රොෂාන් පිට පිට 4 වැනි ශතකයත් වාර්තා කරයි

SLC Major Club 3 Day Tournament

88
Major Club 3 Day Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ අද (16) දවස නිමාවේ දී Nugegoda කණ්ඩායමේ රොෂාන් විජේනායක නැවතත් ශතකයක් ලබා ගැනීමට සමත් වුනා.

BRC කණ්ඩායම සමඟ පැවැති එම තරගයේ දෙවැනි ඉනිමේ දී ඔහු පන්දු 144කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 105ක් ලබා ගත් අතර පළමු ඉනිමේ දී ඔහු නොදැවී ශතකයක් වාර්තා කළා.

ඒ අනුව රොෂාන් විජේනායක තමන් සහභාගී වූ ආසන්නත ම තරග 2 ක නිමා වූ ඉනිම් 4ක දී පිට පිට ශතක 4ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වීමට සමත් වීම කැපී පෙණුනා. ඉන් ඉනිම් 3ක් ම නොදැවුණ ඉනිම් වීම විශේෂයි.

ඊට අමතරව අද දවසේ දී වාර්තා වූ අනෙක් ශතකයේ හිමිකාරීත්වය NCC කණ්ඩායමේ කමිල් මිෂාර සතු වුනා. ඔහු SSC කණ්ඩායමට එරෙහි ව පන්දු 133කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 105ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 3 වැනි ශතකයයි.

මේ අතර CCC කණ්ඩායමේ ඉනුක කරන්නාගොඩ, BRC කණ්ඩායමේ දුලාශ් උදයංග, Nugegoda කණ්ඩායමේ තිලකරත්න සම්පත් සහ ඩිලාන් ජයලත්, NCC කණ්ඩායමේ අහන් වික්‍රමසිංහ, නිරෝෂන් දික්වැල්ල සහ කවින් බණ්ඩාර, Bloomfield කණ්ඩායමේ රවිඳු ප්‍රනාන්දු සහ නිපුන් කරුණානායක අද දවසේ දී අර්ධ ශතක ලබා ගැනීමට සමත් වෙනවා.

පන්දු යැවීමේ දී දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වෙන්නේ Negombo කණ්ඩායමේ නිශාන් පීරිස්. ඔහු Badureliya කණ්ඩායමට එරෙහි ව ලකුණු 35කට කඩුලු 8ක් දවා ගත්තා. එය ඔහුගේ තම පළමු පෙළ තරග 48ක හොඳම පන්දු යැවීම බවට ද පත් වුනා.

ඊට අමතර ව Nugegoda කණ්ඩායමේ චාමිකර එදිරිසිංහ BRC කණ්ඩායමට එරෙහි ව ලකුණු 64කට කඩුලු 7ක් සහ Panadura කණ්ඩායමේ දුශාන් හේමන්ත Bloomfield කණ්ඩායමට එරෙහි ව ලකුණු 112කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

අද පැවැති තරගවල දී Moors කණ්ඩායමේ සොහාන් ද ලිවේරා තම පළමු පෙළ තරග 34ක ඉනිම 53ක දී ලකුණු 2000 කඩඉම සපුරා ගැනීමට සමත් වීම ද කැපී පෙණුනා.

තරගවල කෙටි ලකුණු පුවරුව

Group A

Bloomfield C & AC සහ Panadura SC අතර තරගය කොළඹ Bloomfield පිටියේ දී.

  • Bloomfield – පළමු ඉනිම සියලුම දෙනා දැවී 244 (70.5) නිපුන් කරුණානායක 81, රවිඳු ප්‍රනාන්දු 54, තරින්ද ගුරුගේ 33, නිමේෂ් විමුක්ති 2/65, ඉම්තියාස් ස්ලාසා 3/38, දුශාන් හේමන්ත 3/54
  • Panadura – පළමු ඉනිම සියලුම දෙනා දැවී 318 (88.5) ඕෂද ප්‍රනාන්දු 70, ඉරෝෂ් සමරසූරිය 69, ලහිරු දවටගේ 59, ශාලිත් ප්‍රනාන්දු නොදැවී 87, රවිඳු ප්‍රනාන්දු 3/69, තරින්ද ගුරුගේ 5/39
  • Bloomfield – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 319 (54.0) යොහාන් ද සිල්වා 45, අසිත වන්නිනායක 23, රොන් චන්ද්‍රගුප්ත 34, ඉසිත විජේසුන්දර 39, රවිඳු ප්‍රනාන්දු 54, නිපුන් කරුණානායක 68, ලහිරු මදුශංක 25, නිමේෂ් විමුක්ති 2/65, දුශාන් හේමන්ත 6/112
  • Panadura – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 137 (47.0) ඉරෝෂ් සමරසූරිය 32, දුශාන් හේමන්ත 33, රනිත ලියනාරච්චි 20, සහන් නානායක්කාර 3/28, රවිඳු ප්‍රනාන්දු 2/29, කවීශ පියුමාල් 4/38

තරගයේ විසඳුමක් නෑ.

Negombo CC සහ Badureliya SC අතර තරගය කටුනායක FTZ ක්‍රීඩාංගණයේ දී.

  • Negombo – පළමු ඉනිම සියලුම දෙනා දැවී 140 (35.2) ශෙෂාන් ප්‍රනාන්දු 38, හංසජ හිරන්‍ය නොදැවී 18, චානක කොමසාරු 4/41, චානක රුවන්සිරි 4/21
  • Badureliya – පළමු ඉනිම සියලුම දෙනා දැවී 128 (45.2) අලංකාර අසංක 23, ගිහාන් කෝරලගේ 22, චලන ද සිල්වා 35, හංසජ හිරුණ 4/39, නිශාන් පීරිස් 3/47, උපුල් ඉන්ද්‍රසිරි 2/24
  • Negombo – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 194 (67.5) දිමුතු සඳරුවන් 21, ප්‍රමෝද් මදුවන්ත නොදැවී 63, හංසජ හිරුණ 23, උපුල් ඉන්ද්‍රසිරි 38, චානක කොමසාරු 4/85, චානක රුවන්සිරි 3/61, චලන ද සිල්වා 3/28
  • Badureliya – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 135 (40.0) දුනිත් ජයතුංග 34, රනේෂ් සිල්වා 34, නිශාන් පීරිස් 8/35

Negombo කණ්ඩායමට ලකුණු 71ක ජයක්.

Group B

NCC සහ SSC අතර තරගය කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.

  • NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 379 (81.1) නිරෝෂන් දික්වැල්ල 91, ලහිරු උදාර 55, කමිල් මිෂාර 77, අහන් වික්‍රමසිංහ 47, කවින් බණ්ඩාර 45, කසුන් රාජිත 2/76, ප්‍රමෝද් මදුශාන් 2/76, නිපුන් ධනංජය 3/19
  • SSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 352 (102.4) ශෙවෝන් ඩැනියෙල් 35, දිමුත් කරුණාරත්න 44, දසුන් ශානක 47, සසිඳු මල්ශාන් 108, දිනුර කළුපහන 52, සම්පත් නිශ්ශංක 3/59, අසේල් සිගේරා 3/56, ලසිත් ඇඹුල්දෙණිය 2/36
  • NCC – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 337 (60.0) කමිල් මිෂාර 105, අහන් වික්‍රමසිංහ 53, නිරෝෂන් දික්වැල්ල 71, කවින් බණ්ඩාර නොදැවී 51, අසේල් සිගේරා නොදැවී 29, නිපුන් ධනංජය 2/67

තරගයේ විසඳුමක් නෑ.

Kurunegala Youth CC සහ Moors SC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.

  • Kurunegala Youth – පළමු ඉනිම සියලුම දෙනා දැවී 136 (39.3) ගයාන් මනීශාන් 58, මිලාන් රත්නායක 2/25, රමේෂ් මෙන්ඩිස් 4/35, ශිරාන් ප්‍රනාන්දු 3/41
  • Moors – පළමු ඉනිම සියලුම දෙනා දැවී 315 (82.3) ජනිශ්ක පෙරේරා 52, සොහාන් ද ලිවේරා 78, සදීර සමරවික්‍රම 50, රමේෂ් මෙන්ඩිස් 24, මිලාන් රත්නායක 42, ශිරාන් ප්‍රනාන්දු 28, ලහිරු ජයරත්න 2/42, කවික ඩිල්ශාන් 5/119, ඩිලංක අවර්ඩ්ට් 2/89
  • Kurunegala Youth – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 189 (66.5) සමීර සදමාල් 34, දිනුෂ්ක මාලන් 35, ගයාන් මනීශාන් 49, ලහිරු ජයරත්න 20, මිලාන් රත්නායක 2/65, චානුක ඩිල්ශාන් 4/37
  • Moors – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 11 (1.4)

Moors කණ්ඩායමට කඩුලු 10ක ජයක්.

Nugegoda S & WC සහ BRC අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී.

  • Nugegoda – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 401 (119.) තිලකරත්න සම්පත් 77, රොෂාන් විජේනායක නොදැවී 201, අක්‍රම් මුතාලිබ් 41, චාමිකර එදිරිසිංහ 32, චාමික හීනටිගල 5/125
  • BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 200 (81.4) දේශාන් ඩයස් 20, ඩිල්ශාන් ද සොයිසා 55, දුලාශ් උදයංග 52, දුලාජ් අශේන් 21, තිලකරත්න සම්පත් 2/64, චාමිකර එදිරිසිංහ 7/64
  • Nugegoda – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 261 (62.0) තිලකරත්න සම්පත් 92, රොෂාන් විජේනායක නොදැවී 105, ඩිලාන් ජයලත් නොදැවී 50, චාමික හීනටිගල 2/108
  • BRC – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 51 (17.0) චාමිකර එදිරිසිංහ 2/24, තිලකරත්න සම්පත් 2/21

තරගයේ විසඳුමක් නෑ.

CCC සහ Kandy Customs CC අතර තරගය CCC ක්‍රීඩාංගණයේ දී.

  • Kandy Customs – පළමු ඉනිම සියලුම දෙනා දැවී 165 (47.0) යොහාන් මද්දගේ 46, ඉමේෂ් උදයංග 58, විශ්ව ප්‍රනාන්දු 2/22, ධනංජය ද සිල්වා 2/19, ඉනුක කරන්නාගොඩ 3/35
  • CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 201 (51.0) නිමේෂ ගුණසිංහ 25, ලසිත් කෲස්පුල්ලේ 20, පවන් රත්නායක 25, ධනංජය ද සිල්වා 27, සොනාල් දිනූෂ 31, චමිඳු විජේසිංහ 34, කෞමාල් නානායක්කාර 6/55, ඉමේෂ් උදයංග 2/31, සචිත්‍ර පෙරේරා 2/54
  • Kandy Customs – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 212 (55.4) සහන් කෝසල 65, රොස්කෝ තට්ටිල් 44, අශාන් ප්‍රියංජන් 2/53, ඉනුක කරන්නාගොඩ 5/53, සොනාල් දිනූෂ 2/26
  • CCC – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 177 (32.0) ඉනුක කරන්නාගොඩ 65, පවන් රත්නායක 43, ධනංජය ද සිල්වා නොදැවී 31, කෞමාල් නානායක්කාර 4/60

CCC කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<