ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ (06) දිනයෙන් ආරම්භ වුනා.
ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නගේ 100 වැනි ටෙස්ට් තරගය ද මෙය වන අතර, මෙය ඔහුගේ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ද වන බව මීට පෙර දැනුම් දුන් නිසා තරගයට ඇති අවධානය තවත් ඉහළ ගියා.
තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායකයා සතු වූ අතර, ඔහුගේ තීරණය අනුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය ලෙස පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහර දීමට පිටියට අවතීර්ණ වුනා.
කෙසේ වෙතත් පැතුම්ගේ ඉනිම ලකුණු 11කට සීමා වූ අතර, ඉන් පසුව කඩුල්ලේ එක් වූ දිමුත් සහ දිනේෂ් චන්දිමාල් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 70ක් එක් කිරීමට සමත් වුනා.
කෙසේ වෙතත් දිමුත්ගේ ඉනිම ලකුණු 36කට සීමා වීමත් සමඟ ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු බිඳ වැටීම ආරම්භ වීමට පටන් ගත්තා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
වරෙක එක් කඩුල්ලකට ලකුණු 93ක් ලෙස දිස් වූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව තවත් මොහොතකට පසුව කඩුලු 6කට ලකුණු 150ක් ලෙස දිස් වුනා.
මෙම තරගයේ දී ද නොසිතූ අයුරින් ශ්‍රී ලංකා මැද පෙළ බිඳ වැටීම සිදු වූ අතර, එතෙක් වෙලා ශ්‍රී ලංකාවේ ගෞරවය වෙනුවෙන් සටන් කල චන්දිමාල්ගේ ඉනිම ද ලකුණු 74කට සීමා වුනා.
කෙසේ වෙතත් ඉනිමේ 07 වැනි කඩුල්ල වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් සහ කුසල් මෙන්ඩිස් අතරේ ලකුණු 65ක් එක් වූ අතර, රමේෂ්ගේ පිත්තෙන් මේ සඳහා ලකුණු 28ක් එක් වුනා.
ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනය සඳහා තරගය නතර කරා විට කඩුලු 9ක් දැවී ලකුණු 229ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, නොදැවී කඩුල්ලේ රැඳී සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් ලබා ගැනීමට සමත් වී සිටියා.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ Mitchell Starc සහ Nathan Lyon කඩුලු 03 බැගින් බිඳ හෙළීමට සමත් වීම විශේෂත්වයක්.
තරගයේ දෙවැනි දිනය අද (07) ක්‍රියාත්මක වීමට නියමිතයි.
දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<