යාපනය හින්දු විද්‍යාලය සහ කොළඹ හින්දු විද්‍යාලය අතර 14 වැනි වරටත් පැවැති Battle of the Hindus වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ලකුණු 64ක ජයග්‍රහණයක් ලබා ගැනීමට යාපනය හින්දු විද්‍යාලය සමත් වූවා.
ඒ සමඟින් හින්දු කුසලානය සිව් වතාවක් ජයග්‍රහණය කරමින් වැඩිම වාර ගණනක් වාර්ෂික මහා ක්‍රිකට් තරග ජයගත් කණ්ඩායම බවට පත් වීමට ද යාපනය හින්දු විද්‍යාලය සමත් වෙනවා. කොළඹ හින්දු විද්‍යාලය ජයග්‍රහණය කර ඇති මහා ක්‍රිකට් තරග ප්‍රමාණය 3ක් වන අතර ඉතිරි තරග 7 නිමා වී ඇත්තේ විසඳුමකින් තොරවයි.
යාපනය හින්දු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 172ක් ලබා ගත් අතර සංචාරක ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 91ක් පමණයි.
ලකුණු 81ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම ක්‍රීඩා කළ යාපනය හින්දු විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 170ක් ලබා ගනිමින් තම ඉනිම අත්හිටවූවා. ඒ අනුව ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 252ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි යාපනය හින්දු විද්‍යාලයට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 187ක් පමණයි.
කොළඹ හින්දු විද්‍යාලයීය කණ්ඩායම
R Dheskar (නායක), T Yadushan, S Midhusigan (කඩුලු රකින්නා), T Santhosh, S Harsha Muthumina, P Shri Nithusaan, S Sarvish, T Yaadhav, S Sabeshan, M Abishek, V Yuvaraj,
යාපනය හින්දු විද්‍යාලයීය කණ්ඩායම
Pareshshith (නායක සහ කඩුලු රකින්නා), J. Bahavanan, Sutharsan Subarnan, A. Vithishan, I. Shrivasthan, K. Nithees, Gnanakaran Laksigan, T. Preemikaran, T. Preeththikan,S. Abivarnan, S. Hariharan
කාසියේ වාසිය දිනා ගත් යාපනය හින්දු විද්‍යාලයීය නායකයාගේ තීරණය වූයේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගැනීමයි. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ A Vithushan. ඔහු පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 49ක් ලබා ගත්තා.
ඊට අමතර ව නායක K. Pareshshith පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී V Yuvaraj ලකුණු 27කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව P Shri Nithusaan සහ R Dheskar කඩුලු 2ක් බැගින් ද T Santhosh කඩුල්ලක් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කොළඹ හින්දු විද්‍යාලයේ වැඩිම ලකුණුලාභියා වූයේ T Santhosh. ඔහු පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තා. කඩුලු දවා ගැනීමේ දී K Nithees ලකුණු 12කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරද්දී A Vithushan සහ Sutharsan Subarnan කඩුලු ද්විත්වය බැගින් ද S Hariharan කඩුල්ලක් ද දවා ගත්තා.
- චමෝදි නිමා වූ කාන්තා 19න් පහළ ලෝක කුසලානයේ හොඳම කණ්ඩායමට තෝරා ගනී!
- 2025 Battle of Hindus ක්රිකට් ගැටුමට JXG අනුග්‍රහය
- ඕස්ට්‍රේලියාව පරාජය කළත් ශ්‍රී ලංකාවේ ගමන නවතී
- ලෝක ඇගයීමට මඟ පෑදු දක්ෂතා
- කමිඳු ICC නැගී එන ක්‍රීඩකයා සම්මානය හිමි කර ගනී
ලකුණු 81ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි යාපනය හින්දු විද්‍යාලය එවර කඩුලු 9ක් දැවී ලකුණු 170ක් ලබා ගනිමින් ඉනිම අත්හිටුවනවා. එම ඉනිම වෙනුවෙන් නායක K Pareshshith පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 39ක් ලබා ගනිද්දී S Abivarnan පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 27ක් ලබා ගන්නවා.
ඊට අමතර ව I Shrivasthan පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 26ක් ද සහ A Vithushan පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 25ක් ද ලබා ගත්තා.
කඩුලු ලබා ගැනීමේ දී R Dheskar සහ V Yuvaraj කඩුලු 4ක් බැගින් දවා ගන්නවා.
ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 251ක් හඹා යෑමේ ඉනිමකට පිවිසි කොළඹ හින්දු විද්‍යාලයට එවර ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 187ක් පමණයි.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ S Midhusigan පන්දු 144කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් ලකුණු 72ක් ලබා ගන්නවා. එය මෙවර වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ වාර්තා වූ එක ම අර්ධ ශතකයයි.
ඔහුට අමතර ව S Sarvish පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 39ක් ලබා ගන්නවා.
පන්දු යැවීමේ දී Sutharsan Subarnan ලකුණු 58කට කඩුලු 6ක් දවා ගනිමින් මෙම තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව K Nithees කඩුලු 2ක් ද සහ S Abivarnan කඩුල්ලක් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
යාපනය හින්දු විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 172 (43.5) K Pareshshith 20, A Vithushan 49, P Shri Nithusaan 2/24, R Dheskar 2/39, V Yuvaraj 4/27
කොළඹ හින්දු විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 91 (32.5) T Santhosh 42, Sutharsan Subarnan 2/30, A Vithushan 2/13, K Nithees 4/12
යාපනය හින්දු විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 170 (54.0) K Pareshshith 39, A Vithushan 25, I Shrivasthan 26, S Abivarnan නොදැවී 27, V Yuvaraj 4/47, R Dheskar 4/35
කොළඹ හින්දු විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 187 (55.5) T Yadushan 25, S Midhusigan 72, S Sarvish 39, Sutharsan Subarnan 6/58, K Nithees 2/75
යාපනය හින්දු විද්‍යාලයට ලකුණු 64ක ජයක්.
- තරගයේ දක්ෂතම පන්දු යවන්නා – , V Yuvaraj (කොළඹ හින්දු විද්‍යාලය)
- තරගයේ දක්ෂතම පිතිකරු – S Midhusigan (කොළඹ හින්දු විද්‍යාලය)
- තරගයේ දක්ෂතම පන්දු රකින්නා – T. Preeththikan (යාපනය හින්දු විද්‍යාලය)
- තරගයේ වීරයා – Sutharsan Subarnan (යාපනය හින්දු විද්‍යාලය)
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<