ශතක ත්‍රිත්වයක් සමඟ සාන්ත පීතර – රාජකිය ගැටුම ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි

U19 Division 1 Schools Cricket Tournament 2024/25

124
U19 Division 1 Schools Cricket

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් එක් තරගයක් ඊයේ (04) දිනයෙන් අවසන් වුනා.

කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ සාන්ත පීතර විද්‍යාලය අතර පැවැත්වුණු මෙම තරගයේ දී සාන්ත පීතර ක්‍රීඩකයින් පළමු ඉනිමේ ජයක් කරා යෑමට සමත් වූ අතර, මෙහි දී පීතර විද්‍යාලය වෙනුවෙන් විශිෂ්ට ශතකයක් සහ අර්ධ ශතකයක් (ලකුණු 61ක් සහ 100*ක්) වාර්තා කිරීමට සවී ප්‍රනාන්දු විසින් සමත් වීම විශේෂත්වයක්. එමෙන්ම සාන්ත පීතර දෙවැනි ඉනිම වෙනුවෙන් තරීන් සංඛේත් පන්දු 93කින් වේගවත් ලකුණු 108ක් වාර්තා කිරීමට සමත් වුනා.

එමෙන්ම සාන්ත පීතර විද්‍යාලයේ පළමු ඉනිමේ ජය තහවුරු කිරීමට උර දුන් දිලන දම්සර විසින් කඩුලු 5 දක්ෂතාවක් ද දැක්වීමට සමත් වීම විශේෂත්වයක්.

මේ අතර රාජකීය විද්‍යාලය වෙනුවෙන් කැපී පෙනෙන ඉනිමක් දියත් කිරීමට සමත් වූ රෙහාන් පීරිස් ද ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා.

කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය

(රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)

  • සාන්ත පීතර විද්‍යාලය – 195/10 (65.2) සවී ප්‍රනාන්දු 61, එනෝශ් පීටර්සන් 50*, රමිරු පෙරේරා 3/38 & 255/5 (74) සවී ප්‍රනාන්දු 100*, තරීන් සංඛේත් 108*
  • රාජකීය විද්‍යාලය – 183/10 (52.2) රෙහාන් පීරිස් 103, දිලන දම්සර 5/39

තරගය ජය පැරදුමෙන් තොරයි, කොළඹ සාන්ත පීතර විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<