Gujarat නායක Shubman Gill CID වෙත කැඳවයි?

97
Shubman gill

2024 IPL තරගාවලියේ දී Gujarat Titans කණ්ඩායමට නායකත්වය ලබා දුන් Shubman Gill CIDය වෙත කැඳවීමට ඉඩ ඇති බව වාර්තා වනවා.

ඉන්දීය රුපියල් කෝටි 450ක Ponzi වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා Gillට අමතරව, Titans කණ්ඩායම් සාමාජිකයින් වන Rahul Tewatia, Sai Sudharshan සහ Mohit Sharma යන ක්‍රීඩකයින් ද ගුජරාට් CIDය විසින් කැඳවනු ඇති.

Ponzi මුදල් වංචා අතර කුප්‍රකට නාමයක් වන Bhupendrasinh Zalaව ප්‍රශ්න කිරීමකට ලක් කිරීමෙන් අනතුරුව, ඉහත ක්‍රීඩකයින් විසින් මෙම මුදල් යෝජනා ක්‍රමයට ආයෝජනය කළ මුදල් නැවත නොගෙවීම සම්බන්ධයෙන් ඔහු පාපොච්චාරණය කර තිබෙනවා.

එම තොරතුරු මත පදනම් ව දැන ගැනීමට ලැබී ඇත්තේ Gill විසින් රුපියල් කෝටි 1.95ක මුදලක් මේ වෙනුවෙන් යොදවා ඇති බවයි.

එමෙන්ම අනෙක් ක්‍රීඩකයින් තිදෙනා ද කුඩා ප්‍රමාණවලින් මේ සඳහා මුදල් ආයෝජන සිදු කර තිබෙනවා.

මේ දිනවල ක්‍රියාත්මක වන ඉන්දු – ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව Gill බොහෝ දුරට මේ සඳහා CIDය වෙත කැඳවනු ඇති බවයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.

දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<