ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier B කොටසේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග හතරක් සහ Tier A කොටසේ අර්ධ අවසන් පූර්ව වටයේ එක් තරගයක් ඊයේ (07) දිනයේ ක්‍රියාත්මක වුනා.
පසුගිය සිකුරාදා (07) දිනයේ ආරම්භ වූ Tier B තරග තුනට අමතරව, රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය Tier B තරගයක් සහ කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය අතර Tier A තරගයකුත් ඊයේ දිනයේ ආරම්භ වුනා.
මෙම තරගවල දී කොළඹ තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් සෙත්රූ ප්‍රනාන්දු කඩුලු 6 දස්කමක් දැක්වීමට සමත් වූ අතර, කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් යෙනුල දෙව්තුස කඩුලු 5 දස්කමක් දැක්වීමට ද සමත් වුනා.
මේ අතර ඊයේ දිනයේ කැපී පෙනෙන පිතිකරණ දක්ෂතාව ලෙස රත්ගම දේවපතිරාජ විද්‍යාලය වෙනුවෙන් ගිම්හාන් රසාන්ජන රැස් කල විශිෂ්ට ශතකය (ලකුණු 119ක්) හඳුන්වා දිය හැකි.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- Major Club කාන්තා එක්දින තරගාවලියටත් දින තබයි
- Youth පිටිය වැනසූ කෙල්ලෝ
- ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරග ඉතිහාසය
- England Lions පහසු ජයක් කරා
කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය
(රත්නපුර දිස්ත්‍රික්ක ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)
- ඉසිපතන විද්‍යාලය – 197/10 (59.1) මලීෂ සඳරුවන් 46, ලෙසඳු කල්පගේ 45, ශෙහාන් කුමාර 3/50, යශ්මින් ජයසුන්දර 3/34 & 82/3 (26)
- සාන්ත ආනා විද්‍යාලය 232/10 (73.5) ඕෂධ කොඩිකාර 59, තිතිර සන්සිර 4/52, දසිත් සෙනාල් 4/72
දෙවැනි දිනයට දිනට තරගය නතර කළා.
ගාල්ල මහින්ද විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය
(මොණරාගල දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)
- මහින්ද විද්‍යාලය – 217/10 (84.4) දුල්සිත් දර්ශන 67, මනිත රාජපක්ෂ 60, රුසිත් ජයවර්ධන 6/65 & 57/4 (23)
- ශ්‍රී සුමංගල විද්‍යාලය – 148/10 (57.3) අකිල වෙදමුල්ල 38, සහන්ජිත් සමදිත් 3/20
දෙවැනි දිනයට තරගය නතර කළා.
කඳාන ද මැසනඩ් විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය
(කොළඹ සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)
- කඳාන ද මැසනඩ් විද්‍යාලය – 153/10 (40.5) ශෙවන් වෙල්ගම 26, විහස් තෙව්මික 5/37 & 89/9 (48) ප්‍රනීත් විතානගේ 28, සෙත්රූ ප්‍රනාන්දු 6/23, තනුග පලිහවඩන 3/29
- තර්ස්ටන් විද්‍යාලය – 217/10 (89) සෙත්රූ ප්‍රනාන්දු 68, පැතුම් ධනංජය 45, ශරිත් සුදීන 4/97
දෙවැනි දිනයට තරගය නතර කළා.
රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය
(කුරුණෑගල මලියදේව විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)
- දේවපතිරාජ විද්‍යාලය – 373/7 (92) ගිම්හාන් රසාන්ජන 119, මතීෂ සාරංග 62, දර්ශක සංදීප් 58, පෙසඳු සන්ජන් 3/109
පළමු දිනය සඳහා තරගය නතර කළා.
කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය
(පොලොන්නරුව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)
- සාන්ත පීතර විද්‍යාලය – 214/10 (85.2) දිලන දම්සර 46, යෙනුල දෙව්තුස 5/48
- සාන්ත ජෝසප් විද්‍යාලය – 3/0 (2)
පළමු දිනය සඳහා තරගය නතර කළා.
පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<