ඉසිපතන සහ සාන්ත සෙබස්තියන් විද්‍යාල පූර්ණ ජයග්‍රහණ ලබයි

U19 Division 1 Schools Cricket Tournament 2024/25

101
U19 Division 1 Schools Cricket Tournament 2024/25

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග හයක් ඊයේ (07) දිනයෙන් අවසන් වුනා.

එම තරග අතරින් ජයග්‍රහණ ලබා ගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය විසින් සමත් වීම විශේෂත්වයක්.

මෙම තරගවල දී පන්දුවෙන් සහ පිත්තෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම සමත් වුනා.

කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය වෙනුවෙන් ජනිඳු නන්දසේන සහ ශරුජන් ශන්මුගනාදන් අර්ධ ශතක ලබා ගත් අතර, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් දිනෙත් ගුණවර්ධන ද අර්ධ ශතකයක් වාර්තා කළා.

මේ අතර මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ජයග්‍රහණයක් ලබා දීම වෙනුවෙන් මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලයේ ඉනිම් දෙකේ කඩුලු 11ක් දවා ගැනීමට මලින්ත සිල්වා සමත් වුනා.

මේ අතර කොළඹ මහානාම විද්‍යාලය වෙනුවෙන් සිතුම් විහඟ කඩුලු 8ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර, ඔහු පිත්තෙන් ද ඉනිම් දෙකේ ම සාර්ථක වුනා. එමෙන්ම මහානාම විද්‍යාලයට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ප්‍රවීන් මනීෂ ඉනිම් දෙක තුළ කඩුලු 11ක් දවා ගත්තා.

කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය වෙනුවෙන් ඩිලාශ් කුමාරනායක ශතකයක් වාර්තා කළ අතර, එම තරගයේ දී කොළඹ නාලන්දා විද්‍යාලය වෙනුවෙන් නදුල් ජයලත් ලකුණු 91ක් වාර්තා කිරීමට සමත් වීමත් විශේෂත්වයක්.

මේ අතර මොරටු මහා විද්‍යාලය වෙනුවෙන් ඉසුරු නිදර්ශන සහ සංජන සෙනෙවිරත්න ශතක වාර්තා කළා.

එමෙන්ම කොළඹ වෙස්ලි විද්‍යාලයට එරෙහිව විශිෂ්ට ජයක් ලැබූ කොළඹ ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් චනුල් දිනෝත් සහ දිමුතු තාරක කඩුලු 5 දස්කම් දක්වන අතරේ, වෙස්ලි විද්‍යාලය වෙනුවෙන් දිනුජ සාමරත්න කඩුලු 6 දස්කමක් ප්‍රදර්ශනය කිරීමට සමත් වීමත් විශේෂත්වයක්.

කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය

(සාන්ත තෝමස් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 179/10 (63.5) ජනිඳු නන්දසේන 73, ආරෝන් ද සිල්වා 3/25 & 118/10 (50.2) ශරුජන් ශන්මුගනාදන් 92, ඩේරියන් මාලෝන් 4/28

 

සාන්ත තෝමස් විද්‍යාලය – 232/9d (82.1) දිනෙත් ගුණවර්ධන 94, අවිනාශ් ප්‍රනාන්දු 46, සමිඳු පීරිස් 4/34

තරගය ජය පැරදුමෙ තොරයි, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය

(මාරිස් ස්ටෙලා විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 212/10 (56.5) කවීශ පෙරේරා 55, අදේශ් අල්මේදා 40, ඕෂධ ගුණසිංහ 4/67 & 114/2 (29.5) කවීශ පෙරේරා 66

 

මාරිස් ස්ටෙලා විද්‍යාලය – 107/10 (30.4) ඕෂධ ගුණසිංහ 41, මලින්ත සිල්වා 4/21 & 218/10 (f/o) (38) සෆ්නි ඩීන් 47, මලින්ත සිල්වා 7/65

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට කඩුලු 08ක ජයක්.

කොළඹ මහානාම විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය

(BRC ක්‍රීඩාංගණයේ දී)

මහානාම විද්‍යාලය – 168/10 (47.4) සිතුම් විහඟ 38, ප්‍රවීන් මනීශ 4/55 & 244/8d (53) සිතුම් විහඟ 72, ප්‍රවීන් මනීෂ 7/92

 

ලුම්බිණි විද්‍යාලය – 144/10 (40) බිම්සර වීරසිංහ 36, අනුක විජේවර්ධන 4/25, සිතුම් විහඟ 4/36 & 126/7 (50) අශාන් ශනිල්ක 44, සිතුම් විහඟ 4/40

තරගය ජය පැරදුමෙන් තොරයි, මහානාම විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය

(ඩී.එස්.සේනානායක විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)

ඩී.එස්.සේනානායක විද්‍යාලය – 316/9d (91.3) ඩිලාශ් කුමාරනායක 101, ශනල් බිනුශ්ක 76, සදෙව් සමරසිංහ 4/61 & 106/5 (29) ශනල් බිනුශ්ක 29*

 

නාලන්දා විද්‍යාලය – 276/10 (77) නදුල් ජයලත් 91, ඔසඳ පමුදිත 59, චනුල් අතලේ 3/19, ශනල් බිනුශ්ක 3/62

තරගය ජය පැරදුමෙන් තොරයි, ඩී.එස්.සේනානායක විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මොරටු මහා විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය

(අඹේපුස්ස සිංහ රෙජිමේන්තු ක්‍රීඩාංගණයේ දී)

මොරටු මහා විද්‍යාලය – 300/6d (79) ඉසුරු නිදර්ශන 118, සංජන සෙනෙවිරත්න 104, ශෙහාන් කුමාර 3/92 & 33/2 (12)

 

සාන්ත ආනා විද්‍යාලය – 311/8d (106.3) කුශාන් සුබසිංහ 69, වගීශ රණසිංහ 52, සත්සර මිහිරංග 3/67

තරගය ජය පැරදුමෙන් තොරයි, සාන්ත ආනා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කොළඹ වෙස්ලි විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය

(වෙස්ලි විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)

වෙස්ලි විද්‍යාලය -91/10 (32.4) රුක්ෂාන් තරංග 25, චනුල් දිනෝත් 5/29 & 182/10 (52.5) ලිතුම් සෙනුජ 55, දිමුතු තාරක 5/31,

 

ඉසිපතන විද්‍යාලය – 233/10 (54.3) රුචිත් රොද්‍රිගෝ 48, චනුල් දිනෝත් 47, දිනුජ සාමරත්න 6/63 & 41/1 (7.4)

ඉසිපතන විද්‍යාලයට කඩුලු 09ක ජයක්.

මේ අතර ඊයේ (07) දිනයේ දී තවත් තරග ද්විත්වයක් ආරම්භ වුනා. මෙහි දී කොළඹ ආනන්ද විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය පූර්ණ නිමාවක් සහිතව අවසන් වීමට වැඩි ඉඩක් ලබමින් ක්‍රියාත්මක වූ අතර, සාන්ත තෝමසුවන් ජයග්‍රහණයක් පෙනෙන මානයට පැමිණ තිබෙනවා.

එමෙන්ම කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරගය ද ඊයේ ආරම්භ වූ අතර, එම තරගය ද අද (08) දිනයෙන් අවසන් වනු ඇති.

පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<