19න් පහළ ඒකල බැඩ්මින්ටන් ශූරයා තිඩස, ශූරිය සඳති

72nd National Badminton Championship 2024

8

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සංවිධාන කළ 72 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවයේ අවුරුදු 19න් පහළ බාලක ඒකල තරග අංශය ජය ගැනීමට තිඩස ඉරූෂික සමත් වූ අතර, එම වයස් කාණ්ඩයේ බාලිකා ඒකල තරග අංශයේ ශූරතාවය සඳති දෙව්මිණී ජයග්‍රහණය කළා.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ක්‍රීඩාගාරයේ, වෙළෙඳ සේවා ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේ සහ ඔටර්ස් ක්‍රීඩා සමාජ බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේ දී පැවති මෙවර ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ අවුරුදු 19න් පහළ බාලක ඒකල අවසන් මහා තරගයේදී ලකුණු 21-18ක් සහ 21-11ක් ලෙස ෂෙනුක් සෝමරත්න පරාජයට පත් කිරීමට තිඩස හිරූෂික සමත් වුණා.

තරගාවලියේ බාලිකා ඒකල අවසන් මහා තරගයේ දී ලකුණු 21-23ක්, 21-16ක් සහ 21-13ක් ලෙස දසිත්මා ජයතිලක පරාජය කිරීමට සමත් වුණේ සඳති දෙව්මිණියි.

අවුරුදු 19න් පහළ බාලක යුගල අවසන් තරගයේදී අචින්ත්‍ය ඉමේෂ සහ පසිඳු මිහිරංග එක්ව ලකුණු 15-21ක්, 21-16ක් සහ 21-18ක් ලෙස රතිර සෙන්දිල් සහ තෙනුල් රංසජ පරාජය කිරීමට සමත් වුණා.

එම වයස් කාණ්ඩයේ බාලිකා යුගල තරග අංශය ජය ගනු ලැබුවේ ලකුණු 18-21ක්, 21-13ක් සහ 21-17ක් ලෙස පවනි ඉඳුවරි සහ දසිත්මා ජයතිලක පරාජයට පත් කළ දිල්නි තෙනුකා සහ රනුමි සුහස්නි විසිනුයි.

ලකුණු 8-21ක්, 21-16ක් සහ 21-16ක් ලෙස කෙනෙත් අරුග්ගොඩ පරාජය කළ සෙනුත් සෙත්මික අවුරුදු 17න් පහළ බාලක ඒකල තරග අංශයේ ජය හිමි කර ගත් අතර ලකුණු 21-18ක් සහ 21-13ක් ලෙස නෙත්මි අමායා පරාජය කළ විශ්වානී නෙත්මි එම වයස් කාණ්ඩයේ බාලිකා ඒකල තරග අංශය ජය ගත්තා.

එමෙන්ම නෙතිල් තෙව්මික සහ මනෙත් තීක්ෂණ ලකුණු 6-21ක්, 21-17ක් සහ 21-13ක් ලෙස පරාජය කරමින් එම වයස් කාණ්ඩයේ බාලක යුගල තරග අංශය ගැනීමට සෙනුද

ඉමල් සහ තිසත් රන්තුක සමත් වූ අතර ලකුණු 21-15ක් සහ 21-16ක් ලෙස විනුති දියත්නා සහ යෙනාරා නෙතුම්ලි පරාජය කළ ඉසුරි අත්තනායක සහ සිතුමි මිනාරා එම වයස් කාණ්ඩයේ බාලිකා යුගල තරග අංශයේ හිමිකර ගැනීමට සමත් වුණා.

අවුරුදු 15න් පහළ බාලක ඒකල තරග අංශය චෙනාල් දෙව්ෂාන් ජය ගනු ලැබුවේ ලකුණු 12-21ක්, 22-20ක් සහ 25-23ක් ලෙස අමාවන් අමරසිංහ පරාජයට පත් කරලයි.

ලකුණු 19-21ක්, 21-10ක් සහ 21-15ක් ලෙස දුවිඳු එදිරිසිංහ සහ පුබුදු සත්සර පරාජය කරමින් එම වයස් කාණ්ඩයේ බාලක යුගල තරග අංශය ජය ගැනීමට අමාවන් අමරසිංහ සහ චෙනාල් දෙව්ෂාන් සමත් වූ අතර තෙනුකි අයංසා සමඟ තරග වැදුණු බිනුරි ජනංගා ලකුණු 23-21ක්, 14-21ක් සහ 21-11ක් ලෙස අවුරුදු 15න් පහළ බාලිකා ඒකල තරග අංශය ජයග්‍රහණය කළා.

එමෙන්ම අවුරුදු 15 පහළ වයස් කාණ්ඩයේ බාලිකා යුගල තරග අංශයේ ජය හිමිකරගනු ලැබුවේ ෆාතිමා අමානි සහ යෙනුරි නෙත්සරා විසිනුයි.

අවුරුදු 13න් පහළ බාලක ඒකල තරග අංශයේ ජය හිමි වූයේ ලකුණු 15-4ක් සහ 15-8ක් ලෙස දිනුම් ප්‍රවිස්ට පරාජය කළ අනුක විශ්වක දිනා ගද්දී, ලකුණු 8-15ක්, 15-8ක් සහ 16-14ක් ලෙස සෙනුමි මෙත්නාරා පරාජයට පත් කළ රෂ්මි දිනන්‍ය එම වයස් කාණ්ඩයේ බාලිකා ඒකල තරග අංශය ජයග්‍රහණය කළා.

කවීශ්වර හිරුෂාන් සහ පූර්ව විදුන් ලකුණු 15-13ක්, 9-15ක් සහ 15-9ක් ලෙස පරාජය කරමින් එම වයස් කාණ්ඩයේ බාලක යුගල ශූරතාව දිනා ගැනීමට හිරුත් රොෂේන් සහ තිනුර මනුමිත් සමත්වූ අතර, එම වයස් කාණ්ඩයේ බාලිකා යුගල තරග අංශය ජය ගැනීමට රෂ්මි දිනන්‍යා සහ සනුමි මෙත්නාරා සමත්වූයේ ලකුණු 15-7ක් සහ 15-8කින් මතීෂා ඩිමන්ලි සහ තෙරුණි තිලක්ෂණා පරාජය කරමිනුයි.

දුලිඳු ස්ටෙෆාන් ලකුණු 15-7ක් සහ 15-13ක් ලෙස පරාජය කරමින් අවුරුදු 11න් පහළ බාලක ඒකල තරග අංශය ජය ගැනීමට හංසක රෂ්මින්ද සමත් වූ අතර ලකුණු 15-8ක් සහ 15-10ක් ලෙස ඉනුකි සිහත්නා පරාජය කළ ඉෂ්මා ඉෂාක් එම වයස් කාණ්ඩයේ බාලිකා ඒකල තරග අංශය ජයග්‍රහණය කළා.

එම වයස් කාණ්ඩයේ බාලක යුගල තරගය ජය ගනු ලැබුවේ ලකුණු 15-13ක්,7-15ක් සහ 15-8ක් ලෙස රජාජ් අතීබ් සහ හංසක රෂ්මින්ද පරාජයට පත් කළ දුලිඳු ස්ටෙෆාන් සහ යෙනුල් දුලේෂාන් විසිනුයි.

එමෙන්ම ලකුණු 11-15ක්, 16-14ක් සහ 19-17ක් ලෙස ඉෂ්මා ඉෂාක් සහ සවිතා රණවීර පරාජය කළ සිහත්නා නෙතූෂා සහ ඉනුකි සිහත්නා එම වයස් කාණ්ඩයේ බාලිකා යුගල තරග අංශය ජය ගත්තා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<