ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ අද (01) පැවැති BRC සහ Tamil Union අතර තරගයේ දී Tamil Union කණ්ඩායමේ නායක තරිඳු රත්නායක BRC කණ්ඩායමට එරෙහි ව ලකුණු 65කට කඩුලු 9ක් දවා ගනිමින් දවසේ කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් වුනා.
එය ඔහුගේ තරග 69ක පළමු පෙළ තරගවල හොඳම පන්දු යැවීම වූ අතර පන්දුවට පහර දීමේ දී ද ඔහු අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වෙනවා.
මේ අතර අනෙකුත් පන්දු යවන්නන් අතුරින් BRC කණ්ඩායමේ නායක මාලින්ද පුෂ්පකුමාර සහ Nugegoda කණ්ඩායමේ නායක තිලකරත්න සම්පත් කඩුලු 6ක් බැගින් දවා ගනිද්දී ACE Capital කණ්ඩායමේ වනුජ සහන්, Panadura කණ්ඩායමේ නිමේෂ් විමුක්ති සහ Bloomfield කණ්ඩායමේ රවිඳු ප්‍රනාන්දු කඩුලු 5ක් බැගින් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
පිතිකරුවන් ලෙසින් දක්ෂතා දැක් වූවන් අතුරින් Ragama සහ Colts කණ්ඩායම් අතර තරගයේ දී Colts කණ්ඩායමේ ධනංජය ලක්ෂාන් සහ මුදිත ලක්ෂාන් ශතක වාර්තා කිරීමට සමත් වුනා. මෙම තරගයේ ඊට පෙර දිනයේ දී එම කණ්ඩායමේ ම සනෝජ් දර්ශික ද ශතකයක් ලබා තිබුණා.
ධනංජය ලක්ෂාන් පන්දු 196කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 150ක් ලබා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ තරග 56ක 5 වැනි ශතකය බවට පත් වුනා.
මුදිත ලක්ෂාන් පන්දු 131කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 117ක් ලබා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ තරග 11ක හොඳම ඉනිම බවට පත් වුනා.
මේ අතර Chilaw Marians කණ්ඩායමේ ශෙහාන් ජයසූරිය Panadura කණ්ඩායමට එරෙහි ව පන්දු 214කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 130ක් ලබා ගැනීමට සමත් වූ අතර එය ඔහුගේ පළමු පෙළ තරග 85ක 13 වැනි ශතකයයි.
ACE Capital කණ්ඩායමේ පවන්ත වීරසිංහ Negombo කණ්ඩායමට එරෙහි ව පන්දු 158කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 101ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග 30ක 3 වැනි ශතකයයි.
ඊට අමතර ව Ragama කණ්ඩායමේ ජනිත් ලියනගේ, ACE Capital කණ්ඩායමේ තනුක දාබරේ, Tamil Union කණ්ඩායමේ නවෝද් පරණවිතාන සහ තරිඳු රත්නායක, CCC කණ්ඩායමේ අංජල බණ්ඩාර සහ NCC කණ්ඩායමේ සහන් ආරච්චිගේ අද දවසේ දී අර්ධ ශතකලාභීන්ගේ ලැයිස්තුවට එක් වුනා.
මේ අතර අද Police සහ Bloomfield කණ්ඩායම් අතර තරගය අවසන් වූ අතර එම තරගයෙන් ලකුණු 61ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Bloomfield කණ්ඩායම සමත් වුනා.
තරගවල කෙටි ලකුණු පුවරු
A කාණ්ඩය
Chilaw MCC සහ Panadura SC අතර තරගය සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.
- Chilaw Marians– පළමු ඉනිම සියලුම දෙනා දැවී 303 (94.4) ලසිත් ලක්ෂාන් 32, ශෙහාන් ජයසූරිය 130, රවීන් යසස් 36, තික්ෂිල ද සිල්වා 32, මොහොමඩ් ඩිල්ශාඩ් 2/58, සහන් මිහිර 2/61, නිමේෂ් විමුක්ති 5/85
- Panadura– පළමු ඉනිම සියලුම දෙනා දැවී 146 (57.1)ඉරෝෂ් සමරසූරිය 32, රනිත ලියනාරච්චි 26, දුශාන් විමුක්ති 4/53, දුවිඳු තිලකරත්න 2/23, සුමින්ද ලක්ෂාන් 4/32
- Panadura– දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 63 (16.0)කේශර නුවන්ත නොදැවී 18
Negombo CC සහ ACE Capital CC අතර තරගය කටුනායක FTZ ක්‍රීඩාංගණයේ දී.
- ACE Capital– පළමු ඉනිම සියලුම දෙනා දැවී 228 (56.5) උදයවංශ පරාක්‍රම55, රවිඳු රත්නායක 59, වනුජ සහන් 44, රොෂාන් ජයතිස්ස 36, මාධව වර්ණපුර 2/41, ෂෙහාන් ප්‍රනාන්දු 3/39, උපුල් ඉන්ද්‍රසිරි 4/44
- Negombo– පළමු ඉනිම සියලුම දෙනා දැවී 153 (49.0) ඩිල්ශාන් මුණවීර 21, හිමාෂ ලියනගේ 20, ෂෙශාන් ප්‍රනාන්දු 26, උමේෂ් ලක්ෂාන් නොදැවී 29, වනුජ සහන් 5/62, නිම්සර අතරගල්ල 2/38, රොෂාන් ජයතිස්ස 3/21
- ACE Capital– පළමු ඉනිම කඩුලු 3ක් දැවී 223 (65.0) පවන්ත වීරසිංහ 101, තනුක දාබරේ 60, රවීන් ද සිල්වා 42
Colts CC සහ Ragama CC අතර තරගය හැව්ලොක් පෙදෙස Colts ක්‍රීඩාංගණයේ දී.
- Colts– පළමු ඉනිම කඩුලු 6ක් දැවී 506 (106.3) සංගීත් කුරේ 21, යොහාන් මෙන්ඩිස් 38, සනෝජ් දර්ශික 101, ධනංජය ලක්ෂාන් 150, මුදිත ලක්ෂාන් නොදැවී 117, කවිශ්ක අංජුල 31, ශෂික දුල්ශාන් 2/106
- Ragama– පළමු ඉනිම කඩුලු 6ක් දැවී 191 (57.0)ජනිත් ලියනගේ 67, විනුර දුල්සර 40, රවිඳු සෙම්බුකුට්ටි නොදැවී 22, ගජිත කොටුවේගොඩ නොදැවී 19, උදිත මදුශාන් 2/17, තරණ විමලධර්ම 2/42
මෙම තරග සියල්ල හෙට (02) 3 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.
Police SC සහ Bloomfield C & AC අතර තරගය කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේ දී.
- Bloomfield – පළමු ඉනිම සියලුම නො දැවී 216 (87.1)රොන් චන්ද්‍රගුප්ත 40, මිනෙත් ප්‍රේමරත්න 49, ලහිරු මදුශංක 26, ඉසිත විජේසුන්දර 54, නලින් ප්‍රියදර්ශන 3/80, දිලුම් සුදීර 5/80
- Police– පළමු ඉනිම සියලුම දෙනා දැවී 112 (28.4)සංගීත් ෂෙහාර 20, නදීර බාලසූරිය 49, ඉසිත විජේසුන්දර 2/26, රවිඳු ප්‍රනාන්දු 4/33, සහන් නානායක්කාර 2/22
- Bloomfield– දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 127 (34.4)ලහිරු මදුශංක 42, ඉසිත විජේසුන්දර 30, නලින් ප්‍රියදර්ශන 6/58, දිලුම් සුදීර 2/27
- Police – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 170 (53.0) නදීර බාලසූරිය 47, නලින් ප්‍රියදර්ශන නොදැවී 47, ඉසිත විජේසුන්දර 3/22, රවිඳු ප්‍රනාන්දු 5/73
Bloomfield කණ්ඩායමට ලකුණු 61ක ජයක්.
- නලින් ප්රියදර්ශනත් ත්‍රිත්ව කඩුලු සමාජයට
- ඕස්ට්‍රේලියාව පරාජය කළත් ශ්‍රී ලංකාවේ ගමන නවතී
- ICC වසරේ ක්රිකට් ක්‍රීඩකයා සම්මානය Jasprit Bumrahට හිමි වෙයි
- Warne-Murali දඟ පන්දු කුසලාන ඉතිහාසය
- ලෝක ඇගයීමට මඟ පෑදු දක්ෂතා
B කාණ්ඩය
Moors SC සහ SSC අතර තරගය බොරැල්ල P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.
- Moors SC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 412 (116.1)ජනිශ්ක පෙරේරා 87, සොහාන් ද ලිවේරා 36, ලසිත් අබේරත්න 83, පසිඳු සූරියබණ්ඩාර 85, දිනුක ඩිල්ශාන් 42, රමේෂ් මෙන්ඩිස් 33, ප්‍රමෝද් මදුශාන් 4/69, කවිඳු නදීශාන් 2/51
- SSC– පළමු ඉනිම කඩුලු 5ක් දැවී 136 (37.0) ශෙවෝන් ඩැනියෙල් 20, ක්‍රිශාන් සංජුල 32, චරිත් අසලංක නොදැවී 26, දසුන් ශානක නොදැවී 39, චානුක ඩිල්ශාන් 3/44
BRC සහ Tamil Union C & AC අතර තරගය කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී.
- Tamil Union– පළමු ඉනිම සියලුම දෙනා දැවී 224 (37.0)නවෝද් පරණවිතාන 24, සිනෙත් ජයවර්ධන 72, මොහොමඩ් ශමාස් 20, අයන සිරිවර්ධන 20, ලහිරු සමරකෝන් නොදැවි 49, මොහොම්ඩ ශිරාස් 5/63, මාලින්ද පුෂ්පකුමාර 5/123
- BRC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 202 (65.3)රොෂේන් සිල්වා 67, ඩිල්ශාන් ද සොයිසා 35, මාලින්ද පුෂ්පකුමාර නොදැවී 22, තරිඳු රත්නායක 9/65
- Tamil Union– දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 259 (67.0)නවෝද් පරණවිතාන 98, සඳුන් වීරක්කොඩි 22, තරිඳු රත්නායක 81, මාලින්ද පුෂ්පකුමාර 6/93, මොවින් සුබසිංහ 3/86
- BRC– දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 11 (4.0)
NCC සහ CCC අතර තරගය කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.
- CCC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 474 (116.3)ලසිත් කෲස්පුල්ලේ 128, පවන් රත්නායක 194, අංජල බණ්ඩාර 85, චාමික කරුණාරත්න 3/76, අසේල් සිගේරා 2/52, ලසිත් ඇඹුල්දෙණිය 2/111
- NCC– පළමු ඉනිම කඩුලු 2ක් දැවී 136 (45.0)කමිල් මිෂාර නොදැවී 45, සහන් ආරච්චිගේ නොදැවී 60
Nugegoda S &WC සහ Kurunegala YCC අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී.
- KurunegalaYouth – පළමු ඉනිම සියලුම දෙනා දැවී 277 (126) ගයාන් මනීශාන් 112, දිල්හාර පොල්ගම්පළ 32, ලක්ෂාන් එදිරිසිංහ 42, සමීර සඳමාල් 20, දිනුෂ්ක මාලන් 31, තිලකරත්න සම්පත් 6/48, චාමිකර එදිරිසිංහ 2/100
- Nugegoda– පළමු ඉනිම කඩුලු 7ක් දැවී 157 (65.0)තිලකරත්න සම්පත් 31, ලක්ෂාන් ගමගේ නොදැවී 46, කවික ඩිල්ශාන් 3/71
මෙම තරග සියල්ල හෙට (02) 3 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මක වේ.
SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.