Home Sinhala නවසීලන්තය වේලාසනින් ම තරගාවලිය ජය ගනී

නවසීලන්තය වේලාසනින් ම තරගාවලිය ජය ගනී

Sri Lanka Tour of New Zealand 2024/25

119
Sri Lanka Tour of New Zealand 2024/25

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඉතිරි ව තිබිය දී තරග 2-0ක් ලෙසින් තරගාවලිය ජයග්‍රහණය කිරීමට සත්කාරක නවසීලන්ත ක්‍රීඩකයෝ අද (30) සමත් වුනා.

Mount Maunganui හී Bay Oval ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී නවසීලන්ත ක්‍රීඩකයෝ ලකුණු 45ක ජයග්‍රහණයක් ලබා ගන්නවා. ඒ තරගය අවසන් වීමට තවත් පන්දු 5ක් ද ඉතිරි ව තිබියදීයි.

අද තරගය සඳහා ශ්‍රී ලංකාව එක් වෙන්නේ පෙර තරගයට ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු එක් කර ගනිමින් වන අතර නවසීලන්තය පෙර කණ්ඩායම ම මෙම තරගයට කැඳවනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම:

 

චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), කුසල් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, බිනුර ප්‍රනාන්දු, නුවන් තුෂාර.

නවසීලන්ත කණ්ඩායම:

 

Mitchell Santner (නායක), Tim Robinson, Rachin Ravindra, Mark Chapman, Glenn Phillips, Daryl Mitchell, Mitchell Hay (කඩුලු රකින්නා), Michael Bracewell, Zakary Foulkes, Matt Henry, Jacob Duffy.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව සත්කාරකයන් වෙත පැවැරුවා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 13ක් වෙද්දී නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට නුවන් තුෂාර පන්දු යවන්නා ලෙසත් සහ මතීෂ පතිරණ උඩ පන්දු රකින්නා ලෙසත් කටයුතු කළා.

නමුත් එතැන් සිට තරගයේ පාලනය නවසීලන්ත කණ්ඩායම සතු වෙන්නේ Tim Robinson, Mark Chapman සහ Mitchell Hay ගේ සාර්ථක ඉනිම් හේතුවෙනුයි.

ආරම්භක පිතිකරු Tim Robinson පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත් අතර ඔහු Mark Chapman සමඟ එක් වෙමින් 2 වැනි කඩුල්ලට පන්දු 41ක දී ලකුණු 69ක සබඳතාවක් ගොඩ නගනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ Mark Chapman ගේ දැවී යෑමත් සමඟිනුයි.

ඒ වෙද්දී ඔහු පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තා. එය නවසීලන්ත ඉනිමේ පිතිකරුවෙක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුනා.

ඔවුන්ගේ දැවී යෑමෙන් අනතුරු ව නවසීලන්ත ඉනිම ගොඩ නැගුවේ Mitchell Hay. ඔහු ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි පීඩනයකට පත් කරමින් පන්දු 19කදී නොදැවී ලකුණු 41ක් ලබා ගන්නවා. එම ඉනිම හතරේ පහර 4ක් සහ හයේ පහර 2කින් අලංකාර කළ අතර එය ඔහුගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 4ක හොඳම ඉනිම බවට ද පත් වුනා.

ඔහු Michael Bracewell (නොදැවී 5) සමඟ එක් වෙමින් 6 වැනි කඩුල්ලට පන්දු 15ක දී නොදැවුණ ලකුණු 41ක සබදතාවක් ගොඩ නැගීමට ද සමත් වෙනවා.

කඩුලු දවා ගැනීමේ දී වනිඳු හසරංග ලකුණු 28කට කඩුලු 2ක් දවා ගනිද්දී නුවන් තුෂාර සහ මතීෂ පතිරණ කඩුල්ල බැඟින් දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ලකුණු 32ක සබඳතාවක් ගොඩ නගනවා. ඉනිමේ පළමු Power Play අවස්ථාව අතර තුර කුසල් මෙන්ඩිස් ලකුණු 10කට තම ඉනිම නිමා කර ගන්නවා.

ඉන් අනතුරු ව පැතුම් ට එක් වෙන්නේ කුසල් පෙරේරා. ඔවුන් දෙදෙනා එක් ව ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ඉහළ දමමින් 2 වැනි කඩුල්ලට ලකුණු 39ක සබඳතාවක් එක් කරනවා. නමුත් පැතුම් නිස්සංක පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 37ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් නැවත ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය බාල වෙනවා.

ඒ සමඟ ම කමිඳු මෙන්ඩිස් ද ලකුණු 7කට දැවී යෑමත් සමඟින් එම තත්ත්වය තවත් තීව්‍ර වෙනවා. ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව ශ්‍රී ලංකා ඉනිමේ 4 වැනි කඩුල්ලට ලකුණු 30ක් එක් කරද්දී කුසල් පෙරේරා ද තම ඉනිම හැර යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟන් ලකුණු 48ක් ලබා සිටියා.

අනතුරු ව ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 8ක් එක් වෙද්දී චරිත් අසලංකගේ ඉනිම ද අවසන් වෙනවා. ඔහු දැවී යන විට පන්දු 16කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 20ක් ලබා සිටියා.

අනතුරු ව ශ්‍රී ලංකා ඉනිමේ ඉතිරි කඩුලු 5 ලකුණු 6ක් තුළ දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් වැය කරන්නේ පන්දු 15ක් පමණයි. එහි දී අවිශ්ක ප්‍රනාන්දු (5), වනිඳු හසරංග (1), මහීෂ් තීක්ෂණ (0), බිනුර ප්‍රනාන්දු (3), සහ මතීෂ පතිරණ (0) තම ඉනිම් අඩු ලකුණුවලට සීමා කර ගනිද්දී නුවන් තුෂාර ලකුණු නොලබා නොදැවී පිටියේ රැදී සිටියා.

ශ්‍රී ලංකා ඉනිම අමාරුවේ දැමීමේ දී Jacob Duffy ලකුණු 15කට කඩුලු 4ක් දවා ගත්තා. එය ඔහුගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 17ක හොඳම පන්දු යැවීම බවට පත් වුවා. ඔහුට අමතර ව Mitchell Santner සහ Matt Henry කඩුලු ද්විත්වය බැගින් ද Zakary Foulkes සහ Michael Bracewell කඩුල්ල බැගින් ද දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

 

නවසීලන්තය – කඩුලු 5ක් දැවී 186 (20.0) Tim Robinson 41, Mark Chapman 42, Glenn Phillips 23, Mitchell Hay නොදැවී 41, වනිඳු හසරංග 2/28

 

ශ්‍රී ලංකාව – සියලුම දෙනා දැවී 141 (19.1) පැතුම් නිස්සංක 37, කුසල් පෙරේරා 48, චරිත් අසලංක 20, Matt Henry 2/31, Jacob Duffy 4/15, Mitchell Santner 2/22

 

නවසීලන්තයට ලකුණු 45ක ජයක්.

තරගයේ වීරයා – Mitchell Hay (නවසීලන්තය)

Result


New Zealand
186/5 (20)

Sri Lanka
141/10 (19.1)

Batsmen R B 4s 6s SR
Tim Robinson b Wanindu Hasaranga 41 34 3 2 120.59
Rachin Ravindra c Matheesha Pathirana b Nuwan Thushara 1 4 0 0 25.00
Mark Chapman st Kusal Mendis b Wanindu Hasaranga 42 29 2 2 144.83
Glenn Phillips c Pathum Nissanka b Matheesha Pathirana 23 16 2 1 143.75
Daryl Mitchell run out (Binura Fernando) 18 15 2 0 120.00
Mitchell Hay not out 41 19 4 2 215.79
Michael Bracewell not out 5 3 0 0 166.67


Extras 15 (b 0 , lb 7 , nb 0, w 8, pen 0)
Total 186/5 (20 Overs, RR: 9.3)
Bowling O M R W Econ
Nuwan Thushara 4 0 25 1 6.25
Binura Fernando 4 0 37 0 9.25
Maheesh Theekshana 4 0 52 0 13.00
Matheesha Pathirana 4 0 37 1 9.25
Wanindu Hasaranga 4 0 28 2 7.00


Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Matt Henry b Jacob Duffy 37 28 3 2 132.14
Kusal Mendis c Daryl Mitchell b Mitchell Santner 10 12 1 0 83.33
Kusal Perera b Jacob Duffy 48 35 4 2 137.14
Kamindu Mendis c Mark Chapman b Michael Bracewell 7 7 1 0 100.00
Charith Asalanka c Mark Chapman b Mitchell Santner 20 16 3 0 125.00
Avishka Fernando c Tim Robinson b Matt Henry 5 7 0 0 71.43
Wanindu Hasaranga b Jacob Duffy 1 2 0 0 50.00
Maheesh Theekshana c Mitchell Santner b Jacob Duffy 0 2 0 0 0.00
Binura Fernando c Jacob Duffy b Zakary Foulkes 3 5 0 0 60.00
Matheesha Pathirana c Mitchell Hay b Matt Henry 0 1 0 0 0.00
Nuwan Thushara not out 0 1 0 0 0.00


Extras 10 (b 0 , lb 2 , nb 2, w 6, pen 0)
Total 141/10 (19.1 Overs, RR: 7.36)
Bowling O M R W Econ
Matt Henry 4 0 31 2 7.75
Jacob Duffy 4 0 15 4 3.75
Zakary Foulkes 3.1 0 27 1 8.71
Mitchell Santner 4 0 22 2 5.50
Michael Bracewell 3 0 30 1 10.00
Glenn Phillips 1 0 14 0 14.00



දෙරට අතර පැවැත්වෙන 3 වැනි සහ අවසන් විස්සයි විස්ස තරගය ජනවාරි මස 2 වැනිදා Nelson හී Saxton Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<