සාන්ත තෝමස් – මහින්ද ගැටුම ඇරඹෙයි

U19 Division 1 Schools Cricket Tournament 2024/25

62
U19 Division 1 Schools Cricket Tournament 2024/25

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier B කොටසේ දෙවැනි අවසන් පූර්ව තරගය අද (19) සූරියවැව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර ආරම්භ වූ මෙම තරගයේ දී සිය පළමු ඉනිම දියත් කළ සාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 140ක් ලබා ගත් අතර, තෝමසුවන්ගේ ඉනිම බිඳ හෙළීමට මූලිකත්වය ගත් මහින්ද විද්‍යාලයේ අරෝශ උදයංග කඩුලු 05ක් දවා ගැනීමට සමත් වුනා.

ඒ වෙනුවෙන් පිළිතුරු ඉනිම ආරම්භ කළ මහින්ද විද්‍යාලය අද දිනය නිමා වන විට කඩුලු 3ක් දැවී ලකුණු 105ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය

(සූරියවැව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)

  • සාන්ත තෝමස් විද්‍යාලය 140/10 (56.5) ලෝෂිත දික්සිත් 39, තත්සර දෙව්මිත් 29, අරෝශ උදයංග 5/42
  • මහින්ද විද්‍යාලය 105/3 (33) දුල්සිත් දර්ශන 46*

පළමු දිනය සඳහා තරගය නතර කළා.

පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<