චාමික සහ සිතුම් මහානාමයට දැවැන්ත ජයක් ගෙන දෙයි

U19 Division 1 Schools Cricket Tournament 2024/2

122
Cricket Tournament

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසේ තවත් තරග දෙකක් අද (22)  නිමාවට පත් වුනා.

මෙම තරග ද්විත්වය අතරින් කොළඹ මහානාම විද්‍යාලය විසින් මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 75ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සමත් වුනා. එම තරගයේ දී මහානාම විද්‍යාලය වෙනුවෙන් ශතක රැස් කිරීමට චාමික හීනටිගල සහ සිතුම් විහඟ සමත් වූ අතර, ඔවුන් දෙදෙනා විසින් පන්දු යැවීමෙන් ද කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වීම විශේෂත්වයක්. එමෙන්ම අනුක විජේවර්ධන ද මහානාමය වෙනුවෙන් ඉනිම් දෙකේ දී කඩුලු 7ක් දවා ගැනීමට සමත් වුනා. තරගය පරාජයට පත් වූ සර්වේශස් විද්‍යාලය වෙනුවෙන් විරාන් චමුදිතගේ පිත්තෙන් ලකුණු 95ක් වාර්තා වුනා.

මේ අතර මොරටු මහා විද්‍යාලය සමඟ පැවැත්වුණු තරගයේ දී මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ නායක පෙසඳු සන්ජන් ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර, තෝමසුවන් වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ මනුග ගුරුගේ කඩුලු 5 දස්කමක් ප්‍රදර්ශනය කිරීමට සමත් වුනා.

කොළඹ මහානාම විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය

(මහානාම විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)

  • මහානාම විද්‍යාලය– 360/6d (77) චාමික හීනටිගල 106, සිතුම් විහඟ 102, චලන ඉන්දූශ 2/47
  • සාන්ත සර්වේශස් විද්‍යාලය – 190/10 (50.2) විරාන් චමුදිත 95, සිතුම් විහඟ 3/36, අනුක විජේවර්ධන 3/41 & 95/10 (f/o) (45.3) සංජු ඩිල්ශාන් 24, අනුක විජේවර්ධන 4/32, චාමික හීනටිගල 2/18

කොළඹ මහානාම විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 75ක ජයක්.

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය

(මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී)

  • සාන්ත තෝමස් විද්‍යාලය– 195/9d (47.5) පෙසඳු සන්ජන් 100, ඔචින්ත චාමික 46, සඳුන් සුදර්ශන 3/37, විහඟ නෙත්සර 3/68 & 33/0 (4)
  • මොරටු මහා විද්‍යාලය– 105/10 (41.5) සංජන සෙනෙවිරත්න 45, මනුග ගුරුගේ 5/24, පෙසඳු සන්ජන් 3/33

තරගය ජය පැරදුමෙන් තොරයි, මාතර සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<