දේශීය රග්බි පිටියේ උණුසුම් කාලසීමාවක් ආරම්භ කරමින් මෙවර Mastercard A කොටසේ රග්බි ලීග් තරගාවලිය පසුගිය සිකුරාදා (13) දිනයෙන් ආරම්භ වුනා.
තරගාවලියේ ආරම්භය සනිටුහන් කරමින් ගුවන් හමුදාව සහ CH & FC කණ්ඩායම් තරග බිමට පිවිසුණු අතර, එම තරගය ද ඇතුළුව තරග හතරක් ගෙවුණු සති අන්තයේ දී ක්‍රියාත්මක වුනා.
ගුවන් හමුදාව සහ CH & FC
තරගාවලියේ පළමු තරගයේ ජයග්‍රහණය ගුවන් හමුදාව සතු වුනා. තරගයේ පළමු අර්ධය තුළ දෙපිළ ම ලකුණු 08 බැගින් ලබමින් සම මට්ටමේ රැඳුනත් දෙවැනි අර්ධය තුළ ගුවන් හමුදාව වඩාත් විශිෂ්ට තරග රටාවකට අනුගත වෙමින් තම ලකුණු සංඛ්‍යාව 36ක් දක්වා ගෙන යාමට සමත් වුනා. කෙසේ වෙතත් මේ අතරවාරයේ CH & FC ක්‍රීඩකයින් විසින් වාර්තා කර ගැනීමට සමත් වුනේ ලකුණු 15ක් පමණයි.
මෙහි දී ගුවන් හමුදා ක්‍රීඩකයින් උත්සාහක දිනුම් 5ක් වාර්තා කිරීමට සමත් වූ අතර, CH & FC වෙනුවෙන් වාර්තා වූ උත්සාහක දිනුම් ද්විත්වය ම නිරෝශ් පෙරේරා විසින් වාර්තා කිරීමට සමත් වීම විශේෂත්වයක්.
- ගුවන් හමුදාව 36 (5T, 4C, 1P) – CH & FC 15 (2T, 1C, 1P)
තරගයේ වීරයා – ශාමික කෞශාන් (ගුවන් හමුදාව)
යුද හමුදාව සහ පොලිස් කණ්ඩායම
මෙම තරගයට අධික ලෙස වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණේ තරගයේ පළමු අර්ධය පමණයි. කෙසේ වෙතත් ඒ වන විට යුද හමුදාව ලකුණු 08ක් ලබමින් තරගයේ පෙරමුණට පැමිණ සිටි අතර, පොලිසිය ලකුණු 05ක් ලබා ගැනීමට සමත් වී සිටියා.
තරගය වර්ෂාව නිසා නතර කිරීමට සිදු වූ අතර, තරගයේ ඉතිරි කොටස නුදුරු දිනයක දී ක්‍රියාත්මක වනු ඇති.
- යුද හමුදාව 08 (1T, 1P) – පොලීසිය 05 (1T)
- CR & FC තවමත් අපරාජිතයි; පොලිසියෙන් විශිෂ්ට නැගී සිටීමක්
- CR & FC නොනැවතී ඉදිරියට; මහනුවර නැවතත් සුපුරුදු රිද්මයට
- CR & FC ඉතිහාසගත ජයක් ලබමින් අපරාජිත ව ඉදිරියට
- CR & FC සහ මහනුවර අපරාජිත ගමනක; නාවික හමුදාව තවමත් ජයක් සොයයි
- මහනුවර, පොලිස්, CR&FC සහ Havelock ජයග්‍රාහීව තරගාවලිය අරඹයි
හැව්ලොක් සහ නාවික හමුදාව
වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයේ පළමු අර්ධය තුළ දෙපිළෙන් ම කරට කර සටනක් නිර්මාණය වූ නමුත්, හැව්ලොක් ක්‍රීඩකයින් එහි වැඩි වාසි අත් කර ගැනීමට සමත් වුනේ ලකුණු 24ක් ලබා ගනිමිනුයි. ඒ අතරවාරයේ දී නාවික හමුදාව විසින් ලකුණු 18ක් ලබා ගැනීමට සමත් වුනා.
නමුත් තරගයේ දෙවැනි අර්ධය නම් සම්පූර්ණයෙන්ම පාහේ හැව්ලොක් කණ්ඩායමට නතු වූ එකක් බවට පත් වූ අතර, එම අර්ධය තුළ ඔවුන් තවත් ලකුණු 19ක් ලබා ගන්නා අතරේ නාවික හමුදා ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි.
මෙහි දී හැව්ලොක් ක්‍රීඩකයින් උත්සාහක දිනුම් 6ක් වාර්තා කිරීමට සමත් වූ අතර, නාවික හමුදාවෙන් උත්සාහක දිනුම් 3ක් වාර්තා වුනා.
- හැව්ලොක් 43 (6T, 5C, 1P) – නාවික හමුදාව 25 (3T, 2C, 2P)
මහනුවර සහ Sri Lions
ඊයේ (15) දිනයේ දී තරගාවලි ඉතිහාසයේ වඩාත් සාර්ථකම කණ්ඩායම වන මහනුවර කණ්ඩායම විසින් තරගාවලියේ නවතම සාමාජිකයා වන Sri Lions කණ්ඩායම සමඟ තරග වැදුණා. මෙහි දී ඉතා පහසු ජයක් කරා යාමට මහනුවර කණ්ඩායමට හැකියාව ලැබුණා.
කෙසේ වෙතත් තරගයේ පළමු අර්ධය තුල Sri Lions විසින් මහනුවර කණ්ඩායමට තරමක අභියෝගයක් එල්ල කිරීමට සමත් වූ අතර, පළමු අර්ධය නිමා වන විට මහනුවර ක්‍රීඩකයින් ලකුණු 27ක් ලබා සිටි අතර, Sri Lions ක්‍රීඩකයින් ලකුණු 14ක් ලබා ගැනීමට සමත් වී සිටියා.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී Sri Lions ක්‍රීඩකයින්ට එකදු ලකුණක් හෝ ලබා ගැනීමට ඉඩ ලබා නොදුන් මහනුවර ක්‍රීඩකයින් තවත් ලකුණු 34ක් ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වුනා.
මෙහි දී මහනුවර කණ්ඩායමෙන් උත්සාහක දිනුම් 08ක් වාර්තා වූ අතර, Sri Lions විසින් උත්සාහක දිනුම් 02ක් වාර්තා කිරීමට සමත් වුනා.
- මහනුවර 61 (8T, 6C, 3P) – Sri Lions 14 (2T, 2C)
තරගයේ වීරයා – චතුර සොයිසා (මහනුවර)
දිනෙන් දින උණුසුම් වන දේශීය රග්බි පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<