Kohli වසර 12කට පසුව රංජි කුසලානයට!

64
Virat kohli

ඉන්දීය සුපිරි පිතිකරු Virat Kohli නැවතත් රංජි කුසලානය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට පැමිණීමට සූදානම් බව දැනුම් දී තිබෙනවා.

අවසන් වරට මීට වසර 12කට පෙර (2012 නොවැම්බර් මාසයේ දී) ඔහු විසින් ඉන්දීය දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගයක් වෙනුවෙන් සහභාගී වී ඇති අතර, මෙවර රංජි කුසලානයේ දී Delhi කණ්ඩායම නියෝජනය කරමින් තරග වැදීමට තමන් සූදානම් බව Kohli තහවුරු කර තිබෙනවා.

ඒ අනුව Delhi සහ දුම්රිය (Railway) කණ්ඩායම් අතර ජනවාරි 30 සිට පෙබරවාරි 02 දක්වා පැවැත්වීමට නියමිත තරගයේ දී ඔහු නැවතත් පළමු පෙළ ක්‍රිකට් පිටියට අවතීර්ණ වනු ඇති.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ඇති නීති අතරින් ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් දේශීය ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීම අනිවාර්යය කිරීමට පසුගිය දා BCCI විසින් ගත් තීරණය මත Kohli විසින් මෙම තීරණයට එළඹුණා ද යන්න නම් තවමත් තහවුරු වී නැහැ.

එමෙන්ම Rishabh Pant සහ Ravindra Jadeja ද Delhi කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වනවා.

මීට අමතරව Rohit Sharma, Shubman Gill, Yashasvi Jaiswal වැනි සුපිරි ඉන්දීය තරු ද මෙවර දේශීය තරග බිමේ දී ක්‍රීඩා කරන අයුරු දැක බලා ගත හැකි වනු ඇති.

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<