කොළඹ තර්ස්ටන් විද්‍යාලය Tier B අවසන් තරගයට!

83
Schools Cricket

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier B කොටසේ එක් අවසන් පූර්ව තරගයක් අද (16) දිනයෙන් නිමාවට පත් වුනා.

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර පැවැත්වුණු මෙම තරගයෙන් තර්ස්ටන් විද්‍යාලය විසින් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට සමත් වුනා.

තරගයේ දී ඉසිපතන විද්‍යාලය පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුණු 304 වෙනුවෙන් රන්මිත් සෙනරත්ගේ පිත්තෙන් අගනා ලකුණු 156ක් වාර්තා වුනා.

කෙසේ වෙතත් තර්ස්ටන් විද්‍යාලය විසින් සිය පළමු ඉනිමේ දී ලකුණු 383ක් ලබමින් පළමු ඉනිමේ ජය තහවුරු කර ගැනීමට සමත් වූ අතර, මෙහි දී රචින්ත ද සිල්වා (නොදැවී ලකුණු 115ක්) සහ තනුජ රාජපක්ෂ (ලකුණු 101ක්) ශතක ලබා ගැනීමට සමත් වුනා. එමෙන්ම රචින්ත ඉසිපතන පළමු ඉනිමේ කඩුලු 3ක් දවා ගැනීමට සමත් වීමත් විශේෂත්වයක්.

මෙම ජයත් සමඟින් කොළඹ තර්ස්ටන් විද්‍යාලය Tier B අවසන් මහා තරගය වෙත සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර, ලබන වසරේ දී පළමු කොටසේ Tier A තරග කාණ්ඩයේ තරග වැදීමට ද සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය

(සූරියවැව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)

  • ඉසිපතන විද්‍යාලය – 304/10 (90) රන්මිත් සෙනරත් 156, මලීෂ සඳරුවන් 58, යොවුන් සිල්ප 4/46, රචින්ත ද සිල්වා 3/28 & 137/2 (34) නවිඳු හෙට්ටිආරච්චිගේ 74*
  • කොළඹ තර්ස්ටන් විද්‍යාලය – 383/8d (120) තනුජ රාජපක්ෂ 101, රචින්ත ද සිල්වා 115*, විහස් තෙව්මික 67, දිමුතු තාරක 2/63

තරගය ජය පැරදුමෙන් තොරයි, කොළඹ තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<