ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක දසුන් ශානකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඇමරිකානු ඩොලර් 10,000ක දඩයක් නියම කර තිබෙනවා.
ඔහු විසින් SLC සමඟ ගිවිසුම් ගත වී ඇති කොන්ත්‍රාත්තුව කඩ කිරීම නිසායි ඔහුට මෙම දඩය නියම වී ඇත්තේ.
පසුගිය දිනෙක ඔහු විසින් Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ තරගයකට සහභාගී වෙමින් සිටිය දීම ආබාධයක් හේතුවෙන් තරගයෙන් ඉවත් වීමට අවසර ගෙන තිබුණා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
ඔහු මෙහි දී වෛද්‍ය සහතිකයක් ලබා දෙමින් තරගයෙන් ඉවත් වී තිබූ නමුත්, එදින ම ඔහු ඩුබායි වෙත පියාසර කර ILT20 තරගාවලියේ Dubai Capitals කණ්ඩායම නියෝජනය කරමින් තරගයකට සහභාගී වී තිබුණා.
මෙමගින් ශානක විසින් SLC සමඟ ඇති කර ගෙන ඇති ගිවිසුම් කරුණු පළුදු වී ඇති බව SLC විසින් සඳහන් කරන අතරම, මේ පිළිබඳ පැවැත්වූ පරීක්ෂණයේ දී ඔහු තම වරද පිළිගනිමින් ඉදිරියේ දී එවන් දෑ සිදු නොවන බවට ද තහවුරු කර තිබෙනවා.
දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<