ඩුබායි සෙවන්ස් පලඟ ශූරතාවය ‘රෝයල් ටස්කර්ස්’ කණ්ඩායමට

8

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජකීය විදුහලේ ආදි සිසුන් නියෝජනය කරන රෝයල් ටස්කර්ස් කණ්ඩායම 2024 එමිරේට්ස් ඩුබායි රග්බි සෙවන්ස් තරඟාවලියේ ගල්ෆ් පිරිමි සමාජ අංශයේ පළග (ප්ලේට්) අවසන් මහා තරඟය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. 

ඩුබායි හි ප්‍රසිද්ධ සෙවන්ස් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරඟාවලිය දින තුනක තරගාවලියක් ලෙස ක්‍රියාත්මක වූ අතර එය සඳහා විශාල ප්‍රේක්ෂක සහභාගීත්වයක් හිමිව තිබීම විශේෂත්වයක්.

පසුගිය වසරේ සහභාගි වූ ආරම්භක තරඟාවලියේදී පරාජයන් කිහිපයකට මුහුණ දුන් ටස්කර්ස් කණ්ඩායම, මෙවර තරගාවලියේ දී එක් තරගයක් හැර අනෙක් තරග සියල්ලම ජයග්‍රහණය කරමින් සුවිශේෂී දස්කම් දැක්වූවා.

ඔවුන් පලඟ අවසන් මහා තරගයේ දී වොරියර්ස් බාබේරියන්ස් පරදවමින් 28-17ක ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර අර්ධ අවසන් පූර්ව තරගයේ දී DITH බැරල්හවුස් බාබේරියන්ස් (26-7) සහ අර්ධ අවසන් තරගයේදී බ්ලූ ෆැල්කන්ස් රග්බි සමාජය (28-12) පරාජයට පත් කිරීමට සමත් වුණා.

මෙම ජයග්‍රහණය ගැන අදහස් දක්වමින් කණ්ඩායම් නායක ඩයන් දිද්දෙණිය ප්‍රකාශ කළේ,

“මෙම ජයග්‍රහණය අපගේ ගමනේදී අපව සහාය වූ සියලු දෙනාටම හිමි වෙනවා අපගේ අනුග්‍රාහකයින්ගේ විශාල සහාය, අපගේ රසිකයින්ගේ නොසැලෙන සහාය, සහ අපගේ කළමනාකරු, පුහුණුකරුවන්, ක්‍රීඩකයින් සහ ORUAE කමිටුවේ කැපවීම මෙම ඓතිහාසික ජයග්‍රහණය සාක්ෂාත් කර ගැනීමට හැකි වුණා. ජාත්‍යන්තර වේදිකාවක ශ්‍රී ලාංකික රග්බි දක්ෂතාවයන් ලබා ගත හැකි ජයග්‍රහණ අපි පෙන්වා දී තිබෙනවා.”

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආදි රාජකීයයන්ගේ (ORUAE) සභාපති ෂිහාන් ෂෙරීෆ් කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූවේ,

“මෙම ජයග්‍රහණය හුදෙක් ක්‍රීඩා සාර්ථකත්වයක් පමණක් නොව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අපගේ ආදි ශිෂ්‍ය ප්‍රජාවේ කැපවීම සහ රාජකීය විදුහලේ සියල්ලන්ටම විශාල සතුටක්. රෝයල් ටස්කර්ස් කණ්ඩායම ජාත්‍යන්තරව තරඟ කරන සහ ජයග්‍රහණය කරන පාසල් ආදි ශිෂ්‍ය කණ්ඩායම් සඳහා නව ප්‍රමිතියක් පෙන්වා දී තිබෙනවා.

ORUAE හි අනුශාසක දනික ගමගේ මෙම ඓතිහාසික ජයග්‍රහණය අගය කරමින් කණ්ඩායම් කළමනාකරු උත්පල රණතුංග ජයග්‍රහණය පිළිබඳ සිය අදහස් මෙසේ කළේ,

“මෙම ජයග්‍රහණය සෑම කණ්ඩායම් සාමාජිකයෙකුගේම මාස ගණනාවක දැඩි කැපවීම සහ නොසැලෙන උත්සාහයේ ප්‍රතිඵලයක්. අපගේ අවසානය දක්වා විශිෂ්ට කැපවීමක් පෙන්නුම් කළා.

පසුගිය වසරේ සිය අපගේ කණ්ඩායම් සැලසුම් ඉහළ නංවා ගැනීමට කණ්ඩායම කළ කැපවීම් අගය කළ යුතුයි. මෙම ජයග්‍රහණය හුදෙක් තරගාවලි ජයක් පමණක් නොවන අතර ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ජාත්‍යන්තරයේ ක්‍රීඩා කිරීමට හැකි බව ඔප්පු කිරීමයි.

කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයින් ලෙස Spider Plus Construction Equipment Trading LLC, IMM Consult කටයුතු කළ අතර සම අනුග්‍රාහකයින් ලෙස Tap Tap Send, Thambapanni Restaurants, Lion Beer, සහ ORUAE යන ආයතන කටයුතු කළා.

ප්ලැටිනම් අනුග්‍රාහක Siraj Finance විශාල සහයක් හිමි වූ අතර නිල මාධ්‍ය හවුල්කරු ලෙස කටයුතු කළේ ThePapare ආයතනයයි.

මෙම ජයග්‍රහණය ජාත්‍යන්තර රග්බි පිටියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට දස්කම් දැක්වීමට හැකි ආකාරය සහ ශ්‍රී ලංකා පාසල් ආදි ශිෂ්‍ය කණ්ඩායම් වල ඇති හැකියාව ද මැනවින් පෙන්නුම් කරයි.

ජයග්‍රාහී රෝයල් ටස්කර්ස් කණ්ඩායමේ සාමාජිකයන්.

 

ඩයන් දිද්දෙණිය (නායක), අර්ෂද් ජමල්දීන් (උප නායක), චාමර දබරේ, ජනිදු දිල්ෂාන්, හසන්ත මිහිඳුකුලසූරිය, දුලාර දනුෂ, නලීෂ හෙට්ටිආරච්චි, යාසීන් යූසුෆ්, ඩික්සන් ඇන්තනී, දිනුෂ ලක්ෂිත, අක්බෝ පෙරේරා, හෂාන් මධුරංග

දෙස්, විදෙස් රග්බි පිටියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>>තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න<<