සංගාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා Masters සංචිතය නම් කරයි

International Masters League 2025

12
kumar-sangakkara-

අතීතයේ දී ක්‍රිකට් ලොව සුපිරි තරු ලෙසින් විශිෂ්ට දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් නැවතත් ක්‍රිකට් පිටියට පිවිසෙමින් තම දේශය වෙනුවෙන් ක්‍රීඩා කිරීම වෙනුවෙන් සැකසුණු International Masters League  තරගාවලිය එළඹෙන 22 දා ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙහි දී ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්ත කණ්ඩායම් තරගාවලියට සහභාගී වීමට නියමිත අතර, ඒ සඳහා සහභාගී වන කණ්ඩායම් දෙකක (ශ්‍රී ලංකාව සහ ඉන්දියාව) ක්‍රීඩක සංචිත මේ වන විටත් ප්‍රකාශ කර අවසන්.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් හිටපු ක්‍රිකට් විශිෂ්ටයින් වන Sachin Tendulkar, Suresh Raina මෙන්ම Yuvraj Singh ද එක් වී තිබෙනවා.

එමෙන්ම ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Shane Watson වැනි තවත් සුපිරි තරු රැසක් ද තරගාවලියට සහභාගී වීමට නියමිතයි.

මේ අතර තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ද ප්‍රකාශයට පත් කළා.

ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය කුමාර් සංගක්කාර හට හිමි වී ඇති තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතය කුමාර් සංගක්කාර (නායක), රොමේෂ් කළුවිතාරණ, අශාන් ප්‍රියන්ජන්, උපුල් තරංග, නුවන් ප්‍රදීප්, ලහිරු තිරිමාන්න, චින්තක ජයසිංහ, සීක්කුගේ ප්‍රසන්න, ජීවන් මෙන්ඩිස්, ඉසුරු උදාන, ධම්මික ප්‍රසාද්, සුරංග ලක්මාල්, දිල්රුවන් පෙරේරා, අසේල ගුණරත්න සහ චතුරංග ද සිල්වා

තරගාවලිය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එළඹෙන 22 දා පැවැත්වීමට නියමිත තරගයෙන් ආරම්භ වී මාර්තු මස 16 දක්වා පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකාවේ අනෙක් තරග පෙබරවාරි 26 (දකුණු අප්‍රිකාව සමඟ), පෙබරවාරි 28 (ඕස්ට්‍රේලියාව සමඟ), මාර්තු 06 (බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ) සහ මාර්තු 10 (එංගලන්තය සමඟ) යන දින වල දී ක්‍රියාත්මක වීමට නියමිතයි.

තරගාවලියේ සජීවී දසුන් ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව Thepapare හරහා දැල බලා ගැනීමේ අවස්ථාව ද ඔබට හිමි වනවා. ThePapare 1 ( නාලික අංක 62) & ThePapare 1 HD ( නාලිකා අංක 126) ඔස්සේ තරගය සජීවී ව නරඹන්න, ThePapare සමඟ නිරන්තරයෙන් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<