Rory Ingram සහ පූජිත උඩුවන දැක් වූ දක්ෂතා හේතුවෙන් අවුරුදු 50න් ඉහළ International Masters එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර පැවැති තරගයෙන් කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (13) සමත් වුනා.
කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟින් ඔවුන් තව දුරටත් තරගාවලියේ අපරාජිත ව සිටීමට සමත් ව සිටීම කැපී පෙණෙනවා. ඔවුන් අද ජයග්‍රහණය කළේ තරගාවලියේ තමන් සහභාගී වූ සිව් වැනි තරගයයි.
ශ්‍රී ලංකා වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායම
ශේන් ප්‍රනාන්දු (නායක), ඉන්දික ද සේරම්, Rory Ingram, Russell Ingram, ප්‍රියන්ත රාජපක්ෂ, ඩිල්ශාන් අමරසිංහ, රුවින් පීරිස්, රේණුක නෝනිස්, පුඤ්ඤකාන්ත අබේගුණසේකර, පූජිත උඩුවන, චමින්ද රාජපක්ෂ, දමින්ද විජේසේකර.
නැමීබියා වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායම
Leon Fleming (නායක සහ කඩුලු රකින්නා), Patrie Theron, Deon Gouws, Pieris L Estrange, Isedor Titus, Willem Genis, Ken Joseph, Willem Rensburg, Julian Fennessy, Dirkie Beukes, Louis Nortje, F Coetzee.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ප්‍රතිවාදී නැමීබියා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 128ක් පමණයි.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පසු පෙළින් පිටියට පිවිසි Julian Fennessy. ඔහු පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 36ක් ලබා ගන්නවා. ඊට අමතර ව මැද පෙළ පිතිකරු Pieris L Estrange පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී පූජිත උඩුවන පන්දුවාර 8.2ක් යවමින් ලකුණු 16කට කඩුලු 3ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව චමින්ද රාජපක්ෂ සහ ඩිල්ශාන් අමරසිංහ කඩුලු ද්විත්වය බැගින් ද ශේන් ප්‍රනාන්දු, පුඤ්ඤකාන්ත අබේගුණසේකර සහ දමින්ද විජේසේකර කඩුල්ල බැගින් ද දවා ගත්තා.
- චරිත්ගේ නායකත්වයේ ඉනිම සමඟ ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්!
- ශ්‍රී ලංකාවේ පළමු ශතකය Rory Ingram ගෙන්
- Ingram සහෝදරයෝ ශ්‍රී ලංකාව දිනවයි
- සිංහ – කැන්ගරු එක්දින තරගාවලියට පෙර
- රුවින් පීරිස් ඇමෙරිකාව අමාරුවේ දමයි
ලකුණු 129ක හඹා යන ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන්නේ ඉන්දික ද සේරම් සහ Rory Ingram. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 67ක දී ලකුණු 67ක් ලබා සිටිය දී ඉන්දික ද සේරම් ආබාධයකට ලක් වෙනවා. ඒ අනුව ඔහු පිටියෙන් ඉවත් වෙන අතර ඒ වෙද්දී ඔහු පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ලබා සිටියා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට පිවිස Russell Ingram ගේ ඉනිම ලකුණු 7කට සීමා වූවා. අනතුරු ව 3 වැනි කඩුල්ල වෙනුවෙන් Rory Ingram සහ ප්‍රියන්ත රාජපක්ෂ පන්දු 36ක දී ලකුණු 49ක් එක් කරනවා.
ප්‍රියන්ත රාජපක්ෂ පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 13ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව ද බිඳ වැටෙනවා.
ඉන් අනතුරු ව පිටියට පිවිසි ඩිල්ශාන් අමරසිංහ (2) සමඟ එක් වූ Rory Ingram තරගය ජයග්‍රහණය කරා රැගෙන යනවා.
ශ්‍රී ලංකා ඉනිමේ තවත් පන්දුවාර 25ක් ම ඉතිරි ව තිබිය දී ප්‍රතිවාදී ඉලක්කය පසු කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු Rory Ingram පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 68ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Willem Genis කඩුල්ලක් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
නැමීබියා වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 128 (43.2) Pieris L Estrange 28, Julian Fennessy නොදැවී 36, චමින්ද රාජපක්ෂ 2/10, ඩිල්ශාන් අමරසිංහ 2/29, පූජිත උඩුවන 3/16
ශ්‍රී ලංකා වයස අවුරුදු 50න් පහළ කණ්ඩායම – කඩුලු 2ක් දැවී 131 (19.3) ඉන්දික ද සේරම් 29, Rory Ingram නොදැවී 68, Willem Genis 1/21
ශ්‍රී ලංකා වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
අද පැවැති අනෙකුත් තරගවල සාරාංශය
- කැනඩාව සහ ඉන්දියාව අතර බණ්ඩාරගම,PUSA ක්‍රීඩාංගණයේ දී.
කැනඩාව – කඩුලු 5ක් දැවී 251 (45.0)
ඉන්දියාව – කඩුලු 2ක් දැවී 254 (35.3)
ඉන්දීය වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
- වේල්සය සහ දකුණු අප්‍රිකාවඅතර කොළඹ 7, වෙළඳ සේවා ක්‍රිකට්ක්‍රීඩාංගණයේ දී.
වේල්සය – කඩුලු 7ක් දැවී 186 (45.0)
දකුණු අප්‍රිකාව – කඩුලු 7ක් දැවී 188 (37.5)
දකුණු අප්‍රිකා වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට කඩුලු 3ක ජයක්.
- එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ එංගලන්තය අතර කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයීයක්‍රීඩාංගණයේ දී.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය – සියලුම දෙනා දැවී 112 (26.1)
එංගලන්තය – කඩුලු 2ක් දැවී 115 (18.5)
එංගලන්ත වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
- පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.
පාකිස්තානය – කඩුලු 8ක් දැවී 242 (45.0)
බටහිර ඉන්දීය කොදෙව් – සියලුම දෙනා දැවී 95 (28.1)
පාකිස්තාන වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට ලකුණු 147ක ජයක්.
- සිම්බාබ්වේ සහ නවසීලන්තය අතර කොළඹ, Colts ක්‍රීඩාංගණයේ දී.
සිම්බාබ්වේ – කඩුලු 9ක් දැවී 205 (45.0)
නවසීලන්තය – කඩුලු 5ක් දැවී 206 (40.3)
නවසීලන්ත වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට ලකුණු 79ක ජයක්.
අද නිමා වූ තරගවල දී ඉන්දීය කණ්ඩායමේ Fakir Dungaria කැනඩා කණ්ඩායමට එරෙහි ව පන්දු 117කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 124ක් ලබා ගනිමින් කැපී පෙණෙන පිතිකරු බවට පත් වූවා.
පන්දු යැවීමේ දී පාකිස්තාන කණ්ඩායමේ Rehan Rauf බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි ව ලකුණු 25කට කඩුලු 4ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව සිම්බාබ්වේ කණ්ඩායමේ James Whyte නවසීලන්තයට එරෙහි ව ලකුණු 52කට කඩුලු 4ක් ද ගනිමින් දක්ෂතා දැක් වූවා.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව වන ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<