Tier B කිරුළට මහින්ද – තර්ස්ටන් ගැටෙයි

U19 Division 1 Schools Cricket Tournament 2024/25

120

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier B කොටසේ අවසන් මහා තරගය මේ මස 27, 28 සහ මාර්තු මස 01 වැනි දින ත්‍රිත්වයේ දී සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.  

මෙම තරගය සඳහා තනුග පලිහවඩනගේ නායකත්වයෙන් යුත් කොළඹ තර්ස්ටන් විද්‍යාලය ද සහ කවීන් රුක්ශාන් ගේ නායකත්වයෙන් යුත් ගාල්ල මහින්ද විද්‍යාලය ද සුදුසුකම් ලබා තිබෙනවා. එම කණ්ඩායම් ද්විත්වය ම මෙවර තරගාවලියට එක් වූයේ B කාණ්ඩයෙන් වීම විශේෂත්වයක්.  

තර්ස්ටන් විද්‍යාලය 

තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩකයෝ නිමා වූ පළමු වටය අවසන් කරන්නේ කාණ්ඩ අනුශූරයන් බවට පත් වෙමිනුයි. ඉන් අනතුරු ව ඔවුන් අර්ධ අවසන් පූර්ව වටයේ දී කඳාන ද මැසිනෝද් විද්‍යාලයට එරෙහි ව ජයග්‍රණය කරමින් ඉදිරියට පිවිසෙනවා.  

අවසන් පූර්ව වටයේ දී ඔවුන් සහෝදරයන්ගේ සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් ගැටුමට එක් වෙන ඉසිපතන විද්‍යාලයට එරෙහි ව පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගනිමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.  

ඔවුන්ගේ මෙම ගමනේ දී සහෝදර සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගයට එක් වූ ඉසිපතන විද්‍යාලය පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී ද සහ වාර්ෂික මහා ක්‍රිකට් ගැටුමේ දී ද ලෙසින් අවස්ථා 2ක දී ම පරාජයට පත් කරමින් ලත් පන්නරයට සුවිශේෂයි.  

තර්ස්ටන් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 

තනුග පලිහවඩන (නායක), තනුජ රාජපක්ෂ, විහස් තෙව්මික, ලසිඳු පුන්සර, පැතුම් ධනංජය, බිනුප තත්මිර, රචින්ත ද සිල්වා, රුවීන් තරුෂික, කෙමිත් වැලිකල, යොවුන් සිල්ප, රිසෝන් ජන්සෙන්, දිනාල් පෙරේරා, සන්විදු දිසානායක, හිරුශාන් ඩයස්, තිසේන් වික්‍රමරත්න, ජනිත වරාවිට, ජනුල් ගමලත්ගේ, සෙත්රු ප්‍රනාන්දු, සචින් ප්‍රේමසිංහ, සේමික රත්නසිරි 

 

නිලධාරීන් 

ඩබ්ලිව්. ඒ. එස්. ප්‍රියදර්ශන (ක්‍රිකට් භාර ආචාර්ය), සුනෙත් ගුණතිලක (ප්‍රධාන පුහුණුකරු), රුසිරු මුණසිංහ (සහාය පුහුණුකරු), මොහාන් ෆොන්සේකා (සහාය පුහුණුකරු), දේවින්ද අයේශ් (සහාය පුහුණුකරු).  

මහින්ද විද්‍යාලය 

මහින්ද විද්‍යාලයට නිමා වෙමින් පවතින වයස අවුරුදු 19න් පහළ Tier B කොටසේ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තමන් සහභාගී වූ B කාණ්ඩයෙන් හිමිවෙන්නේ 3 වැනි ස්ථානයයි.  

එලෙස පැමිණි ඔවුන් අර්ධ අවසන් පූර්ව වටයේ දී පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අභිබවා යමින් අවසන් පූර්ව වටයට එක් වුනා.  

ඒ අනුව තරගාවලියේ 2 වැනි අවසන් පූර්ව තරගයට එක් වූ ඔවුන් මාතර සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහි ව ඉනිමක සහ ලකුණු 69ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා. 

එම තරගයේ දී මහින්ද විද්‍යාලයේ සෙනුක දංගමුව ද්විත්ව ශතකයක් වාර්තා කරමින් ද සහ උප නායක අරෝෂ උදයංග ප්‍රතිවාදී ඉනිම් ද්විත්වයේ ම කඩුලු 5ක් බැගින් දවා ගනිමින් දක්ෂතා දැක්වීම විශේෂත්වයක්.  

ඔවුන් Tier B කුසලානය සොයා යන ගමනේ දී එම අත්දැකිම් ද සහිතවයි තරග බිමට පිවිසීමට සූදානම් වෙන්නේ.  

මහින්ද විද්‍යාලය මහින්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම  

කවීන් රුක්ශාන් (නායක), අරෝෂ උදයංග (උප නායක), සෙනුක දංගමුව, දුල්සිත් දර්ශන, සදෙව් නෙත්මිණ, සහන්ජිත් සමාදිත්, රනුදුල මාබරණ, විනුප නෙත්මිර, විශ්මිත සත්සර, දිනෙත් පැහැසර, සෙහස් ආශිංස, කවීශ ගිත්මාල්, තියෝන් හේලික, සජීව තල්ගස්දූව, තෙවිඳු රශ්මික, මානිත රාජපක්ෂ, නිම්න තීක්ෂණ, තිනුග රාජපක්ෂ, මන්දිත් මනෝහර, රසාංජන උබේසේකර, සෙනුජ වෙහාන්, ගෙසඳු බිසස්, රුවින්ද දෙශංජන, නිහිඳු සෙසිත. 

 

නිලධාරීන් 

වයි. නිශාන්ත කුමාර (ක්‍රිකට් භාර ආචාර්ය), අජන්ත කුමාර (ප්‍රධාන පුහුණුකරු), සචිත ලක්මාල් (සහාය පුහුණුකරු), හශාන් කවිශ්ක (සහාය පුහුණුකරු). 

පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<