නිමා වෙමින් පවතින 2024 වසරේ මලල ක්රීඩා ඉසව්වල දක්ෂතම ක්රීඩක/ක්රීඩිකාවන් වෙනුවෙන් සම්මාන ප්රදානය කිරීම ඊයේ (01) රාත්රියේ දී සිදු කෙරුණා.
මෙහි දී වසරේ මලල ක්රීඩකයා ලෙස සම්මාන දිනා ගැනීමට බොස්ට්වානා හි Letsile Tebogo විසින් සමත් වූ අතර, මලල ක්රීඩිකාව ලෙස සම්මාන දිනා ගැනීමට නෙදර්ලන්තයේ Sifan Hassan සමත් වීම විශේෂත්වයක්.
Sifan Hassan විසින් ගෙවී ගිය වසරේ පැවැත්වුණු ඔලිම්පික් උළෙලේ දී ලෝකඩ පදක්කම් දෙකක් සහ රන් පදක්කමක් ජයග්රහණය කිරීමට සමත් වූ අතර, එම ලෝකඩ පදක්කම් ද්විත්වය මීටර් 5000 සහ 10000 ඉසව්වලින් ජයග්රහණය කළ අතර, ඔලිම්පික් උළෙලේ අවසන් ඉසව්ව වූ කාන්තා මැරතන් ඉසව්වෙන් ඇය නව ඔලිම්පික් වාර්තාවක් ද සමඟින් රන් පදක්කමක් ජයග්රහණය කිරීමට සමත් වුනේ ඔලිම්පික් ඉතිහාසයේ ක්රීඩිකාවක විසින් දැක්වූ ඉහළම දක්ෂතාවක් ප්රදර්ශනය කරමිනුයි.
මේ අතර බොට්ස්වානා දේශය වෙනුවෙන් පළමු ඔලිම්පික් රන් පදක්කම දිනා දීමට සමත් වෙමින් පිරිමි මීටර් 200 ඔලිම්පික් ඉසව්ව ජයග්රහණය කිරීමට සමත් වූ Letsile Tebogo එම රන් පදක්කම වෙනුවෙන් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ හය වැනි හොඳම කාලය ද වාර්තා කිරීමට සමත් වුනා. එමෙන්ම මීටර් 100 ඉසව්වෙන් හය වැනි ස්ථානය මෙන්ම, පිරිමි 400×4 ඉසව්වේ රිදී පදක්කම ද Tebogo සතු වුනා.
ගෙවුණු වසර පුරාවටම වඩාත් බලාපොරොත්තු තබා සිටි ඇමරිකාවේ Noah Lyles අබිබවා යමින් දක්ෂතා දැක්වීමට Tebogoට හැකි වීමත් විශේෂත්වයක්.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
මේ අතර ම Tebogo වසරේ විශිෂ්ටතම ජවන (Track) ක්රීඩකයා ලෙස ද සම්මාන දිනා ගැනීමට සමත් වන අතරේ, වසරේ විශිෂ්ටතම ජවන ක්රීඩිකාව ලෙස ඇමරිකාවේ Sydney McLaughlin-Levrone සම්මාන දිනා ගැනීමට සමත් වුනා. Sydney විසින් ගෙවී ගිය තරග සමයේ දී කාන්තා මීටර් 400 කඩුලු පැන දිවීම ඉසව්වේ ලෝක වාර්තාව දෙවරක් අලුත් කරමින්, එහි ඔලිම්පික් රන් පදක්කම ද ජයග්රහණය කිරීමට සමත් වුනා. එමෙන්ම ඇය කාන්තා මීටර් 400×4 රන් පදක්කමට ද හිමි කම් කීවා.
මේ අතර Sifan Hassan ක්රීඩාංගණයෙන් පිටත (Out of Stadium) විශිෂ්ටතම මලල ක්රීඩිකාව බවට පත් වන අතරේ, මෙවර ඔලිම්පික් පිරිමි මැරතන් ඉසව්ව ජයග්රහණය කළ ඉතියෝපියාවේ Tamirat Tola එහි පිරිමි අංශයේ සම්මානය දිනා ගැනීමට සමත් වුනා.
මේ අතර වසරේ විශිෂ්ට පිටිය (Field) මලල ක්රීඩකයා ලෙස ස්වීඩනයේ Mondo Duplantis සම්මාන දිනා ගැනීමට සමත් වුනා. ගෙවුණු තරග සමයේ දී ඔහු විසින් තෙවරක් තම ඉසව්වේ ලෝක වාර්තාව බිඳ දැමීමට සමත් වූ අතර, මේ වන විට පිරිමි රිටි පැනීමේ ලෝක වාර්තාව මීටර් 6.26ක් ලෙස සටහන්ව පවතිනවා. එමෙන්ම ඔහු ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම ද ඉතා පහසුවෙන් ජයග්රහණය කිරීමට සමත් වුනා.
මේ අතර පිටිය ඉසව්වල හොඳම ක්රීඩිකාව ලෙස සම්මාන දිනා ගැනීමට යුක්රේනයේ Yaroslava Mahuchikh විසින් සමත් වූ අතර, ඇය ද මෙවර තම ඉසව්ව වූ කාන්තා උස පැනීම ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම ජයග්රහණය කිරීමට සමත් වුනා. එමෙන්ම ඇය මීටර් 2.10ක උසක් තරණය කරමින් නව ලෝක වාර්තාවක් ද පිහිටුවීමට මෙම වසරේ දී සමත් වීම විශේෂත්වයක්.
වසරේ නැගී එන ක්රීඩිකාව ලෙස සම්මාන හිමි කර ගැනීමට ඉතියෝපියාවේ Sembo Almayew ස්මත් වන අතරේ නැගී එන ක්රීඩකයා ලෙස සම්මාන දිනා ගැනීමට ඉතාලියේ Mattia Furlani සමත් වුනා. මොවුන් දෙදෙනා ම මෙවර ඔලිම්පික් උළෙලේ දී ද විශිෂ්ට දක්ෂතා දැක්වීමට සමත් වූ අතර, ඒ අතුරිනුත් Furlani විසින් පිරිමි දුර පැනීම ඉසව්වේ ඔලිම්පික් ලෝකඩ පදක්කම ජයග්රහණය කිරීමට සමත් වීමත් විශේෂත්වයක්.
දෙස් විදෙස් මලල ක්රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්රී ලංකාවේ අංක එකේ ක්රීඩා නාලිකාව ThePapare සමඟින්.
>>තවත් මලල ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<