හසිනි සහ හසාරාට අප්‍රිකාවේ දී තවත් ජයක්

3
Hasini & Hasara won Silver in South Africa

ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලි ත්‍රිත්වයකට සහභාගි වීම සඳහා අප්‍රිකානු මහාද්වීපයේ සංචාරයක නිරත හසිනි අම්බලන්ගොඩගේ සහ හසාරා විජේරත්න තවත් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

කේප් ටවුන් නුවර ඇක්සස් පාක් හි ජෝන් ටයර්ස් ශාලාවේ පැවැති මෙම තරගාවලියේ කාන්තා යුගල අවසන් මහා තරගයට එක්වූ හසිනි සහ හසාරා දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් වන ඇමී ඒකර්මන් සහ ඩයිඩ්‍රි ලොරේන්ස් හමුවේ ලකුණු 21-14ක් සහ 21-14ක් ලෙස පරාජයට වුනා.

ඒ අනුව පසුගිය නොවැම්බර් මාසයේ 14 වැනිදා සිට දෙසැම්බර් 1 වැනිදා දක්වා පැවැති  අප්‍රිකානු මහාද්වීපයේ දීර්ඝ සංචාරයේ තරගාවලි ත්‍රිත්වයේදි රන් පදක්කමක් සහ රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට හසිනි සහ හසාරා සමත් වීම විශේෂත්වයක්.

එම සංචාරයේ පළමු තරගාවලිය ලෙස සැම්බියා ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ගත් මෙම යුගලය පසුගියදා බොට්ස්වානා හි පැවැති ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියේදී රන් පදක්කම දිනාගනු ලැබුවේ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනකු ලෝක බැඩ්මින්ටන් සම්මේලන තරගාවලියක යුගල ශූරතාව දිනාගත් පළමු අවස්ථාව ඉතිහාසයට එක් කරමිනුයි.

ඒ අනුව ඉතා සාර්ථක සංචාරයක් හසිනි සහ හසාරා නිමාවට පත් කළේ රන් පදක්කමක් සහ රිදී පදක්කම් ද්විත්වයක් ජයග්‍රහණය කරලයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<