නවසීලන්ත සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කරයි

Sri Lanka Women's Tour Of New Zealand 2025

43
Sri Lanka Women's Tour Of New Zealand 2025

නවසීලන්තයේ දීර්ඝ තරග සංචාරයක් සඳහා සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එක්දින තරග ත්‍රිත්වයක්, විස්සයි විස්ස තරග ත්‍රිත්වයක් මෙන්ම, පුහුණු තරග ද්විත්වයක් සඳහා සහභාගී වීමට නියමිත මෙම සංචිතයට ක්‍රීඩිකාවන් 16 දෙනෙකු ඇතුළත් වන අතර, සුපුරුදු පරිදි කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු හට හිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතය;

 

චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, කවීශා දිල්හාරි, අනුශ්කා සංජීවනී, මනුදි නානායක්කාර, ඉමේෂා දුලනි, අචිනි කෞශල්‍යා, උදේශිකා ප්‍රබෝධනී, සචිනි නිසංසලා, කෞශිනී නුත්‍යාගංනා, ඉනෝෂි ප්‍රනාන්දු, සුගන්දිකා කුමාරි, රශ්මිකා සෙව්වන්දි සහ චේතනා විමුක්ති

සංචිතය එළඹෙන 22 දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<