ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier B කොටසේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග හතරක් සහ Tier A කොටසේ අර්ධ අවසන් පූර්ව වටයේ එක් තරගයක් ඊයේ (09) දිනයේ ක්‍රියාත්මක වුනා.
මෙම තරග අතුරින් Tier B තරග තුනක් ඊයේ නිමාවට පත් වූ අතර, එහි දී පූර්ණ ජයග්‍රහණ වාර්තා කරමින් අවසන් පූර්ව වටයට පිවිසීමට කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය සමත් වුනා.
එමෙන්ම අනෙක් තරගයෙන් ගාල්ල මහින්ද විද්‍යාලය පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට සමත් වුනා.
මෙම තරගවල දී කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය වෙනුවෙන් කෙවින් නානායක්කාර කඩුලු 05 දස්කමක් දක්වන අතරේ, කොළඹ ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් තිතිර සන්සිර කඩුලු 05 දස්කමක් සමඟ සමස්ත තරගයේ කඩුලු 09ක් දවා ගැනීමට සමත් වුනා.
මේ අතර පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය වෙනුවෙන් රුසිත් ජයවර්ධන අද දිනයේ දී කඩුලු 05 දස්කමක් දැක්වීමට සමත් වුනේ සමස්ත තරගයේ කඩුලු 11ක් දවා ගැනීමට සමත් වෙමිනුයි. මේ අතර ගාල්ල මහින්ද විද්‍යාලය වෙනුවෙන් සහන්ජිත් සමදිත් තුන් ඉරියව්වෙන් ම කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුනා.
මේ අතර දිනයේ කැපී පෙනෙන පිතිකරණ දක්ෂතාව දැක්වීමට මාතර සාන්ත තෝමස් විද්‍යාල නායක පෙසඳු සන්ජන් සමත් වුනේ නොදැවී ලකුණු 163ක් ලබාගනිමිනුයි.
මෙහි දී ඔහුගේ ඉනිම පන්දු 175ක් තුළ වාර්තා වූ අතර, ඒ වෙනුවෙන් ඔහුගේ පිත්තෙන් හතරේ පහර 23ක් එල්ල වී තිබුණා.
මෙම ඉනිම සමඟ රත්ගම දේවපතිරාජ විද්‍යාලය සමඟ පැවැත්වෙන තරගයේ දී පූර්ණ ජයක් හෝ අවම වශයෙන් ඉනිම ජයක් වෙනුවෙන් බලාපොරොත්තු ඉතිරි කර ගැනීමට මාතර සාන්ත තෝමසුවන්ට අවකාශය ඉතිරි වුනා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය
(රත්නපුර දිස්ත්‍රික්ක ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)
- ඉසිපතන විද්‍යාලය – 197/10 (59.1) මලීෂ සඳරුවන් 46, ලෙසඳු කල්පගේ 45, ශෙහාන් කුමාර 3/50, යශ්මින් ජයසුන්දර 3/34 & 242/9d (56.2) ලෙසඳු කල්පගේ 70, කෙවින් නානායක්කාර 5/76
- සාන්ත ආනා විද්‍යාලය 232/10 (73.5) ඕෂධ කොඩිකාර 59, තිතිර සන්සිර 4/52, දසිත් සෙනාල් 4/72 & 115/10 (63.5) බුද්ධිම නන්දසිරි 23, තිතිර සන්සිර 5/31, දසිත් සෙනාල් 4/48
කොළඹ ඉසිපතන විද්‍යාලයට ලකුණු 92ක ජයක්.
ගාල්ල මහින්ද විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය
(මොණරාගල දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)
- මහින්ද විද්‍යාලය – 217/10 (84.4) දුල්සිත් දර්ශන 67, මනිත රාජපක්ෂ 60, රුසිත් ජයවර්ධන 6/65 & 182/10 (51.2) සහන්ජිත් සමදිත් 82, රුසිත් ජයවර්ධන 5/53
- ශ්‍රී සුමංගල විද්‍යාලය – 148/10 (57.3) අකිල වෙදමුල්ල 38, සහන්ජිත් සමදිත් 3/20 & 217/8 (45) සෙනිර විජේගුණසිංහ 61, සහන්ජිත් සමදිත් 3/72
තරගය ජය පැරදුමෙන් තොරයි, ගාල්ල මහින්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
කඳාන ද මැසනඩ් විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය
(කොළඹ සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)
- කඳාන ද මැසනඩ් විද්‍යාලය – 153/10 (40.5) ශෙවන් වෙල්ගම 26, විහස් තෙව්මික 5/37 & 102/10 (54.4) ප්‍රනීත් විතානගේ 28, සෙත්රූ ප්‍රනාන්දු 6/25, තනුග පලිහවඩන 4/40
- තර්ස්ටන් විද්‍යාලය – 217/10 (89) සෙත්රූ ප්‍රනාන්දු 68, පැතුම් ධනංජය 45, ශරිත් සුදීන 4/97 & 42/3 (3)
කොළඹ තර්ස්ටන් විද්‍යාලයට කඩුලු 10 ජයක්.
රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය
(කුරුණෑගල මලියදේව විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)
- දේවපතිරාජ විද්‍යාලය – 418/10 (109.2) ගිම්හාන් රසාන්ජන 119, මතීෂ සාරංග 62, දර්ශක සංදීප් 58, මනුග ගුරුගේ 4/142 පෙසඳු සන්ජන් 3/120
- සාන්ත තෝමස් විද්‍යාලය – 339/6 (70) පෙසඳු සන්ජන් 163*, අබ්දුල් මජීඩ් 67, චමිඳු පද්මික 2/49
දෙවැනි දිනය සඳහා තරගය නතර කළා.
කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය
(පොලොන්නරුව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)
- සාන්ත පීතර විද්‍යාලය – 214/10 (85.2) දිලන දම්සර 46, යෙනුල දෙව්තුස 5/48 & 22/2 (8)
- සාන්ත ජෝසප් විද්‍යාලය – 245/10 (81.2) අවීෂ සමාෂ් 92, ඩනික් පෙරේරා 54, ජොෂුවා සෙබස්තියන් 3/19, තරීන් සංඛේත් 3/46
දෙවැනි දිනය සඳහා තරගය නතර කළා.
පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<