පාසල් ක්‍රිකට් වසන්තයේ තීරණාත්මක තරගයක් ලෙස හැඳින්විය හැකි තර්ස්ටන් – ඉසිපතන 62වැනි සහෝදරයන්ගේ සටනෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය අද (23) සමත් වුනා.
කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු තරගයේ පළමු ඉනිම දියත් කළ කොළඹ ඉසිපතන විද්‍යාලය ලකුණු 203ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඊට පිළිතුරු ලෙස ඊයේ (22) දිනයේ දී තර්ස්ටන් ක්‍රීඩකයින් කඩුලු 09ක් දැවී ලකුණු 257ක් ලබා ගැනීමට සමත් වුනා.
ඊයේ දිනය නිමා වන විට තරගය ජය පැරදුමෙන් තොරව නිමා වීමට වැඩි ඉඩ කඩක් නිර්මාණය වී තිබූ නමුත්, අද දිනයේ දී තරගය සම්පුර්ණයෙන් ම වෙනස් කිරීමට සෙත්රූ ප්‍රනාන්දු ප්‍රමුඛ තර්ස්ටන් පන්දු යවන්නන් හට හැකියාව ලැබුණා.
අද දිනයේ දී සිය දෙවැනි ඉනිම ක්‍රියාත්මක කළ ඉසිපතන විද්‍යාලය විසින් සියලු දෙනා දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 104ක් පමණයි.
මෙහි දී ඉසිපතන ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ රන්මිත් සෙනරත් ලකුණු 41ක් ලබා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් පන්දුවාර 51 පන්දු 3ක් තුළ ඉසිපතන ඉනිම නිමා කිරීමට තර්ස්ටන් ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණු අතර, මෙහි දී සෙත්රූ ප්‍රනාන්දු ලකුණු 34කට කඩුලු 05ක් බිඳ හෙළීමට සමත් වුනා. ඊට අමතරව විහස් තෙව්මික විසින් කඩුලු 03ක් බිඳ හෙළීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
ඉසිපතන විද්‍යාලය දෙවැනි ඉනිමේ දී ලත් අසාර්ථක බව නිසාම තර්ස්ටන් විද්‍යාලයට තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 52ක ඉතාම පහසු ඉලක්කයක් ඉතිරි වුනා.
ඔවුන් විසින් එම ඉලක්කය පන්දුවාර 7 පන්දු 4ක් තුළ හඹා යාමට සමත් වුනේ තරගයෙන් කඩුලු 10ක ජයක් වාර්තා කරමිනුයි.
2019 වසරේ දී තර්ස්ටන් විද්‍යාලය විසින් සහෝදරයින්ගේ සටන ජයග්‍රහණය කිරීමෙන් පසුව නැවතත් මෙම සටනේ ජයක් වාර්තා වූ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක් වූ අතර, ඊට අමතරව මෙය තර්ස්ටන් විද්‍යාලය මෙම තරග ඉතිහාසයේ ලද 07 වැනි ජයග්‍රහණය ලෙස ද වාර්තා අතරට එක් වීම විශේෂත්වයක්.
පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<