ගුවන් සහ වරාය ජාතික වොලිබෝල් ශූරතා දිනාගනී

Munchee Super League Volleyball Championship 2024

74

ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය සංවිධානය කළ මංචි කුසලාන සුපර් ලීග් ජාතික වොලිබෝල් ශූරතාවලියේ කාන්තා ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ද පිරිමි ශූරතාව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ද පසුගියදා දිනා ගනු ලැබුවා.

වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයිනේ ප්‍රබලත ම කණ්ඩායම් තරග වැදුන අතර එහි කාන්තා තරගාවලියේ අවසන් තරගය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායම ද පිරිමි තරගාවලියේ අවසන් තරගය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායම සහ ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායම ද එක් වුනා.

කාන්තා තරගාවලිය

කාන්තා තරගාවලියේ අවසන් තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර තරගය වට 4ක් දක්වා පවත්වාගෙන යෑමට දෙපිලේ ම ක්‍රීඩිකාවෝ සමත් වුනා. එහි දී පළමු වට ද්විත්වය 25-12ක් සහ 25-20ක් ලෙසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ ජයග්‍රහණය කළ අතර 3 වැනි වටයේ දී ලකුණු 25-14ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායම සමත් වෙනවා.

ඒ අනුව පැවැති සිව් වැනි වටයේ දී නැවතත් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 25-19ක් ලෙසින් ජයග්‍රහණය කරමින් තරගය 3-1ක් ලෙසින් ජයග්‍රහණය කරමින් මෙවර ශූරතාවට හිමිකම් කියනවා.

ඔවුන් මෙම ශූරතාව දිනා ගන්නේ පිට පිට තෙවැනි වරට වීම විශේෂත්වයක්.

තරගාවලියේ තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාව කණ්ඩායමට හිමි වූ අතර සිව් වැනි ස්ථානය MAS Casualline කණ්ඩායම හිමිකර ගන්නවා.

  • දක්ෂතමපිටත ප්‍රහාරිකාව 1: වාසනා මදුමාලි (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)
  • දක්ෂතම පිටත ප්‍රහාරිකාව2: දිනේෂා ප්‍රසාදනි (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)
  • දක්ෂතම මැදපෙළ ක්‍රීඩිකාව1:චතුරිකා ගයනි රණසිංහ (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)
  • දක්ෂතම මැදපෙළ ක්‍රීඩිකාව 2: ඩබ්ලිව්. කේ. පී. භාෂිනි (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)
  • දක්ෂතම ආවරණ ක්‍රීඩිකාව: අමානි කෞෂල්‍යා (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)
  • දක්ෂතම පන්දු සකසන්නිය: ජේ.ඩබ්ලිව්.පී.තුෂාරි (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)
  • දක්ෂතම ලිබරෝ ක්‍රීඩිකාව: දිලුෂා සංජීවනී ( ශ්‍රී ලංකා වරාය අධිකාරිය)
  • වටිනාම ක්‍රීඩිකාව:චතුරිකා ගයානි රණසිංහ (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)

 

පිරිමි තරගාවලිය

ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායම සහ ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායම අතර පැවැති මෙම තරගයෙන් 3-0ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායම සමත් වුනා. තරගය නිමා වෙන්නේ 25-19ක්, 25-22ක් සහ 25-21ක් ලෙසයි.

පෙර වසරේ ශූරයන් වූ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට මෙවර තරගාවලියේ දී හිමි වෙන්නේ තෙවැනි ස්ථානය වන අතර සිව් වැනි ස්ථානය Ocean Lanka කණ්ඩායම සතු කර ගත්තා.

  • දක්ෂතම පිටත ප්‍රහාරකයා1: ෂෙහාන් ලක්ෂිත බණ්ඩාර(ලංකා විදුලිබල මණ්ඩලය)
  • දක්ෂතම පිටත ප්‍රහාරකයා2: කවිඳු පබසර චන්ද්‍රසිරි(ශ්‍රී ලංකා වරාය අධිකාරිය)
  • දක්ෂතම මැදපෙළ ක්‍රීඩකයා1: රුමේෂ් දිසානායක(ශ්‍රී ලංකා වරාය අධිකාරිය)
  • දක්ෂතම මැදපෙළ ක්‍රීඩකයා2: අයේෂ් දිල්හාන් පෙරේරා(ලංකා විදුලි බල මණ්ඩලය)
  • දක්ෂතම ආවරණ ක්‍රීඩකයා: කවිශ්ක ජයසුන්දර(ශ්‍රී ලංකා වරාය අධිකාරිය)
  • දක්ෂතම පන්දු සකසන්නා: මලීෂ රවිශාන් ජයවර්ධන(ශ්‍රී ලංකා වරාය අධිකාරිය)
  • දක්ෂතම ලිබරෝ ක්‍රීඩකයා: ෂෙහාන් විමුක්ති සාගර(ශ්‍රී ලංකා වරාය අධිකාරිය)
  • වටිනාම ක්‍රීඩකයා: ලසිඳු මෙත්මල් වසන්තප්‍රිය(ශ්‍රී ලංකා වරාය අධිකාරිය)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<