නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි

Sri Lanka Tour Of New Zealand 2024/25

192
Sri Lanka Tour Of New Zealand 2024/25

නවසීලන්තයේ සිදු කිරීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟ සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි චරිත් අසලංක හට හිමි වී ඇති අතර, තරගාවලිය එළඹෙන 28 වැනි දා ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය

 

චරිත් අසලංක (නායක),පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්‍රි වැන්ඩසේ, චමිඳු වික්‍රමසිංහ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු සහ බිනුර ප්‍රනාන්දු

තරගාවලියට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය එළඹෙන 20 වැනි දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<