ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ අවසන් සතිය ආරම්භ කරමින් අද (21) පැවැති තරගවල දී අංජල බණ්ඩාර, කමිල් මිෂාර, සහන් ආරච්චිගේ, සඳුන් විරක්කොඩි සහ ජනිශ්ක පෙරේරා ශතක ලබා ගැනීමට සමත් වුනා.
මේ අතුරින් අංජල බණ්ඩාර සහ කමිල් මිෂාර අද වාර්තා කළේ තම පළමු පෙළ තරගවල හොඳම ඉනිම් වීම විශේෂත්වයක්.
එමෙන් ම දිනයේ ඉහළ ම ඉනිම වාර්තා කිරීමේ ගෞරවය දිනා ගැනීමට සමත් වූයේ CCC කණ්ඩායමේ 20 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකරු අංජල බණ්ඩාර. ඔහු තම පළමු පෙළ තරග දිවියේ 11 වැනි තරගයට එක් වෙමින් BRC කණ්ඩායමට එරෙහි ව පන්දු 221කට මුහුණ දෙමින් හතරේ පහර 20ක් සමඟින් නොදැවී ලකුණු 177ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ මෙතෙක් වාර්තා කරන ලද ඉහළ ම ඉනිමයි.
මේ අතර NCC කණ්ඩායමේ කමිල් මිෂාර සහ සහන් ආරච්චිගේ Kurunegala Youth කණ්ඩායමට එරෙහි ව ශතක වාර්තා කිරීමට සමත් වුනා. ඔවුන් දෙදෙනා ම අද රැස් කළේ මෙවර තරගාවලියේ වාර්තා කරන ලද 2 වැනි ශතකයි.
කමිල් මිෂාර පන්දු 211කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 151ක් ලබා ගත් අතර එය ඔහුගේ තරග 33ක් වන පළමු පෙළ තරගවල හොඳම ඉනිමයි.
සහන් ආරච්චිගේ පන්දු 181කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 135ක් ලබා ගත් අතර එය ඔහුගේ තරග පළමු පෙළ තරග 67ක 8 වැනි ශතකයයි.
එමෙන් ම Tamil Union කණ්ඩායමේ සඳුන් වීරක්කොඩි පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 128ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග 96ක 13 වැනි ශතකයයි.
මේ අතර Moors කණ්ඩායමේ 23 වැනි වියේ පසුවෙන ආරම්භක දකුණත් පිතිකරු ජනිශ්ක ද සිල්වා ද අද ශතකයක් ලබා ගැනීමට සමත් වුනා. Kandy Customs කණ්ඩායමට එරෙහි ව පන්දු 141කට මුහුණ දුන් ඔහු හතරේ පහර 11ක් සමඟින් ලකුණු 101ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග 21ක 3 වැනි ශතකයයි.
අද දවසේ පැවැති තරගවල දී Moors කණ්ඩායමේ සොහාන් ද ලිවේරා, Kandy Customs කණ්ඩායමේ සහන් කෝසල සහ CCC කණ්ඩායමේ ලසිත් කෲස්පුල්ලේ, ධනංජය ද සිල්වා සහ පවන් සංදේශ් අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීමට සමත් වුනා.
මේ අතර Moors කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන චානුක ඩිල්ශාන් අද තම පළමු පෙළ 28 වැනි තරගයට සහභාගී වෙමින් තම තරග දිවියේ කඩුලු 100ක් වාර්තා කිරීමට සමත් වෙද්දී එම කණ්ඩායම නියෝජනය කළ මල්ෂ තරුපති සහ Kandy Customs කණ්ඩායම නියෝජනය කළ අකිල ඩිල්ශාන් පළමු පෙළ තරග වරම් දිනා ගැනීමට සමත් වුනා.
- රොෂාන් පිට පිට 4 වැනි ශතකයත් වාර්තා කරයි
- සංගාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා Masters සංචිතය නම් කරයි
- ශ්‍රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම නවසීලන්තයේ දීර්ඝ තරග සංචාරයකට සැරසෙයි
- ලංකාවේ වැඩ පෙන්වූ Kuhnemannගේ ඉරියව්ව ගැන සැකයක්!
- දිමුත් – Crowe සහ කුරේ
තරගවල කෙටි ලකුණු පුවරුව
Kurunegala Youth CC සහ NCC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.
- NCC – පළමු ඉනිම සියලුම කඩුලු 4ක් දැවී 410 (90.0)නිරෝෂන් දික්වැල්ල 22, කමිල් මිෂාර 151, අහන් වික්‍රමසිංහ, සහන් ආරච්චිගේ නොදැවී 135, කවින් බණ්ඩාර නොදැවී 61, රන්දීර රණසිංහ 2/44
Moors SC සහ Kandy Customs CC අතර තරගය කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේ දී.
- Kandy Customs – පළමු ඉනිම සියලුම දෙනා දැවී 154 (37.1) සහන් කෝසල 70, මිලාන් රත්නායක 3/33, චානුක ඩිල්ශාන් 2/41, රමේෂ් මෙන්ඩිස් 3/33
- Moors– පළමු ඉනිම කඩුලු 4ක් දැවී 209 (49.0) ජනිශ්ක පෙරේරා 101, සොහාන් ද ලිවේරා 77
Nugegoda S & WC සහ Tamil Union C & AC අතර තරගය පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
- Nugegoda– පළමු ඉනිම සියලුම දෙනා දැවී 90 (33.1) රොෂාන් විජේනායක 29, චාමිකර එදිරිසිංහ 20, ලහිරු සමරකෝන් 4/30, තරිඳු රත්නායක 2/24, විජයකාන්ත් වියස්කාන්ත් 3/23
- Tamil Union– පළමු ඉනිම කඩුලු 6ක් දැවී 323 (56.0)නවෝද් පරණවිතාන 38, සිනෙත් ජයවර්ධන 47, තුලින ඩිල්ශාන් 28, සඳුන් වීරක්කොඩි 128, ලහිරු සමරකෝන් 41, තිලකරත්න සම්පත් 3/120
CCC සහ BRC අතර තරගය කොළඹ, CCC ක්‍රීඩාංගණයේ දී.
- CCC– පළමු ඉනිම කඩුලු 7ක් දැවී 444 (90.0) ලසිත් කෲස්පුල්ලේ 51,ධනංජය ද සිල්වා 83, අංජල බණ්ඩාර නොදැවී 177, පවන් සංදේශ් 62, ඉනුක කරන්නාගොඩ නොදැවී 46, කේශාන් විජේරත්න 2/78, මාලින්ද පුෂ්පකුමාර 2/158, චාමික හීනටිගල 3/62
මෙමත තරග සියල්ල හෙට (22) 2 වැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.
SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.