ශ්‍රී ලංකා – නේපාල තරගයට වර්ෂාව හරස් වේ

97
U19 Women's Asia Cup 2024 - Sri Lanka Vs Nepal Match

ආසියානු ක්‍රිකට් කවුන්සිලය පළමු වරට සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ විස්සිය විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පැවැත් වෙමින් තිබූ තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අද (19) අවසන් වුනා.

Kuala Lumpur  හී Bayuemas Oval හි දී පැවැති මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම එක් වූයේ පෙර තරගයට ක්‍රීඩා කළ ප්‍රමුදි මෙත්සරා වෙනුවට ශෂිනි ගිම්හානි එක්කර ගනිමිනුයි.

නමුත් තරගය ආරම්භ වී පළමු පන්දුවාරය අවසන් වීමත් සමඟින් කඩා වැටුණ වර්ෂාව හේතුවෙන් එම තරගය එතැන් සිට නැවත ආරම්භ කිරීමට හැකි වෙන්නේ නැහැ.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම:

මනුදි නානායක්කාර (නායිකාව), සංජනා කාවින්දි, හිරුණි හංසිකා, ලිමංසා තිලකරත්න, සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), රශ්මිකා සෙව්වන්දි, දැහැමි සනෙත්මා, රශ්මි නේත්‍රාංජලී, ශෂිනි ගිම්හානි, චමෝදි ප්‍රබෝධා සහ අශේනි තලගුණේ.

නේපාල වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම:

Puja Mahato (නායිකාව), Alisha Yadav (කඩුලු රකින්නිය), Kusum Godar, Sony Pakhrin, Sana Praveen, Sabitri Dhami, Jyotsnika Marasini, Rachana Chaudhary, Seemana KC සහ Riya Sharma,

කාසියේ වාසිය දිනා ගත් නේපාල ක්‍රීඩිකාවන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙන ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩිකාවන්ගේ ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් හිරුණි හංසිකා පන්දු 3කට මුහුණ දෙමින් කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.

අනතුරු ව යැවුණ පන්දුවෙන් පසුව වර්ෂාව හේතුවෙන් තරගය නතර කෙරුණ අතර එතැන් සිට නැවත තරගයේ ආරම්භයක් සිදු නොවීම හේතුවෙන් දෙපිලට ම ප්‍රසාද ලකුණක් බැගින් හිමි වෙමින් තරගය නිමා වූවා.

ඒ වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුල්ලක් දැවී ලකුණක් ලෙසින් සටහන් ව තිබූ අතර සංජනා කාවින්දි නොදැවී ලකුණක් ද සහ ලිමසංසා තිලකරත්න නොදැවී ලකුණු නොලබා ද පිටියේ රැඳී සිටියා.

මෙම තරග විසඳුමක් සමඟින් මේ වෙද්දී සුපිරි 4 වටයේ සියලු කණ්ඩායම් තරග 2 බැගින් සහභාගී වී ඇති අතර එහි දී පළමු ස්ථානය ප්‍රසාද ලකුණු 3ක් ලබා සිටින ඉන්දියාව සතු කරගෙන සිටිනවා. ඊට අමතර 2 වැනි ස්ථානය ප්‍රසාද ලකුණු 2ක් සමඟින් දළ ලකුණු -0712ක් ලබා සිටින බංග්ලාදේශය ද, 3 වැනි ස්ථානය ප්‍රසාද ලකුණු 2ක් සමඟින් දළ ලකුණු 0.000ක සිටින නේපාලය ද සහ 4 වැනි ස්ථානය ප්‍රසාද ලකුණක් සහ දළ ලකුණු -1.647ක් ලබා සිටින ශ්‍රී ලංකාව ද රැඳී සිටිනවා.

ආසියානු කුසලාන වයස අවුරුදු 19න් කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය මේ මස 20 වැනිදා (හෙට) මෙම ක්‍රීඩාංගණයේ දී ම ඉන්දියාව සමඟින් පැවැත්විමට නියමිතයි.

ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<