ඕස්ට්‍රේලියාව පහසු තරගාවලි ජයක් කරා

Australia Tour Of Sri Lanka 2025

14

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 09ක පහසු ජයක් ලබාගැනීමට ඕස්ට්‍රේලියාව ඊයේ (09) සමත් වුනා. 

මෙම තරගයේ තෙවැනි දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 211ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 231කට සීමා වුනා. මෙහි දී කුසල් මෙන්ඩිස් ලකුණු 50ක් වාර්තා කිරීමට සමත් වූ අතර, Nathan Lyon සහ Matthew Kuhnemann කඩුලු 4 බැගින් දවා ගැනීමට සමත් වුනා. 

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ඕස්ට්‍රේලියාවට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 75ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් එය එක් කඩුල්ලක් පමණක් දැවී හඹා යාමට සමත් වුනා.  

මෙහි දී තම අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න ද පන්දු යැවීමේ නිරත වූ අතර, ඔහු යොමු කළ පන්දුවාරයේ දී ඕස්ට්‍රේලියාව නියමිත ඉලක්කය සපුරා ගැනීමට සමත් වීමත් විශේෂත්වයක්. 

මේ අනුව දෙරට අතර පැවැත්වුණු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව සමත් වුනා. 

දෙරට අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගය එළඹෙන 12 වැනි දා ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<