ඇමෙරිකාවට කඩුලු 9ක ජයක්

IMC Over 50s World Cup

52
IMC Over 50s World Cup

අවුරුදු 50න් ඉහළ International Masters එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (17) තරග 6ක් වූ අවසන් වූ අතර ඒ අතුරින් නැමීබියාවට එරෙහි ව කඩුලු 9ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඇමෙරිකා කණ්ඩායම සමත් වූනා.

කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නැමීබියා ක්‍රීඩකයෝ ලකුණු 49කට සියලුම දෙනා දැවී ගිය අතර එම ඉලක්කය පන්දු 28ක දී කඩුල්ලක් පමණක් දැවී සපුරා ගැනීමට ඇමෙරිකාව සමත් වුනා.

මේ අතර අද පැවැති තරගවල දී පාකිස්තානයේ Asif Hamayun, ඕස්ට්‍රේලියාවේ Stev Mace සහ Andrew Sharp, නවසීලන්තයේ Robbie Frew, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Seen Ranjan, Jason Oates සහ Rehan Khan අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

කඩුලු දවා ගැනීමේ දී ඕස්ට්‍රේලියාවේ Simon Waddington කැනඩාවට එරෙහි ව ලකුණු 28කට කඩුලු 5ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

මේ අතර මෙවර තරගාවලියේ පළමු වටයේ අවසන් තරග හෙට (18) ක්‍රීඩාංගණ 6ක දී පැවැත්වීමට නියමිත අතර මේ දක්වා නිමා වූ තරගවල දී A කාණ්ඩයෙන් පළමු ස්ථානය ප්‍රසාද ලකුණු 10ක් ලබා ගත් එංගලන්තය ද සහ 2 වැනි ස්ථානය ප්‍රසාද ලකුණු 8ක් ලබා ගත් ශ්‍රී ලංකාව ද පත් ව සිටිනවා.

B කාණ්ඩයෙන් සැකසී ඇති ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය ප්‍රසාද ලකුණු 10ක් ලබා සිටින ඕස්ට්‍රේලියාව ද සහ 2 වැනි ස්ථානය ප්‍රසාද ලකුණු 8ක් ලබා සිටින පාකිස්තානය ද රැදී සිටිනවා.

අද පැවැති තරගවල සාරාංශය

  • නැමීබියාව සහ ඇමෙරිකාව අතර කොළඹ, වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

නැමීබියාව – සියලුම දෙනා දැවී 49 (23.0)

ඇමෙරිකාව – කඩුල්ලක් දැවී 51 (4.3)

ඇමෙරිකා වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට කඩුලු 9ක ජයක්.

  • දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතරබණ්ඩාරගම PUSAක්‍රීඩාංගණයේ දී.

දකුණු අප්‍රිකාව – කඩුලු 9ක් දැවී 155 (45.0)

පාකිස්තානය – කඩුලු 5ක් දැවී 156 (30.5)

පාකිස්තාන වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

 

  • කැනඩාව සහ ඕස්ට්‍රේලියාව අතර කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.

කැනඩාව – සියලුම දෙනා දැවී 155 (34.5)

ඕස්ට්‍රේලියාව – කඩුලු 3ක් දැවී 156 (30.5)

ඕස්ට්‍රේලියා වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

  • වේල්සය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කොළඹ, CCCක්‍රීඩාංගණයේ දී.

වේල්සය – සියලුම දෙනා දැවී 106 (41.0)

බටහිර ඉන්දීය කොදෙව් – කඩුලු 6ක් දැවී 108 (26.1)

බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට ලකුණු 147ක ජයක්.

  • එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සිම්බාබ්වේ අතර කොළඹ, Colts ක්‍රීඩාංගණයේ දී.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය – කඩුලු 8ක් දැවී 269 (45.0)

සිම්බාබ්වේ – සියලුම දෙනා දැවී 192 (40.0)

එක්සත් අරාබි එමීර් රාජ්‍යය වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට ලකුණු 156ක ජයක්.

  • නවසීලන්තයසහ එංගලන්තයඅතර ගල්කිස්ස, සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.

නවසීලන්තය – කඩුලු 6ක් දැවී 172 (45.0)

එංගලන්තය – කඩුලු 5ක් දැවී 173 (43.1)

එංගලන්ත වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට ලකුණු 156ක ජයක්.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව වන ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<