එළැඹෙන වසරේ පෙබරවාරි මස 9 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත වයස අවුරුදු 50ට වැඩි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
18 දෙනෙක්ගෙන් සමන්විත මෙම කණ්ඩායමේ නායකත්වයට ශේන් ප්‍රනාන්දු නම් කර ඇති අතර උප නායකත්වය හිමි ව ඇත්තේ රුවින් පීරිස් වෙතයි. ඔහු නිමා වූ ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකණුලාභී පිතිකරුයි.
ඔවුන් දෙදෙනාට අමතර ව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කළ උපුල් චන්දන, ඉන්දික ද සේරම් සහ සමන් ජයන්ත ද මෙම කණ්ඩායමේ සාමාජිකයන් ව සිටිනවා. පසුගිය ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වූ සුවන්ජි මදනායක ද මෙම කණ්ඩායමට ඇතුලත් අතර තරග තීරකවරයෙක් ලෙසින් කටයුතු කරන වෙන්ඩල් ලැබ්රෝයි ද මෙම කණ්ඩායමට එක් ව සිටිනවා.
නම් කරන ලද කණ්ඩායමට මේ වන විට විදෙස් ගතව සිටින ක්‍රීඩකයන් 5 දෙනෙක් ද ඇතුලත් අතර කණ්ඩායමේ පුහුණුකරු ලෙස හර්ෂ ද සිල්වා ද කළමනාකරු ලෙසින් ශාන්ත ගුණසේකර ද කටයුතු කරනවා.
තෙවැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලිය ආරම්භ වෙන්නේ 2018 වසරේදීයි. එම වසරේ ශූරයන් බවට පත් වෙන්නේ ඔස්ට්‍රේලියාවයි. ඊට පසුව 2023 වසරේ දී පැවැති 2 වැනි ලෝක කුසලාන තරගාවලියේ දී එංගලන්තය ජයග්‍රහණය කිරීමට සමත් වූවා.
- ත්‍රිවිධ හමුදා මෙහෙයුම් පරාජය කළ Marians කෙල්ලෝ
- ටෙස්ට් ලෝක වාර්තා පොත් පෙරළූ ඒ අසහාය තරගය
- ක්‍රීඩා අමාත්‍ය ධුරය සුනිල් කුමාර මහතාට
- Lanka T10 තරගාවලි කාලසටහන ප්‍රකාශයට පත් කරයි
- විශ්වවිද්‍යාල ක්‍රිකට් පිටියේ අරගලකරුවෝ
ශ්‍රී ලංකා වයස අවුරුදු 50ට වැඩි ක්‍රිකට් කණ්ඩායම –
ශේන් ප්‍රනාන්දු (නායක), රුවින් පීරිස් (උප නායක), ඩිල්ශාන් අමරසිංහ, පුඤ්ඤකාන්ත අබේගුණසේකර, උපුල් චන්දන, ඉන්දික ද සේරම්, ඩිලෝන් ෆර්ඩිනැන්ඩස් (ඔස්ට්‍රේලියා), රොරි ඉන්ග්‍රම් (එංගලන්තය), රසල් ඉන්ග්‍රම් (ඔස්ට්‍රේලියාව), සමන් ජයන්ත, වෙන්ඩල් ලැබ්රෝයි, සුවන්ජි මදනායක, කාමන් මාපටුන, රවී පෙරේරා (නවසිලන්තය), චමින්ද රාජපක්ෂ, දුමින්ද සෝමවීර, පුජීත උඩුවන, දමින්ද විජේසේකර (ඔස්ට්‍රේලියාව).
- පුහුණුකරු – හර්ෂ ද සිල්වා (ඔස්ට්‍රේලියාව)
- කළමනාකරු – ශාන්ත ගුණසේකර (ඔස්ට්‍රේලියාව)
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<