යුපුන්ට විශිෂ්ට ජයක්!

32
Yupun aeykoon

ශ්‍රී ලාංකේය කෙටි දුර ධාවනයේ විශිෂ්ටතම ක්‍රීඩකයකු ලෙසින් ඉතිහාසය අලුත් කරමින් සිටින යුපුන් අබේකෝන් විසින් ෆින්ලන්තයේ දී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වී තිබෙනවා.

ෆින්ලන්තයේ පැවැත්වෙන Tampere Indoor Meeting ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේ දී පිරිමි මීටර් 60 ඉසව්ව නියෝජනය කළ යුපුන් අබේකෝන් විසින් තත්පර 6.66කින් ඉසව්ව අවසන් කරමින් දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුනා.

මෙම දක්ෂතාව මෙම තරග වාරයේ ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස ද සටහන් වීම විශේෂත්වයක්.

එමෙන්ම ඔහුට තරගයේ පළමු ස්ථානය අහිමි වී ගියේ ද ඉතාම සුළු සීමාවකින් වීමත් විශේෂත්වයක්.

මේ අතර මීට පෙර ඉසව්වේ මූලික වටයේ තරගයක දී ද ඔහු විසින් තත්පර 6.69කින් ඉසව්ව අවසන් කරමින් එහි පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනා.

දෙස් විදෙස් මලල ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<