ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයෙන් අද (22) පැවැති තරගවල දී Moors සහ Tamil Union කණ්ඩායම් ඉනිම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුනා.
මේ අතර පෙර දිනයේ ශතකයක් වාර්තා කළ NCC කණ්ඩායමේ සහන් ආරච්චිගේ අද එම ඉනිම තව දුරටත් දීර්ඝ කරමින් තම පළමු පෙළ තරග දිවියේ හොඳම ඉනිම දක්වා රැගෙන ගියා. ඔහු දැවී යන විට පන්දු 246කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 167ක් ලබා සිටියා.
ඊට අමතර ව CCC කණ්ඩායමේ ඉනුක කරන්නාගොඩ, Moors කණ්ඩායමේ රමේෂ් මෙන්ඩිස්, Nugegoda කණ්ඩායමේ අක්‍රම් මුතාලිබ් සහ BRC කණ්ඩායමේ චාමික හීනටිගල සහ සචිර වැලිවත්ත අද දවසේ දී අර්ධ ශතක ඉනිම් ලබා ගනිමින් කැපී පෙණෙන පිතිකරුවන් බවට පත් වුනා.
අද දවසේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ Tamil Union කණ්ඩායමේ තරිඳු රත්නායක. ඔහු Nugegoda කණ්ඩායමට එරෙහි ව ලකුණු 68කට කඩුලු 5ක් දවා ගත්තා.
- අංජල සහ කමිල් හොඳම ඉනිම් වාර්තා කරයි
- දසුන් ශානකට දඩ!
- 62 වැනි සංග්‍රාමයට සැරසෙන කොළඹ සහෝදරයෝ
- රොෂාන් පිට පිට 4 වැනි ශතකයත් වාර්තා කරයි
- සංගාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා Masters සංචිතය නම් කරයි
තරගවල කෙටි ලකුණු පුවරුව
Moors SC සහ Kandy Customs CC අතර තරගය කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේ දී.
- Kandy Customs – පළමු ඉනිම සියලුම දෙනා දැවී 154 (37.1) සහන් කෝසල 70, මිලාන් රත්නායක 3/33, චානුක ඩිල්ශාන් 2/41, රමේෂ් මෙන්ඩිස් 3/33
- Moors– පළමු ඉනිම සියලුම දෙනා දැවී 331 (79.0) ජනිශ්ක පෙරේරා 101, සොහාන් ද ලිවේරා 77, සිතාර ගිම්හාන් 35, රමේෂ් මෙන්ඩිස් 54, මිලාන් රත්නායක 27, අකිල ඩිල්ශාන් 3/33, කෞමාල් නානායක්කාර 2/76, යොහාන් මද්දගේ 2/11
- Kandy Customs –සියලුම දෙනා දැවී 162 (40.1)යොහාන් මද්දගේ 24, විශ්ව විජේරත්න 33, සහන් කෝසල 41, සචිත්‍ර පෙරේරා 20, රමේෂ් මෙන්ඩිස් 4/72, මල්ෂ තරුපති 4/25
Moors කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 15ක ජයක්.
Nugegoda S & WC සහ Tamil Union C & AC අතර තරගය පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
- Nugegoda– පළමු ඉනිම සියලුම දෙනා දැවී 90 (33.1) රොෂාන් විජේනායක 29, චාමිකර එදිරිසිංහ 20, ලහිරු සමරකෝන් 4/30, තරිඳු රත්නායක 2/24, විජයකාන්ත් වියස්කාන්ත් 3/23
- Tamil Union– පළමු ඉනිම සියලුම දෙනා දැවී 395 (73.4)නවෝද් පරණවිතාන 38, සිනෙත් ජයවර්ධන 47, තුලින ඩිල්ශාන් 28, සඳුන් වීරක්කොඩි 128, රිසිත් උපමාල් 43, ලහිරු සමරකෝන් 41, තරිඳු රත්නායක 34, තිලකරත්න සම්පත් 3/141, මධුක ලියනපතිරණගේ 3/100, චාමිකර එදිරිසිංහ 2/51
- Nugegoda– දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 179 (41.4)ඩෙලෝන් පීරිස් 30, අක්‍රම් මුතාලිබ් 62, සඳුන් මදුශංක නොදැවී 20, තරිඳු රත්නායක 5/68
Tamil Union කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 126ක ජයක්.
Kurunegala Youth CC සහ NCC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.
- NCC – පළමු ඉනිම සියලුම සියලුම දෙනා දැවී 504 (121.5)නිරෝෂන් දික්වැල්ල 22, කමිල් මිෂාර 151, අහන් වික්‍රමසිංහ, සහන් ආරච්චිගේ 167, කවින් බණ්ඩාර 73, චාමික කරුණාරත්න නොදැවී 20, රන්දීර රණසිංහ 2/50, කවික ඩිල්ශාන් 4/108
- Kurunegala Youth – පළමු ඉනිම සියලුම දෙනා දැවී 182 (37.4)ධනුශ්ක ධර්මසිරි 44, ගයාන් මනීශාන් 33, රශ්මික මධුශංක 36, ලහිරු කුමාර 3/21, අසේල් සිගේරා 5/47
- NCC – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 45 (10.0)ලහිරු ජයරත්න 2/16
CCC සහ BRC අතර තරගය කොළඹ, CCC ක්‍රීඩාංගණයේ දී.
- CCC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 478 (98.2) ලසිත් කෲස්පුල්ලේ 51,ධනංජය ද සිල්වා 83, අංජල බණ්ඩාර නොදැවී 177, පවන් සංදේශ් 62, ඉනුක කරන්නාගොඩ 55, කේශාන් විජේරත්න 4/ෙ103, මාලින්ද පුෂ්පකුමාර 2/160, චාමික හීනටිගල 3/62
- BRC– පළමු ඉනිම කඩුලු 8ක් දැවී 218 (75.0)චාමික හීනටිගල 62, සචිර වැලිවත්ත 65, දිනිරු අබේවික්‍රමසිංහ 36, විශ්ව ප්‍රනාන්දු 3/38, චමිඳු විජේසිංහ 2/39
මෙමත තරග ද්විත්වය හෙට (23) 3 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.
SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.