත නොදැවී 28

Ragama CC සහ Negombo CC අතර තරගය මග්ගොන, Surrey Village ක්‍රීඩාංගණයේ දී.

  • Negombo – පළමු ඉනිම කඩුල්ලක් දැවී 78(18.3) කවීන් ප්‍රනාන්දු නොදැවී 33, පසිඳු ලක්ශංක 41

මෙම තරග සියල්ල හෙට (01) 2 වැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<