Gerald Coetzee දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතයෙන් ඉවතට

Sri Lanka Tour Of South Africa 2024

94
Gerald Coetzee ruled out of second test against sri lanka due to an injury

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයට සහභාගී වීමේ අවස්ථාව දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක Gerald Coetzee හට අහිමි වී ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර Durban හිදි පැවැත්වුණු පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය තුළ ආබාධයකට ලක් වීමට නිසා Coetzeeට පිටියෙන් ඉවත් වීමට සිදු වුනා.

මෙම ආබාධය නිසා ඔහුට ඉදිරි සති හයක කාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත් වී සිටීමට සිදු වන බව වාර්තා වන අතර, මේ හේතුව ඔහුට ඉදිරියේ දී පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය ද අහිමි ව යනු ඇති.

මේ අතර ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 05 වැනි දා Gqeberha හිදි පැවැත්වීමට නියමිත අතර, මෙහි දී Coetzee වෙනුවට යොවුන් ක්‍රීඩක Kwena Maphaka දකුණු අප්‍රිකානු සංචිතයට එක් කර තිබෙනවා.

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<