නිමා වූ ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වූ Matthew Kuhnemannගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා.
පසුගිය දා නිමා වූ තරගාවලියේ දී ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රධානතම හේතුවක් බවට පත් වූ Kuhnemann තරග දෙකේ දී කඩුලු 16ක් බිඳ හෙළීමට සමත් වූ අතර, එම තරගාවලිය අතරතුර දීම තරග නිළදාරීන් විසින් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට වාර්තා කර තිබෙනවා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
ඒ අනුව ඔහුට ඉදිරි සති කිහිපය තුළ සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ පරීක්ෂණවලට මුහුණ දීමට සිදු වන අතර, ඔහුට එල්ල වී ඇති චෝදනාවෙන් ඔහු නිදොස් බව තහවුරු වන තුරු ජාත්‍යන්තර ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට ද අවස්ථාවක් හිමි නොවනු ඇති.
දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<