මාතර සාන්ත තෝමස් සහ ගාල්ල මහින්ද විද්‍යාලය ජයග්‍රහණ ලබයි

U19 Division 1 Schools Cricket Tournament 2024/25

126
U19 Division 1 Schools Cricket Tournament 2024/25

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් ඊයේ (08) දිනයෙන් නිමාවට පත් වුනා.

මෙම තරග ද්විත්වය ම විසඳුමක් සහිතව නිමාවට පත් වූ අතර, මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය මෙහි දී ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුනා.

මෙහි දී සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් පෙසඳු සන්ජන් කඩුලු 6 දක්ෂතාවක් සමඟ සමස්ත තරගයේ දී කඩුලු 09ක් බිඳ හෙළනා අතරේ, මනුග ගුරුගේ කඩුලු 07ක් දවා ගැනීමට සමත් වුනා.

මේ අතර ගාල්ල මහින්ද විද්‍යාලයට ජයග්‍රහණය සඳහා මාර්ගය විවර කර දුන් දුල්සිත් දර්ශන ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර, සෙනුක දංගමුව කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වීම විශේෂත්වයක්.

කොළඹ ආනන්ද විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය

(මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී)

ආනන්ද විද්‍යාලය – 95/10 (44.2) කෙනුල් ද සොයිසා 26, පෙසඳු සන්ජන් 3/14, මනුග ගුරුගේ 3/26 & 49/10 (20) කෙනුල් ද සොයිසා 11, පෙසඳු සන්ජන් 6/22, මනුග ගුරුගේ 4/19

 

සාන්ත තෝමස් විද්‍යාලය – 85/10 (25.2) මනුග ගුරුගේ 18, දසිත් බටුගහගේ 4/30 & 64/5 (18.2) පෙසඳු සංජන් 23, ශාරද ජයරත්න 4/31

මාතර සාන්ත තෝමස් විද්‍යාලයට කඩුලු 5ක ජයක්.

කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය

(මහින්ද විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 83/10 (32.3) නවීන් නෙත්සර 19, කවීන් රුක්ෂාන් 2/9, අරෝෂ උදයංග 2/12 & 72/10 (38.1) නවීන් නෙත්සර 15, සෙනුක දංගමුව 5/38, අරෝශ උදයංග 3/26

 

මහින්ද විද්‍යාලය – 201/10 (52.4) දුල්සිත් දර්ශන 106, මහීෂ සිතුම් 3/73, විහඟ තීක්ශණ 3/26

ගාල්ල මහින්ද විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 46ක ජයක්.

මීට අමතරව තවත් තරග ද්විත්වයක් ඊයේ දිනයෙ දී ආරම්භ වුනා. මෙම තරග රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අතරත්, කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ කැලණිය ගුරුකුල විද්‍යාලය අතරත් ක්‍රියාත්මක වුනා.

එම තරගවල දී මලියදේව විද්‍යාලය වෙනුවෙන් දිමත් අබේසිංහ විසින් කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වීම විශේෂත්වයක්. එම තරග ද්විත්වය අද (09) දිනයේ දී නිමා වීමට නියමිතයි.

පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<