වෙළඳ සේවා මේස පන්දු සංගමය 70 වැනි වරටත් සංවිධානය කළ වෙළඳ සේවා විවෘත මේස පන්දු ශූරතාවලියේ විවෘත පිරිමි ඒකල ඉසව්වේ ශූරයා බවට පත් වීමට Seylan Bank කණ්ඩායම නියෝජනය කළ චලිත රංජන සමත් වුනා.
ඔහු මෙවර මෙම ශූරතාව දිනා ගන්නේ 10 වැනි වරටයි. ජාතික මේස පන්දු ශූරයා ලෙසින් සිව් අවස්ථාක් කිරුළ පැළඳ ඇති චලිත රංජන මේ වන පසුවෙන්නේ 43 වැනි වියේයි. මෙම තරගාමාලාවේ පිට පිට වසර 4ක් පරාජය වීමෙන් අනතුරුව ලත් මෙම ජයග්‍රහණය කරා යෑමේ දී වත්මන් මේසපන්දු ජාතික කණ්ඩාම නියෝජනය කරන ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ම ඔහු වෙතින් පරාජයට පත් වීම විශේෂත්වයක්.
ඒ අතුරින් පිරිමි ඒකල අවසන් පූර්ව වටයේ දී Emjay International ආයතනය නියෝජනය කරමින් තරග බිමට පිවිසි වත්මන් මේස පන්දු ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වන ප්‍රසාද් ද සිල්වා තරග වට 3-1ක් ලෙසින් පරාජය කිරීමටත් සහ අවසන් මහා තරගයේ දී වත්මන් ජාතික ශූරයා ලෙසින් කිරුළ පැළඳි සුපුන වරුෂවිතාන තරග වට 3-1ක් ලෙසින් පරාජය කිරීමටත් ඔහු සමත් වුනා.
ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පසුගියදා පැවැති මෙම තරගාවලියේ දී චලිත රංජන විසින් පිරිමි විවෘත ශූරතාවයට අමතර ව ලක්ෂිත චතුරංග හා එක්වෙමින් විවෘත පිරිමි යුගල ශූරතාවත් සහ වයස අවුරුදු 35ට වැඩි Masters ශූරතාවයත් ලෙසින් ත්‍රිත්ව ශූරතා දිනා ගත්තා.
මෙම තරගාවලියේ විවෘත කාන්තා ශූරතාවය MAS Holding ආයතනයේ හංසනී කපුගීකියන දිනා ගත් අතර ඇයත් සමඟින් අවසන් මහා තරගයට එක් වූයේ Alans Lanka ආයතනය නියෝජනය කළ එරන්දි වරුෂවිතාන.
- සුගත් තිලකරත්නට නව පාර්ලිමේන්තුවේ ඇමති ධුරයක්!
- 72 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියට දින නියම වෙයි
- සැම්බියා ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්
- කැරම් ලෝක කුසලානයේ අනුශූරතා ශ්‍රී ලංකාවට
- ශ්‍රී ලංකා පාපන්දුවේ වගකීම Abdulla Almutairiට හිමි වෙයි
තරග ප්‍රතිඵල
විවෘත පිරිමි ඒකල
ශූරතාව – චලිත රංජන (Seylan Bank)
අනුශූරතාව – සුපුන වරුෂවිතාන (99X)
තෙවැනි ස්ථාන – ප්‍රසාද් සිල්වා (Emjay International) / ලක්ෂිත චතුරංග (CDB)
විවෘත කාන්තා ඒකල
ශූරතාව – හංසනී කපුගීකියන (MAS Holding)
අනුශූරතාව – එරන්දි වරුෂවිතාන (Alaris Lanka)
තෙවැනි ස්ථාන – එනුරි බාලපටබැඳි (Millennium IT) / තුෂානි මුතුමානි (MAS Holding)
විවෘත පිරිමි යුගල
ශූරතාව – චලිත රංජන (Seylan Bank) සහ ලක්ෂිත චතුරංග (CDB)
අනුශූරයා – ප්‍රසාද් සිල්වා (Emjay International) සහ සුපුන වරුෂවිතාන (99X)
තෙවැනි ස්ථාන – සමිත් ප්‍රසාද් (Hayleys Group) සහ හෂාන් වීරකෝන් (Hayleys Group) / කේ. ඩබ්ලිව්. එම්. එස්. කදගොඩ (Samson Rubbers) සහ යොහාන් ප්‍රබෝධ (JP Crown Investment)
විවෘත කාන්තා යුගල
ශූරතාව – චමත්සරා ප්‍රනාන්දු (IFS R&D) සහ එරන්දි වරුෂවිතනා (Alaris Lanka)
අනුශූරතාව – හංසනී කපුගීකියන (MAS Holding) සහ තුශානි මුතුමාලි (MAS Holding)
තෙවැනි ස්ථාන – නයනා දිල්රුක්ෂි (Sysco Labs) සහ ගයුමි කෝට්ටගේ (Sysco Labs) / එනුරි බාලපටබැඳි (Millennium IT) සහ තරුක්ෂි පැහැසරා (IFS R&D)
මිශ්‍ර යුගල
ශූරතාව – ප්‍රසාද් සිල්වා (Emjay International) සහ චමත්සරා ප්‍රනාන්දු (IFS R&D)
අනුශූරතාව – සුපුන වරුෂවිතාන (99X) සහ එරන්දි වරුෂවිතාන (Alaris Lanka)
තෙවැනි ස්ථාන – චතුර වීරකෝන් (MAS Holding) සහ හංසනී කපුගීකියන (MAS Holding) / කසුන් පුංචිහේවා (Millennium IT) සහ එනුරි බාලපටබැඳි (Millennium IT)
ආධුනික පිරිමි ඒකල
ශූරතාව – මිනිඳු උපසේන (MAS Holding)
අනුශූරතාව – හෂාන් වීරකෝන් (Hayleys Group)
තෙවැනි ස්ථාන – පුන්සිසි කිරිදන (Synopsys Lanka) / චානක පෙරේරා (Fillrie)
ආධුනික කාන්තා ඒකල
ශූරතාව – රෝෂිනි දහනක (Code Gen)
අනුශූරතාව – සවින්දිනී කෝන්ගහකොටුව (MAS Holding)
තෙවැනි ස්ථාන – නිශානි වික්‍රමසිංහ (HNB) / කෝශලී මානවඩු (Dialog)
Masters පිරිමි ඒකල
ශූරතාව – චලිත රංජන (Seylan Bank)
අනුශූරතාව – යොහාන් ප්‍රබෝධ (JP Crown Investment)
තෙවැනි ස්ථාන – රාජ් මියැන්ඩෑඩ් (Sysco Labs) / මිහිඳු උපසේන (MAS Holding)
Masters කාන්තා ඒකල
ශූරතාව – නිශානි වික්‍රමසිංහ (HNB)
අනුශූරතාව – ඉනෝකා ගුණරත්න (HNB)
තෙවැනි ස්ථාන – නයෝමි දිල්රුක්ෂි (Sysco Labs) / ඩී. එස්. සී. ගොඩමුනේ (Peoples Leasing)
Masters ජ්‍යෙෂ්ඨ ඒකල
ශූරතාව – සමිත් ප්‍රසාද් (Hayleys Group)
අනුශූරතාව – නිස්සංක තිලකනන්ද (Hayleys Group)
තෙවැනි ස්ථාන – සුමිත් රෝහණ (Sysco Labs) / ගාමිණි මොරායස් (Astron Pvt Ltd)
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්,රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<