වයස අවුරුදු 19න් පහළ සංචාරක බංග්ලාදේශය කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා සමඟ පැවැත්වෙන තරග 4කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් කඩුලු 5ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.
කොළඹ, බෞද්ධාලෝක මාවත තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ කණ්ඩායම පළමු වෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිසි අතර ඔවුන් සියලු ම දෙනා දැවී ලකුණු 109ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගය අවසන් වීමට තවත් පන්දු 7ක් ඉතිරිව තිබිය දී කඩුලු 5ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තා.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
මනුදි නානායක්කාර (නායිකාව), සංජනා කාවින්දි, විමෝක්ෂා බාලසූරිය, දැහැමි සෙනෙත්මා, රශ්මිකා සෙව්වන්දි, සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), ලිමංසා තිලකරත්න, ශෂිනි ගිම්හානි, ප්‍රමුදි මෙත්සරා, අසෙනි තලගුණේ, චමෝදි ප්‍රබෝධා.
බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
Sumaiya Akter (නායිකාව), Fahomida Choya, Sumaiya Akther Suborna (කඩුලු රකින්නිය), Sadia Islam, Afia Ashima, Jannatul Maoua, Sadia Akter, Habiba Islam, Farjana Easmin, Nishita Akter Nishi, Anisa Akter Soba.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 17ක් වෙද්දී දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වීම කැපී පෙණුනා. නමුත් 5 වැනි කඩුල්ලේ දී ඔවුන් වැටී සිටි තත්ත්වයෙක් ගොඩ ගැනීමට Sumaiya Akter සහ Jannatul Maoua එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 60ක දී ලකුණු 62ක සබඳතාවක් ගොඩ නගනවා.
එහි දී Sumaiya Akter පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 29ක් ලබා ගත් අතර Jannatul Maoua පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා.
බංග්ලාදේශ ඉනිමේ අවසන් කඩුලු ත්‍රිත්වය පන්දු 5ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වෙන අතර එහි දී ලිමංසා තිලකරත්න, ප්‍රමුද මෙත්සරා සහ රශ්මිකා සෙව්වන්දි කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නා ලද අතර අසෙනි තලගුණේ ද කඩුල්ලක් දවා ගන්නවා.
- බංග්ලාදේශය සමඟ තරගාවලියට ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා සංචිතය නම් කරයි
- බංග්ලාදේශ 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක
- ගෙවුණු වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් මතක
- කමිඳු මෙන්ඩිස් ICC වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ ලබයි
- පිට පිට තරග 10ක් ජයගත් සුමඟුල් ක්‍රිකට් වරුණ
පිළිතුරු ඉනිම ආරම්භ කරන්නේ සංජනා කාවින්දි සහ විමෝක්ෂා බාලසූරිය විසිනුයි. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 38ක දී ලකුණු 24ක් ලබා ගන්නවා. ඒ අතුරින් විමෝක්ෂා බාලසූරිය පළමුවෙන් ම දැවී යනවා. ඒ වෙද්දී ඇය පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 11ක් ලබා සිටියා.
එම පන්දුවාරයේ දී ම අනෙක් ආරම්භක පිතිකාරිනිය සංජනා කාවින්දි ද දැවී යන අතර ඇය දැවී යන විට පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 12ක් ලබා සිටියා.
අනතුරු ව දැහැමි සෙනෙත්මා සහ නායිකා මනුදි නානායක්කාර 3 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 20ක දී ලකුණු 26ක් එක් කරා. එම කඩුල්ලේ සබඳතාව මනුදි නානායක්කාර ගේ දැවී යෑමත් සමඟින් බිඳී ගිය අතර ඒ වෙද්දී ඇය පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 17ක් ලබා සිටියා.
එම දැවී යෑමෙන් අනතුරු ව ලකුණු පුවරුවට තවත් ලකුණු 2ක් එක් වෙද්දී රශ්මිකා සෙව්වන්දි (1) ද දැවී යනවා.
අනතුරු ව කඩුල්ලේ දී දැහැමි සෙනෙත්මා සහ සුමුදු නිසංසලා එක් ව ශ්‍රී ලංකා ඉනිමේ හොඳම ලකුණු සබඳතාව ගොඩ නගනවා. 5 වැනි කඩුල්ල වෙනුවෙන් එක් වූ ඔවුන් පන්දු 31ක දී ලකුණු 33ක් එක් කරද්දී සුමුදු නිසංසලා පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 27ක් එක් කර සිටිය දී දැවී යනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී කඩඉම පසු කරන විට දැහැමි සෙනෙත්මා පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 29ක් ද සහ ලිමංසා තිලකරත්න පන්දු 5කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 4ක් ලබා සිටියා.
ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 15ක දී නොදැවී ලකුණු 26ක සබඳතාවක් එක් කරනවා.
කඩුලු දවා ගැනීමේ දී Habiba Islam ලකුණු 22කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව Nishita Akter Nishi සහ Fahomida Choya කඩුල්ල බැගින් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 109 (19.3) Sumaiya Akter 29, Jannatul Maoua 34, රශ්මිකා සෙව්වන්දි 2/22, ප්‍රමුදි මෙත්සරා 2/14, ලිමංසා තිලකරත්න 2/10
- ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල කණ්ඩායම – කඩුලු 5ක් දැවී 112 (18.5) දැහැමි සෙනෙත්මා නොදැවී 29, සුමුදු නිසංසලා 27, Habiba Islam 2/22
ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<