ශ්‍රී සුමංගල විද්‍යාලය පළමු ඉනිමේ ජයක් ලබයි

U19 Division 1 Schools Cricket Tournament 2024/25

91
Schools Cricket Tournament

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier B කොටසේ තවත් එක් තරගයක් ඊයේ (27) දිනයේ විසඳුමක් රහිතව නිමාවට පත් වුනා.

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර පැවැත්වුණු මෙම තරගයේ දී ශ්‍රී සුමංගල විද්‍යාලය වෙනුවෙන් විශිෂ්ට ශතකයක් වාර්තා කිරීමට නේක්ශ ඉද්දමල්ගොඩ සමත් වූ අතර, සන්දීප් විජේරත්න විසින් ලකුණු 92ක් ලබා ගැනීමට සමත් වුනා. මේ අතර විසඳුමක් රහිතව අවසන් වූ තරගයේ දී සුමංගල විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට මුල් වූ ශාමික සේනානායක කඩුලු පහේ දස්කමක් ද සහිතව වෙස්ලි විද්‍යාලයේ ඉනිම් දෙකේ දී කඩුලු 9ක් බිඳ හෙළීමට සමත් වීමත් විශේෂත්වයක්.

මේ අතර ඊයේ දිනයේ තවත් තරග ත්‍රිත්වයක් ආරම්භ වූ අතර, මෙම තරගවල දී මාතර සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් පෙසඳු සන්ජන් ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර, මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් කෞශික කුමාරසිංහ කඩුලු 5 දස්කමක් දැක්වීමට ද සමත් වුනා. එම තරග ත්‍රිත්වය අද (28) දිනයේ නිමා වීමට නියමිතයි.

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය

(වෙස්ලි විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)

  • ශ්‍රී සුමංගල විද්‍යාලය – 330/7d (84.3) නේක්ශ ඉද්දමල්ගොඩ 119, සන්දීප් විජේරත්න 92, රුසිත් ජයවර්ධන 83, දිනුජ සාමරත්න 3/104
  • වෙස්ලි විද්‍යාලය – 149/10 (57.3) ලිතුම් සෙනුජ 38, රුක්ෂාන් තරංග 35, ශාමික සේනානායක 5/34, මෙවිඳු කුමාරසිරි 3/49 & 168/8 (f/o) (58) ලිතුම් සෙනුජ 43, රුක්ෂාන් තරංග 34, ශාමික සේනානායක 4/55, රුසිත් ජයවර්ධන 3/39

තරගය ජය පැරදුමෙන් තොරයි, පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<