ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (08) පැවැත්වුණු එක්දින තරගයෙන් ලකුණු 113ක ඉතා පහසු ජයක් ලබා ගැනීමට නවසීලන්තය සමත් වුනා.
තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, මේ නිසා තරගය පන්දුවාර 37කට සීමා වුනා. තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහර දීමට නවසීලන්තයට ඇරයුම් කළ අතර, මෙහි දී නවසීලන්ත පිතිකරුවන් විසින් නියමිත පන්දුවාර 37 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 255ක් ලබා ගැනීමට සමත් වුනා.
මේ වෙනුවෙන් Rachin Ravindraගේ පිත්තෙන් ලකුණු 79ක් එක් වූ අතර, Mark Chapmanගේ පිත්තෙන් ලකුණු 62ක් එක් වුනා. ඔවුන් දෙදෙනා හැරුණු කොට Daryl Mitchell ලකුණු 38කින් ඉනිමට දායක වුනා.
මෙම තරගයේ දී මහීෂ් තීක්ෂණ විසින් කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත් වීම විශේෂත්වයක්. ඒත් සමඟින් ඔහු සමස්ත නවසීලන්ත ඉනිමේ කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර, වනිඳු හසරංග කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.
කෙසේ වෙතත් වනිඳු සහ මහීෂ් හැරුණු කොට අනෙක් සියලු ශ්‍රී ලංකා පන්දු යවන්නන් නවසීලන්ත පිතිකරුවන් හමුවේ දැඩි ප්‍රහාරයකට ලක් වීමත් විශේෂත්වයක්.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි0
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
පසුව ශ්‍රී ලංකා කණ්ඩායම පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි අතර, මෙහි දී ශ්‍රී ලංකා මුල් පෙළ දරුණු බිඳ වැටීමකට ලක් වුනා. මෙහි දී ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 4ක් ලකුණු 22ක් තුළ දැවී ගිය අතර, ඉන් පසුව කමිඳු මෙන්ඩිස් සහ ජනිත් ලියනගේ විසින් පස් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57ක් එක් කිරීමට සමත් වුනා.
මෙහි දී ජනිත් ලියනගේ විසින් ලකුණු 22ක් ලබා ගත් අතර, ඉනිමේ දෙවැනි ඉහළම ලකුණු ලාභියා වුනේ ද ඔහුයි. ඉනිමේ එකම අර්ධ ශතක ලාභියා මෙන්ම සාර්ථකම පිතිකරු බවට පත් වූ කමිඳු මෙන්ඩිස් පන්දු 66ක් තුළ ලකුණු 64ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහුගේ ඉනිම හයේ පහර ත්‍රිත්වයකින් සහ හතරේ පහර 5කින් වර්ණවත් වුනා.
මීට අමතරව චමිඳු වික්‍රමසිංහ විසින් ලකුණු 17ක් ලබා ගත්තා. ඒ හැරුණු කොට ශ්‍රී ලංකාව වෙනුවෙන් එකඳු පිතිකරුවකු හෝ සාර්ථක වුනේ නැහැ.
නවසීලන්තය වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ Will O’Rourke කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූ අතර, Jacob Duffy විසින් කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.
තරගයේ වීරයා සම්මානය Rachin Ravindra හට හිමි වුනා.
දෙරට අතර තෙවැනි සහ අවසන් එක්දින තරගය එළඹෙන සෙනසුරාදා (11) පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් නවසීලන්තය මේ වන විටත් තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වී අවසන්.
මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<