2025 ජාතික මලල ක්‍රීඩා තේරීම් තරග ඊයේ (09) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී සාර්ථකව නිමාවට පත් වුනා.
ඊයේ දිනය තුළ නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි වූ අතර, එහි දී ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන රසාරා විජේසූරිය විසින් කාන්තා මීටර් 10,000 ඉසව්ව මිනිත්තු 33.39.60ක කාලයකින් නිමා කරමින් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර, 2017 වසරේ දී හිරුණි විජේරත්න විසින් පිහිටුවා තිබූ වාර්තාව තත්පර 15කින් පමණ ඉදිරියට රැගෙන ඒමට ඇය සමත් වීමත් විශේෂත්වයක්.
මීට අමතරව පිරිමි මීටර් 100 ඉසව්ව ජය ගැනීමට යුද හමුදාවේ නිමේෂ් චතුරංග සමත් වුනේ තත්පර 10.76ක කාලයක් වාර්තා කරමිනුයි.
එමෙන්ම පිරිමි මීටර් 400 ඉසව්ව ජය ගැනීමට යුද හමුදාවේ රන්දිම මදුශාන් සමත් වූ අතර, පිරිමි මීටර් 1500 ඉසව්ව ජය ගැනීමට නුවන් විමලසිරි විසින් සමත් වුනා.
මේ අතර කොළඹ ආනන්ද විද්‍යාලයේ ලෙසඳු අර්තවිදු විසින් පිරිමි උස පැනීමේ ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වුනේ මීටර් 2.18ක උසක් තරණය කරමින් වීම විශේෂත්වයක්.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්‍රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
කාන්තා මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කිරීමට යුද හමුදාවේ අනුරුද්දිකා මුතුකුමාරණ සමත් වූ අතර, කාන්තා මීටර් 400 ඉසව්ව ජය ගැනීමට නාවික හමුදාවේ ලක්ෂිමා මෙන්ඩිස් සමත් වුනා.
කාන්තා උස පැනීම ඉසව්ව ජයග්‍රහණය කිරීමට නාවික හමුදාවේ කෝෂිලා පෙරේරා විසින් සමත් වුනා.
දිනෙන් දින උණුසුම් වන දේශීය මලල ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.